පසුගිය ඉරිදා (10/03) අනතුරට පත්වූ ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය පිළිබඳ මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමුව තිබේ.
Boeing 737 MAX-8 වර්ගයට අයත් මෙම ගුවන් යානය ඉතියෝපියාවේ අගනුවර වූ අඩ්ඩීස් අබාබා සිට කෙන්යාවේ නයිරෝබි නුවර වෙත පියාසර කරමින් තිබියදී අනතුරට පත්ව තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
අඩ්ඩීස් අබාබා ගුවන් තොටින් පිටත්ව මිනිත්තු 6 ක් ගතවූ තැන එම අනතුර සිදුව ඇතැයි වාර්තා විය.
ඉතියෝපියානු ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සහ අවම වශයෙන් රටවල් 35 කින් පමණ පැමිණි ගුවන් මගීන් 149 දෙනෙකු මෙහි ගමන් කළ බවත් ඔවුන් 157 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මේ වන විට වාර්තා වේ.
අනතුරට පත්වූ යානයේ Digital Flight Data Recorder (DFDR) සහ Cockpit Voice Recorder (CVR) යන කළු පෙට්ටි ද්විත්වයම මේ වන විට සොයාගැනීමට හැකිවී ඇතැයි ඉතියෝපියානු ගුවන් සේවය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.
මෙම දැවැන්ත ගුවන් අනතුරත් සමග ලෝක ගුවන් සේවා ක්ෂේත්‍රයේ සහ ගුවන් ගමන් වල මහත් කැළඹීල්ලක් හටගෙන තිබේ.
විශේෂයෙන්ම Boeing සමාගමේ අලුත්ම නිෂ්පාදනයක් වන මෙම Boeing 737 MAX-8 වර්ගයේ ගුවන් යානා දෝෂ සහිත ඒවා බවත් ඒවායේ ගමන් කිරීම දැඩි අවදානම් සහගත බවත් ලොව පුරා මේ වන විට දැඩි මතයක් හටගෙන තිබෙන බව සඳහන්.

Boeing 737 MAX-8 වර්ගයේ දෙවැනි අනතුර
Boeing 737 MAX-8 වර්ගයට අයත් ගුවන් යානයක් අනතුරට පත්වූ දෙවැනි අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.
මීට මාස 6 කට පමණ පෙර එනම් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී Boeing 737 MAX-8 වර්ගයට අයත් ඉන්දුනීසියාවේ Lion Air ගුවන් සේවයේ 610 දරන ගුවන් යානය ද ජාවා මුහුදු තීරයට කඩා වැටී අනතුරට පත්විය.
Boeing 737 MAX-8 වර්ගයට අයත් ඉන්දුනීසියාවේ එම Lion Air ගුවන් යානයත් ගුවන් ගතවී මිනිත්තු 13 ක් ගතව ගිය තැන අනතුරට පත්ව තිබීම හේතුවෙන් Boeing 737 MAX-8 වර්ගයට අයත් ගුවන් යානා වල සමාන දෝෂයක් ඇත්දැයි මේ වන විට විශාල සැකයක් මතුව තිබේ.
එම Lion Air ගුවන් යානා අනතුරෙන් මගීන් 189 කට මරු කැඳවූ අතර හටගත් දෝෂය හෝ සිදුවුයේ කුමක්දැයි යන්න තවමත් නිසි පරිදි සොයාගත නොහැකිව තිබේ.

ඉතියෝපියානු අනතුරත් සමග ලොව පුරා Boeing 737 MAX-8 ගුවන් යානා ගොඩ බස්වයි.
ඉතියෝපියානු ගුවන් අනතුරත් සමග Boeing 737 MAX-8 වර්ගයට අයත් ගුවන් යානා මගින් සිදුකරන සියලු ගුවන් ගමන් අහෝසි කරන ලෙස චීනය තම සියලුම දේශීය ගුවන් සේවා (domestic airlines) වලට නියෝග කර තිබේ.
Boeing 737 MAX-8 වර්ගයට අයත් ගුවන් යානා දෙකක්ම මාස 6 ක් වැනි කෙටි කාලයක් තුළ මගීන් 300 කට අධික සංඛ්‍යාවකට මාරු කැඳවීම හේතුවෙන් ආරක්‍ෂිත උපාය මාර්ගයක් සේ මෙම තීන්දුව ඔවුන් ගෙන ඇතැයි වාර්තා වේ.
මේ අතර දකුණු කොරියාවේ budget ගුවන් සේවාවක් වන Eastar Jet ගුවන් සේවයේ යොදවා ඇති Boeing 737 MAX 8 වර්ගයේ ගුවන් යානා දෙකද වහාම ගොඩබස්වා ඒවායේ ඉදිරි ගුවන් ගමන් අවලංගු කරන ලෙස දකුණු කොරියාවේ ප්‍රවාහන අමාත්‍යංශය දැනුම් දී තිබේ.
ඒවා නැවත වරක් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු බව ඔවුන් අවධාරණය කර සිටියි.
මේ අතර මොන්ගෝලියා ගුවන් සේවයට අයත් එකම Boeing 737 MAX 8 වර්ගයේ ගුවන් යානයේද සියලු ගුවන් ගමන් අවලංගු කර දමන ලෙස මොන්ගෝලියානු සිවිල් ගුවන් අධිකාරිය නියෝග කර තිබේ.
එමෙන්ම ඉත්යෝපියානු, Cayman සහ දකුණු අප්‍රිකානු ගුවන් සේවා ද තමන් සතු Boeing 737 MAX 8 වර්ගයේ ගුවන් යානා ගොඩබස්වා ඒවායේ ගුවන් ගමන් අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.
අනතුරට පත්වූ Boeing 737 MAX 8 වර්ගයේ යානය හැර ඉත්යෝපියානු ගුවන් සේවයට තවත් එවැනි යානා 4 ක් ඇති බවද වාර්තා වේ.

