ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ ලබාගත් ඡායාරූපයක් මේ වන විට මුළු ලෝකෙයේම දැඩි ආන්දෝලනයකට ලක්ව තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
Instagram හරහා ප්‍රසිද්ධ වූ මෙම ඡායාරූපය මේ දිනවල සමාජ ජාල වල අතිශය ජනප්‍රියම ඡායාරූපය බවටද පත්ව තිබේ.

උන්මාදනීය ඡායාරූපය
පෘතුගාලයේ සිට සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි තරුණ යුවලක් (Raquel හා Miguel) මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ බදුල්ල දක්වා දිවයන පොඩි මැණිකේ දුම්රියේ ගමන් කරන අතරතුරේදීය.
2019 පෙබරවාරි 20 වන දින තම Instagram ගිණුමේ ප්‍රසිද්ධ කළ මෙම ඡායාරූපය සඳහා ප්‍රථම දින කිහිපය තුළදීම Likes 40,000 කට ආසන්න සංඛ්‍යාවක් හිමිවූ අතර ඒ සඳහා Comments 2000 කට අධික ගණනක් ලැබී තිබුණි.
ගමන් කරමින් තිබූ දුම්රියක ඉතා ආදානම් සහගත ලෙස ලබාගෙන ඇති මෙම ඡායාරූපයේ එම පෘතුගාල යුවල පෙනී සිට ඇති අතර එහි අදාළ තරුණිය දුම්රියෙන් පිටතට එල්ලී සිටින විට තරුණයා ඇයගේ නළල සිප ගැනීමක් සටහන් වී තිබේ.
පොඩි මැණිකේ දුමරියේ ගමන් කරමින් සිටින විටදී "ඇල්ල" ප්‍රදේශය පසුකරමින් සිටින අතරේ මෙම ඡායාරූපය ලබාගෙන තිබේ.

ලැබුණු ප්‍රතිචාර සහ ඊට පිළිතුරු
මෙය ඉතා ආදරණීය සහ කලාත්මක ඡායාරූපයක් නමුත් එහි ඇති බරපතල අවදානම් තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිස් මෙම ක්‍රියාව දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.
Followers ලා ලක්ෂ 2ක් පමණ සිටින මොවුන් දෙපළගේ Instagram ගිණුමේ මෙතෙක් පළ කළ ඡායාරූප අතරින් වඩාත් ජනප්‍රියම සහ කතාබහට ලක්වූ ඡායාරූපය මෙය වන බවද වාර්තා වේ.
මෙහිදී අදාළ තරුණයාට වඩා තරුණියගේ ජීවිතයට බරපතල අනතුරක් සිදුවීමේ වැඩි සම්භාවිතාවක් තිබූ බව බොහෝ දෙනාගේ මතය විය.
තමන් වෙත ලැබුණු සියලු ප්‍රතිචාර ඉතා ආදරයෙන් බාරගන්නා බවත් එවෙලෙහි දුම්රිය ඉතාමත් සෙමින් ගමන් කරමින් තිබූ බැවින් අවදානමක් නොතිබු බවත් Raquel හා Miguel යුවළ පවසා ඇත.
කෙසේවෙතත් සමාජ ජාල වල likes පසුපස යාමේ රැල්ල නිසා ජීවිත බිල්ලට දුන් මෝඩ යුවලක් ලෙස බොහෝ දෙනා මොවුන් දෙදෙනාව හදුන්වා ඇත.
නමුත් Raquel හා Miguel ගේ Instagram ගිණුම ගත් කළ ඔවුන්ගේ ඡායාරූප බහුතරයකගේ මෙවැනි වූ අවදානම් සහගත ඡායාරූප තිබෙන බව දැකගන්නට හැකිය.

තම ශ්‍රී ලංකා සංචාරයේදී ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක්ම ඔවුන් තම Instagram ගිණුමේ ඇතුළත් කර ඇති අතර ඊට ඉතා ඉහළ ප්‍රතිචාරද ලැබී තිබේ.

කෙසේනමුත් අවදානම් සහගත ලෙස ලොව selfie ඡායාරූප ගැනීමට ගිය 250 ක පමණ පිරිසක් පසුගිය වසර 8 ඇතුළත මිය ගොස් ඇති බවද news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

