ඔස්ට්‍රේලියාවේ ගොවිපොළ වල සේවය කිරීම සඳහා නිපුණතාව සහිත විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේදී පනවා තිබූ වීසා නීති ලිහිල් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික සහ සත්ත්ව පාලන ක්ෂේත්‍රවල හිමිකරුවන්ට තම ශ්‍රම හිඟය පුරවාගැනීම සඳහා නිපුණතාව සහිත විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට වැඩි ඉඩක් ලැබේ.

Farmers වීසා
Farmers වීසා කෙරෙහි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අනුගමනය කරන ලිහිල් ප්‍රතිපත්ති හේතුවෙන් අදාළ විදෙස් සංක්‍රමණිකයින්ට වසර 4 ක රැකියා වීසාවක් හිමිවෙයි.
නමුත් ඔවුන් කෘෂිකාර්මික හෝ සත්ත්ව පාලන ක්ෂේත්‍රයක රැකියාවක නිරත විය යුතු අතර තම වීසාවලට නියම කරන ලද කලාපයේ රැකියා කරමින් වාසය කළ යුතු වෙයි.
මෙම ලිහිල් කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ Working Holiday Maker වීසා සහ Seasonal Worker යන වැඩසටහන් යටතේ ගොවිපොළ වලට සේවකයින් බඳවා ගැනීමේදී ඇති ශ්‍රම හිඟය වැනි අර්බුද සඳහා ප්‍රයෝගික විසඳුමක් ලැබෙනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විශ්වාස කරයි.
මෙනිසාම ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල රැකියා ලැයිස්තුවලද සංශෝධන වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ප්‍රධාන නගර වලට යාබදව පිහිටි ගොවිපොළ සඳහා සේවකයින් සොයාගැනීම එතරම් අපහසු නොවන නමුත් ප්‍රධාන නගර වලින් බැහැරව පිහිටා ඇති ගොවිපොළ සඳහා සේවකයින් සොයා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බවනිරිත දිග සිඩ්නි කලාපයේ Picton ප්‍රදේශයේ කිරි ගොවිපොළක් පවත්වාගෙන යන John Fairley, SBS පුවත් වෙත පැවසීය.
එමෙන්ම මේ හරහා බොහෝ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට වරම් ලැබෙන බවත් එහිදී තම පවුලේ සාමාජිකයින් සමගම ඔවුනට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව ලැබීම විශේෂත්වයක් බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගොවීන්ගේ එකමුතුවේ Gracia Kusuma පැවසුවාය.

ඇතැම් කෘෂිකාර්මික අංශ වලට වාසියක් නොලැබෙයි.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම වීසා නීති ලිහිල් කිරීම් ඇතැම් කෘෂිකාර්මික අංශ වලට වාසියක් නොගෙනෙන බව වාර්තා වේ.
Horticulture වැනි නිපුණතාව අඩු මට්ටමක සේවකයින් අවශ්‍ය කෙරෙන ක්ෂේත්‍ර සඳහා මෙයින් එතරම් වාසියක් නොවන බව සඳහන්.
විශේෂයෙන්ම ගොවි පොළවල අස්වනු නෙලීම සඳහා අවශ්‍ය පුද්ගලයින්, එම අස්වනු තෝරනු ලබන පුද්ගලයින් මෙන්ම ඒවා ඇසුරුම් කරන පුද්ගලයින් හට මෙම වීසා නීති ලිහිල් කිරීමෙන් එතරම් වාසි දායී ප්‍රතිඵල අත්නොවන බව ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය Joanna Howe පවසයි.

ක්‍රීඩකයින් සඳහා නව වීසා
මේ අතර අනුග්‍රහය ලත් ක්‍රීඩකයින්ට සහ කලාකරුවන්ටද වසර 8 ක නව ඔස්ට්‍රේලියානු වීසා ක්‍රමයක් හඳුන්වා දී ඇතැයි News Corp Australia වාර්තා කරයි.
ඒ අතරට පා පාපන්දු ක්‍රීඩකයින්, ටෙනිස් පුහුණුකරුවන් වැනි වෘත්තීන් ඇති බවත් ඒවා හරහා ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඉඩ සලසාගත හැකි බවත් සඳහන්.
විශේෂයෙන්ම මේ හරහා ජාත්‍යන්තරයේ සිටින දක්ෂ පා පාපන්දු ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ඔස්ට්‍රේලියාවේ පා පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පැවසීය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