Boeing 737 MAX 8 වර්ගයේ ගුවන් යානා වල ගුවන් ගමන් අවලංගු කළ ගුවන් සේවාවන්
චීන ගුවන් සේවාවන්
- Shenzhen Airlines
- China Eastern Airlines
- Air China
- Okay Airways
- Kunming Airlines
ඉන්දුනීසියානු ගුවන් සේවාවන්
- Garuda Indonesia
- Lion Air
අනෙකුත් ගුවන් සේවාවන්
- Ethiopian Airlines
- Cayman Airways
- Comair
- Mongolia Airlines
- Eastar Jets

ඔස්ට්‍රේලියානු ගුවන් සේවා වල Boeing 737 MAX 8 වර්ගය ක්‍රියාත්මක ද?
ඉන්දුනීසියාවේ සහ ඉතියෝපියාවේ අනතුරු කෙසේවුවත් Boeing 737 MAX 8 වර්ගයේ ගුවන් යානා මාදිලිය තවමත් ගුවන් ගමන් සඳහා ආරක්ෂාකාරී බව ඔස්ට්‍රේලියානු ගුවන් සේවා මෙහෙයුම් ප්‍රවීණයකු වන මෙල්බර්න් නුවර Swinburne විශ්ව විද්‍යාලයේ ආචාර්ය Peter Bruce, SBS පුවත් වෙත පැවසීය.
අනතුරට පත් Boeing 737 MAX 8 වර්ගයේ ගුවන් යානා වල එම අනතුරු සිදුවීමට හේතු නිසි පරිදි අනාවරණය කෙරෙන තෙක් මෙහි පැහැදිලි චිත්‍රයක් මවාගත නොහැකි බව ඔහු පෙන්වා දෙයි.
නමුත් තවමත් මෙම ගුවන් යානා මාදිලිය අයත් ලොව ප්‍රමුඛතම ගුවන් සේවාවන් එම යානා ගුවන් ගමන් සඳහා යොදවා ඇති බව ඔහු පැවසීය.
ඔස්ට්‍රේලියාවටද මේ වසර අග භාගය වන විට Boeing 737 MAX 8 වර්ගයේ ගුවන් යානා ගෙන්වීමට ඇණවුම් කර ඇතැයිද සඳහන්. Virgin Australia ගුවන් සේවය Boeing 737 MAX 8 වර්ගයේ ගුවන් යානා 30 ක් ඇණවුම් කර ඇති බවත් ඒවායින් පළමු ඛාණ්ඩය මේ වසර අග භාගයට පෙර ඔස්ට්‍රේලියාවට ලැබෙන බවද වාර්තා වේ.
කෙසේනමුත්, තම ඇණවුම අවලංගු කරනවාද යන්න තීරණය කිරීමට තවමත් කල් වැඩි බව Virgin Australia ගුවන් සේවයේ නියෝජිතයෙකු SBS පුවත් වෙත පැවසීය.

තවමත් Boeing 737 Max 8 ගුවන් ගත කරන ගුවන් සේවාවන් මොනවාද?
ඇතැම් රටවල් Boeing 737 Max 8 වර්ගයේ ගුවන් යානා වල ගුවන් ගමන් අවලංගු කර දැමූ නමුත් ලොව තවත් රටවල ගුවන් සේවා එම වර්ගයේ ගුවන් යානා වල ගුවන් ගමන් තවමත් සිදු කරමින් පවතී.
Fiji, Russia, the US, Canada, Turkey, Italy, Norway, Brazil, Iceland, Singapore සහ Dubai රටවලට අයත් ගුවන් සේවාවන් වල Boeing 737 Max 8 වර්ගයේ ගුවන් යානා සුපුරුදු පරිදි තම ගුවන් වාරවල යෙදෙමින් පසුවෙයි.
මේ අතර Boeing 737 Max 8 වර්ගයේ දෝෂයක් තිබේදැයි සහ එහි ආරක්ෂක තත්ත්වය පිළිබද සැක හැර දන ගැනීමට ඕමාන් ගුවන් සේවය Boeing සමාගම ඇමතු බවද වාර්තා විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙල්බර්න් - කොළඹ ගුවන් යානය
මෙල්බර්න් - කොළඹ අතර ක්‍රියාත්මක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් සඳහා යොදාගන්නේ Airbus A330 - 300 මාදිලිය බව ශ්‍රී ලංකන් ගුවන් සේවය වාර්තා කරයි.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් සියලුම ගුවන් යානා Airbus සමාගම විසින් නිපදවන ලද ගුවන් යානා වන අතර Boeing සමාගමේ කිසිදු ගුවන් යානයක් නොමැති බවද වාර්තා වේ.
---------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන් )
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
-----------------------------------------------------------------------------------------------

