ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කිරීමේදී ලබාගත යුතු Trade Skills Assessment වල වෙනස්කම් කිහිපයක්. (SBS සිංහල/වාර්තා)

Skilled Workers

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මෙන්ම රැකියා වීසා ලබා ගැනීමේදී තමන්ගේ නිපුණතාවන් ඇගයීමකට ලක් කෙරෙන Trade Skills Assessment වැඩසටහනේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට Trades Recognition Australia (TRA) පියවර ගෙන තිබේ.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඔස්ට්‍රේලියාව තුළ සිට හෝ විදෙස් රටක සිට නිපුණතා සංක්‍රමණික වීසා හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට අපේක්ෂා කරන පුද්ගලයින් තමන්ගේ වෘත්තීය සුදුසුකම් ඇගයීමකට ලක් කළ යුතුය.

Skilled Workers
Source: Flickr

Trade Skills Assessment වැඩසටහනේ වෙනස්කම්

2019 මාර්තු 01 වන දින සිට Trade Skills Assessment වැඩසටහනේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති අතර  ඒවා පහත වැඩසටහන් කෙරෙහි බලපාන බව tradesrecognitionaustralia වෙබ් අඩවිය පවසයි.

  • TSS Skills Assessment Program (TSS program)
  • Offshore Skills Assessment Program (OSAP)
  • Trades Recognition Service (TRS)
Skilled Workers
Source: Getty Images

01. සේවායෝජකත්වය සහ පුහුණුව පිළිබඳ සුදුසුකම් ඇගයීමේ අවශ්‍යතාවන් සංශෝධනය කිරීම.

තමන්ගේ නිර්දේශිත වෘත්තීය සඳහා අයදුමකරුවන් ඉදිරිපත් කළ යුතු සේවායෝජකත්වය සහ පුහුණුව පිළිබඳ සුදුසුකම් පහත පරිදි සංශෝධනය කළ යුතුය.

  • Licensed trade with no formal training – වසර 6 ක සේවා පළපුරුද්ද
  • Licensed trade with formal training – වසර 4 ක සේවා පළපුරුද්ද
  • Non-licensed trade with no formal training – වසර 5 ක සේවා පළපුරුද්ද
  • Non-licensed trade with formal training – වසර 3 ක සේවා පළපුරුද්ද

මෙහිදී formal training හෙවත් නිල පුහුණුව ලෙස හඳුන්වා ඇත්තේ ඒ ඒ රටවල අදාළ වෘත්තීන් හට ඇති ජාතික මට්ටමේ පුහුණුව වෙයි.

Skilled Workers
Source: AAP

02. ඇගයීම් ගාස්තු සංශෝධනය

2019 මාර්තු 01 වන දින සිට TSS, OSAP සහ TRS යන වැඩසටහන් වල නිපුණතා ඇගයීම් සඳහා අයදුම් කිරීමේදී ඒවායේ ගාස්තු Trades Recognition Australia වෙත සෘජුවම ගෙවිය යුතු වේ.

සංශෝධිත ඇගයීම්  ගාස්තු පහත පරිදි වේ.

Skilled Workers
Source: www.tradesrecognitionaustralia.gov.au

03. සාක්ෂි සහ අනෙකුත් ලිපි ලේඛන සැපයීම

නිපුණතා ඇගයීම සඳහා අයදුම්පත් යොමු කිරීමේදී මුදල් ගෙවන විටම තමන්ගේ සේවා යෝජකත්වය සනාථ කිරීම සඳහා වන සියලු ලිපි ලේඛන යොමු කළ යුතු අතර මුදල් ගෙවීමෙන් අනතුරුව කිසිදු ලේඛනයක් සැපයිය නොහැක.

*********************************************************************

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 


2 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now