ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ කඩා වැටීම පසුගිය වසර කිහිපය මුළුල්ලේ සිටම සිදුවෙමින් පවතී.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
විශේෂයෙන්ම ලොව මිල අධිකම නිවාස වෙළෙඳපොල ද්විත්වයක් වන සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳපොලේද මිල ගණන් නොසිතු ලෙස පහත බැසීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස වෙළෙඳපොලෙහි අගයද ක්‍රමිකව පහළ බසින්නට විය.

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් කඩා වැටීමට ප්‍රධානතම හේතුව
ඉහළ බැංකු පොළී අනුපාතික, විරැකියාව, රාජකීය බැංකු කොමිසම වැනි සාධක ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් කඩා වැටීමට ප්‍රධානතම හේතු බවට බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන් විශ්වාස කරයි.
නමුත් ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe ඒ සඳහා වෙනත් ප්‍රධාන හේතුවක් ඇති බවත් එය සැවොම පුදුම කරවන එකක් බවත් පැවසීය.
ඔස්ට්‍රේලියාවේ ජනගහනය ශීග්‍රව ඉහළ යාම, ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් කඩා වැටීමට ප්‍රධානතම සාධකය බව Philip Lowe පසුගියදා Australian Financial Review හි ව්‍යාපාරික සමුළුවේදී පැවසූ බව news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.
ශීග්‍රව ඉහළ යන ජනගහනයේ ඉල්ලුමට සරිලන සැපයුමේ හිඟ බව නිසා මේ තත්ත්වය ඇතිවීමට මූලිකම හේතුව වූ බවත් පසුව එම හිඟ සැපයුම සම්පූර්ණ කරගෙන යාමේදී ක්‍රමිකව නිවාස මිල පහත බැස යන බවක් පෙනෙන්නට තිබෙන බවත් ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පෙන්වා දුන්නේය.
මේ අතර වත්මන් නිවාස වෙළෙඳ පොළේ ඇතිවී ඇති කඩාවැටීමට පොලී අනුපාත හෝ විරැකියාව කිසි ලෙසකින් හෝ බලපා නොමැති බවද ඔහු පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළෙහි නැග්ම සහ බැස්ම
2012 - 2017 අතර පස් වසරක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ මිල ගණන් 50% කින් පමණ ඉහළ ගිය බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු අධිපතිවරයා පැවසීය.
නමුත් එතැන් පටන් නිවාස වෙළෙඳ පොළ 9% කින් පමණ කඩා වැටෙමින් පවතින බවත් සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ කඩාවැටීම ඊට ප්‍රධානතම හේතුව වූ බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.
ඔස්ට්‍රේලියාවේ ජනගහනය කැපී පෙනෙන ලෙස වර්ධනය වීම ආරම්භ වීමත් සමග නිවාස ක්ෂේත්‍රයේ සංශෝධන කිහිපයක් සිදුවන්නට විය.
වැඩිවන ජනගහනයට සාපේක්ෂව නිවාස ඉදිකිරීම සැලසුම් කිරීම, ඒ සඳහා නගර සභා වලින් අනුමැතිය ගැනීම, ඉදිකිරීම් සඳහා මුල්‍ය ප්‍රතිපාදන සූදානම් කරගැනීම, යනාදියට වැඩි කාලයක් පෙරට වඩා වැය කිරීමට වත්මනයෙදී සිදුවී ඇතැයි ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පැවසීය.
මේ අතර නිවාස සඳහා බැංකු ණය ලබා දීමේදී අනුගමනය කරන පටිපාටිය දැඩි කිරීම නිසා ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් කඩා වැටුණු බවට පැතිරී යන මතය මධ්‍යම බැංකු අධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි.

80 දශකයේත් මෙලෙසම සිදුවිය.
වර්තමානයේ නිවාස වෙළෙඳ පොළ කඩාවැටුණු අයුරින්ම වසර 2008 දී සහ වසර 2010 දී ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටුණු බව ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පැවසීය.
මේ සංසිද්ධිය මෙලෙසින්ම 80 දශකයේත් වාර දෙකකදී සිදුවූ බව ඔහුගේ කතාවේදී හෙළි කළේය.
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය තවමත් 1.5% මට්ටමේ පවත්වා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තීරණය කළ නමුත් එය මේ වසරේ අග භාගයේදී සුළු ප්‍රමාණයකින් ඉහළ යාමට ඇති බවත් වාර්තා වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

