ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08/03) යෙදී තිබේ.
එය නිමිතිකොටගෙන ලොව විවිධ රටවල සිටින කාන්තාවන් සහ ඔවුන්ගේ අයිතීන් පිළිබඳ විවිධ කෝණ වලින් සාකච්ඡා කෙරේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ඔස්ට්‍රේලියාවේ වෙසෙන කාන්තාවන් පිළිබඳවද මේ වන විට ඔස්ට්‍රේලියානු සමාජයේ බහුලව සාකච්ඡාවට බඳුන්වෙමින් පවතියි.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන කාන්තාවන් පිළිබඳ දැනගත යුතු කරුණු 10 ක් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම කාන්තා වෙබ් අඩවියක් වන womensagenda වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

01. ලිංගික හිංසනයන් බහුල වීම
ඔස්ට්‍රේලියාවේ සිටින සෑම තරුණ කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු වර්තමානය වන විට ලිංගික හිංසනයට මුහුණ පාමින් සිටිනවා.
සේවාස්ථාන, අධ්‍යාපනික ස්ථාන මෙන්ම පොදු ස්ථාන වලදීද මෙලෙස කාන්තාවන් ලිංගික හිංසනයට ගොදුරු වන බව ඔවුන් පවසනවා.
මේ තත්ත්වය මගහරවා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය වහා පියවර ගත යුතු බව මේ සම්බන්ධයෙන් පර්යේෂණයක නිරතවූ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආචාර්ය Elizabeth Hill පැවසුවේය.

02. විශ්වාසවන්ත භාවය වර්ධනය කළද සේවා ස්ථාන වලදී එය කාන්තාවන්ට සහය නොවීම.
විශ්වාසවන්ත භාවය වර්ධනය කිරීමෙන් සේවා ස්ථාන වල සේවයේ නිඋතු පිරිමි පාර්ශවයට සහයක් හිමි වුවද කාන්තාවන්ට එයින් ප්‍රතිඵලයක් අත්නොවන බව RMIT විශ්ව විද්‍යාලයේ නව පර්යේෂණයකින් අනාවරණය කෙරුණි.
විශ්වාසවන්ත භාවය සහ පෞරුෂත්වය වර්ධනය කිරීමෙන් පිරිමි පාර්ශවයේ රැකියා උසස් වීම් ලබාගැනීම 3.3% කින් වර්ධනය වී ඇති නමුත් කාන්තාවන්ගේ කිසිදු ප්‍රගතියක් නිරූපනය නොවුණු බව සඳහන්.
බොහෝ සේවා ස්ථාන වල පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට තමන් පිළිබඳ ඇති විශ්වාසවන්ත භාවය අඩු බව ද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

03. අරමුදල් රැස් කිරීමේදී කාන්තා - පිරිමි විෂමතාවක් පැවතීම.
කාන්තා ව්‍යවසායකයින් ට සාපේක්ෂව පිරිමි ව්‍යවසායකයින් අරමුදල් රැස් කිරීමේදී ඉහළින් සිටින බව සඳහන්.
විවිධාකාර කාන්තා පිරිමි ව්‍යවසායකයින් 3000 ක් පමණ යොදාගෙන සිදුකල සමීක්ෂණයකින් මේ බව හෙළිවී තිබේ.

04. ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව පියවීමට එක රැයකින් හැකිවීම.
ඔස්ට්‍රේලියානු මුළු ජනගහනයෙන් කාන්තා නියෝජනය 50.7% ක් වන අතර ඔස්ට්‍රේලියාවේ රැකියා වල නියුතු පිරිසෙන් කාන්තාවන් 47% ක් බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාව තුළ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව කැපී පෙනෙන වෙනසකින් පැමිණෙමින් තිබෙන අතර මේ වන විට එය 15.3% ක ප්‍රතිශතයක් ගෙන තිබේ.
නමුත් ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය ආයතන සහ අනෙකුත් පුද්ගලික ආයතන වලට අවශ්‍ය නම් මෙම ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව එක රැයකින් පියවීමට හැකි බව womensagenda වෙබ් අඩවිය වාර්තා කරයි.

05. පිරිමින් මෙන්ම නායකත්වය දැරීමට කාන්තාවන්ද උන්නදුයි.
නායකත්වය දැරීමට කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව මැලිකමක් දක්වන බවට ලොව පුරා මතයක් පවතියි.
නමුත් එම මතය බිඳ දමමින් පසුගියදා ලොව ප්‍රමුඛතම රැකියා වෙබ් අඩවියක් වන SEEK වෙබ් අඩවිය සිදුකළ සමීක්ෂණයක තොරතුරු වලින් හෙළිවූයේ නායකත්වය සඳහා පිරිමින් සමග කරට කර සිටීමට ඔස්ට්‍රේලියානු කාන්තාවන්ද අපේක්ෂා කරන බවය.

06. පවුලේ වගකීම් තමන්ගේ දියුණුවට බලපාන බවට වද වීම.
ඔස්ට්‍රේලියාවේ සිටින වෘත්තීමය කාන්තාවන්ගෙන් අඩක් පමණ තම පවුල් සහ පවුලේ වගකීම් තමන්ගේ වෘත්තීමය ජීවිතයේ උන්නතියට බලපානු ඇතැයි වදවන බව නවතම PwC සමීක්ෂණයේදී හෙළිවී තිබේ.
එමෙන්ම මේ හේතුව නිසා බොහෝ කාන්තාවන් පවුල් ජීවිතයක් ආරම්භ කිරීම සම්බන්ධව දෙගිඩියාවකින් පසුවන බවද වාර්තා වේ.

07. ස්ත්‍රී - පුරුෂ සමාන නියෝජනයක් ඇති කළමනාකරණ කණ්ඩායම් සාර්ථක වීම.
විවිධ ක්ෂේත්‍ර 70 ක පමණ විවිධ සේවා අංශ වල නියුතුව සිටින ස්ත්‍රී - පුරුෂ කාන්තා කළමණාකරුවන් 50,000 ක් පමණ ගෙන වසර 5 ක් පුරාවට සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ස්ත්‍රී - පුරුෂ සමාන නියෝජනයක් ඇති කළමනාකරණ කණ්ඩායම් ඉතා සාර්ථක බවය.

08. ස්ත්‍රී - පුරුෂ වෙනස පිළිබඳ ඇති ඒකායන මතයට දෙමාපියන් අභියෝග කිරීම
අතීතයේ පටන් ළමුන්ගේ ස්ත්‍රී - පුරුෂ භාවය අනුව දෙමාපියන් විසින් වෙන් වෙන්ව සැලකීම සහ වගකීම් පැවරීම බහුලව දක්නට ලැබුණු සිදුවීමකි.
නමුත් වත්මන් ඔස්ට්‍රේලියාවේ බහුතරයක් දෙමාපියන් තම දරුවන්ගේ ස්ත්‍රී - පුරුෂ භාවය පිළිබඳ එම සාම්ප්‍රදායික මතයට අභියෝග කරමින් සියලු පාර්ශව වලට එකසේ සැලකීමත් වගකීම් පැවරීමත් සිදුකරන බව අනාවරණය වී තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

