ඔස්ට්‍රේලියාවේ ජනගහනය වර්ධනය වීමට සාපේක්ෂව ආර්ථිකය වර්ධනය නොවන බවත් එය පසුගිය වසර කිහිපයක පටන් පහත බසින බවත් වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ඔස්ට්‍රේලියාවේ දළ දේශීය නිෂ්පාදිතය සහ ජනගහනය සංසන්දනය කර බලු විට මේ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවාගත හැකිය.

ඔස්ට්‍රේලියාවේ දළ දේශීය නිෂ්පාදිතය පහළට
නොකඩවා තුන්වන කාර්තුවේදීත් ඔස්ට්‍රේලියාවේ දළ දේශීය නිෂ්පාදිතය පහත බැස ඇති බව ABC පුවත් සේවය වාර්තා කාරයි.
හතරවන කාර්තුවේද එය පහත බසිනු ඇතැයි මේ වන විට ආර්ථික විශේෂඥයින් අනාවැකි පළ කරයි.
එසේවුවහොත් ඔස්ට්‍රේලියාවේ සැලකිය යුතු ආරථික කඩා වැටීමක් ඇතිවන බව ඔවුන් පෙන්වා දෙයි.

ජනගනයට සාපේක්ෂව ආර්ථිකය
කාර්තුවකට ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය 0.4% කි.
එනම් එය වසරකට 1.6% කි.
කාර්තුවකට ඔස්ට්‍රේලියාවේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වීම 0.4% ක් වුවද එය ජනගහන වර්ධනයට සාපේක්ෂව පහත අගයක් ගනී.
පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානු ආර්ථිකයෙන් 15% කට හිමිකම් කීමට ඉදිකිරීම් ක්ෂේත්‍රය සමත් විය.
මේ අතර පාරිභෝගික මිලදී ගැනීම් සමස්ත ආර්ථිකයෙන් වැඩිම කොටසකට හිමිකම් කීය.
එය ඕස්ට්‍රේලියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 60% කි.
කෙසේවෙතත්, කාර්තුවකදී දළ දේශීය නිෂ්පාදිතය 0.4% කට වඩා පහත බැසහොත් ඔස්ට්‍රේලියානුවාසීන්ගේ සාමාන්‍ය ජීවන තත්ත්වය ආපස්සට යෑමක් බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ අනෙක් පැති
ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ මිල ගණන් කඩා වැටීමද නොකඩවා සිදුවෙමින් පවතී.
සිඩ්නි සහ මෙල්බර්න් ප්‍රමුඛ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල නිවාස මිල ගණන් පහත බැසීම මෙන්ම නිවාස වෙළෙඳ පොළේ අලෙවි නොවී පවතින නිවාස ප්‍රමාණය ක්‍රමිකව ඉහළ යාම මේ තත්ත්වය තවත් උග්‍ර කරවයි.
නිවාස මිලට ගන්න්නගේ ඉල්ලුමද ඉතා දුර්වල වීම මේ තත්ත්වය තවත් බරපතල ස්ථානයකට ඇද දමයි.
මේ අතර රැකියා උත්පාදනයද සාපේක්ෂව අවම මට්ටමක පවතින බව පෙනී යයි.
රැකියා කප්පාදු කිරීම්ද ඔස්ට්‍රේලියාවේ සිව් දෙසින් සිදුවෙමින් පවතී.
නිවාස ඉදිකිරීමේ ප්‍රතිශතයද පසුගිය කාර්තු දෙකෙහිම පහත බසින්නට වී ඇති අතර නිවාස ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා ගැනීම් ද 20% කින් පහත බැස තිබේ.
2017 වසරේ තුන්වන කාර්තුව වන විට ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ ආර්ථිකයේ ඉහලම මට්ටමේ පැවතුණි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය තවමත් 1.5% මට්ටමේ පවත්වාගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තීරණය කර තිබේ.
නමුත් එය මේ වසර අග භාගය වන විට හෝ ලබන වසරේදී හෝ ඉහළ යාමට බොහෝ විට ඉඩ ඇති බව ආර්ථික ප්‍රවීණයෝ මත පළ කරති.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

