ගුවන් ගමනකදී තමන් හට හිමිවන ආසනය ගුවන් මගියෙකුට අතිශය වැදගත්ය.
එම ආසනයේ ඇති සුවපහසුතාව මෙන්ම එම ආසනය පිහිටි ස්ථානය ද එම සම්පූර්ණ ගුවන් ගමන සඳහා බලපානු ඇත.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
බොහෝ මගීන් ගුවන් යානයක කවුළු අසළ පිහිටි ආසන ලබා ගැනීමට ප්‍රියතාවක් දක්වයි.
මේ අතර ඇතැම් ගුවන් මගීන් ආසන පේළියේ මැද පිහිටි අසුනක හිඳගෙන යාමට බොහෝ විට අකමැත්තක් දක්වයි.

කවුළු ආසන සහ පේළියේ මැද ආසන
දීර්ග ගුවන් ගමනක යෙදෙන ගුවන් මගියෙකු එම ගුවන් ගමන අවසාන වන තුරුම තම අසුනේ රැදී නොසිටියි.
එම කාලය අතරවාරයේ ඔහුට හෝ ඇයට වැසිකිළිය භාවිත කිරීමට මෙන්ම සිරුර පත්වන ඒකාකාරී බැවින් මිදීමට ස්වල්ප වේලාවක් සිටගෙන සිටීමට හෝ ඇවිද සිටීමට අවශ්‍ය වේ.
ඒ නිසාම අනෙකුත් මගීන්ට බාධාවක් නොවන අන්දමින් තම අසුනෙන් නැගිට එම කාර්යයන් සිදුකරගැනීමට ඔවුන්ට ඇත්තේ ඉතා සීමිත විකල්ප ප්‍රමාණයකි.
අසුන් පේළියක අයිනේ අසුනක් වෙන් කරගැනීම හෝ කවුළු ආසනයක් වෙන් කරගැනීම එම විකල්ප අතරින් ප්‍රධාන වේ.
යම් හෙයකින් අසුන් පේළියක මැද පිහිටි ආසනයක් ලැබුණහොත් තත්ත්වය තරමක් කරදරකාරී වෙයි.
මේ හේතුවෙන්ම බොහෝ ගුවන් මගීන් කවුළු ආසනයක් හෝ අසුන් පේළියක අයිනේ අසුනක් වෙන් කරගැනීමට බොහෝ විට උත්සහ දරයි.
නමුත් බොහෝ විට එම ආසන ඇතුළුව තවත් සුවපහසු ආසන අසුන් සැලැස්මේ යම් කිසි ලෙසකින් Block කර ඇති බවක් ඔබට අත්දකින්නට ලැබී ඇත.

හොඳ අසුන් වෙන් කිරීම සහ ඊට හේතු
මෙලෙස කවුළු ආසන ඇතුළු සුවපහසු ස්ථාන වල පිහිටි ආසන බොහෝ දුරට ගුවන් සේවයේ බලධාරීන් විසින් පෙරාතුව Block කරන බවට lifehacker වෙබ් අඩවිය වාර්තා කාරයි.
ඊට පහත සඳහන් හේතු ඔවුන් ඉදිරිපත් කර තිබේ.
1. ප්‍රභූ පැලැන්තියේ මගීන් සඳහා ආසන වෙන් කිරීම.
2. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ආසන වෙන් කිරීම. (කුඩා ළමුන්, ආබාධිත පුද්ගලයින් සමග ගුවන් ගතවන මගීන්ට)
3. ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ගිමන් නිවාගැනීම සඳහා ආසන වෙන් කිරීම.

Block කළ ආසනයක් ලබා ගන්නේ කෙසේද?
බොහෝ විට එවැනි Block කළ ආසන විවිධ හේතු නිසා අවසාන මොහොතේ හිස්වන බවද lifehacker වෙබ් අඩවිය වාර්තා කරයි.
එනිසාම ඔබට එම Block කළ ආසනයක් ලබාගැනීමට හැකියාව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
ඔබ ඔබේ ගුවන් ගමනට හැකි ඉක්මණින් Check in වුවහොත් එහිදී එම අවස්ථාව ලබාගැනීමට වැඩි ඉඩක් පවතියි.
එමෙන්ම ඔබට Online Check in වීමට හැකි නම් තත්ත්වය තවත් පහසු වීමට ඉඩ ඇති බවද සඳහන්.
මේ අතර ඔබගේ ගුවන් ගමනට අදාළ ගේට්ටුවේ සිටින gate agent වෙත ගොස් සාකච්ඡා කිරීමෙන් අනතුරුවද ඔබට Block කළ ආසනයක් ලබාගැනීමට වැඩි ඉඩක් ඇති බව lifehacker වෙබ් අඩවිය පවසයි.
ආසන සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වැඩි බලයක් gate agent හට තිබීම ඊට ප්‍රධාන හේතුව බව ඔවුන් පෙන්වා දෙයි.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------

