SKIP TO MAIN CONTENT

ආර්ථික අභියෝග හමුවේ ඔස්ට්‍රේලියාවේ වැටුප් වැඩිවූ ආකාරය මෙන්න. (SBS සිංහල/වාර්තා)

Wage growth lackluster, eyes on jobs data.
Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයේ නව ප්‍රතිඵල නිකුත් වී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


 

ආර්ථික සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මෙවර විමර්ශන වලදී මූලික අවධානය යොමුව ඇත.

AAP
Source: AAP

ඔස්ට්‍රේලියාවේ වැටුප් වැඩිවීම්

ඒක පුද්ගල ආදායම, ජාතික ආදායම, නිවාස වෙළෙඳ පොළ ඇතුළු ප්‍රධාන විෂයය ක්ෂේත්‍ර කිහිපයක් වෙත මෙවර ඔස්ට්‍රේලියානු ආර්ථිකය යටතේ අවධානය යොමු කර තිබේ.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසය වන විට අවසන් වූ කාර්තුවේදී ඔස්ට්‍රේලියානු වාසීන්ගේ වැටුප් 0.5% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කරයි.

නමුත් අවසන් කාර්තුවේ වැටුප් වර්ධනය වීමේ ප්‍රක්ෂේපිත ප්‍රතිශතය 0.6% ක් වූ බවද සඳහන්.

2018 වසරේදී ඔස්ට්‍රේලියාවේ පුද්ගලික අංශයේ වැටුප් වර්ධනය වීම ඉතා කැපී පෙනෙන මට්ටමක තිබුණු බව වාර්තා වේ.

එම ප්‍රතිශතය 2.3% ක් වූ අතර එය පසුගිය සිව් වසර තුළ වාර්තාවූ ඉහළම වාර්ෂික වැටුප් වර්ධන ප්‍රතිශතය බවද සඳහන්.

මේ අතර ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය අංශයේ වැටුප් වර්ධනය වීම පසුගිය වසරේදී 2.5% කින් සිදුවූ බවද අනාවරණය වී තිබේ.

Wage growth lackluster, eyes on jobs data.
Source: Getty Images

රැකියා නියුක්තිය සහ විරැකියා ප්‍රතිශතය

වැටුප් වර්ධනය ඉතා මද වශයෙන් සිදුවූ බවට දත්ත අනාවරණය කළ ද ඔස්ට්‍රේලියාවේ විරැකියා ප්‍රතිශතය පිළිබඳ එතරම් සැහීමකට පත්විය නොහැකි මට්ටමක පවතී.

2014 වසරේ ජනවාරි මස සිට 2019 ජනවාරි මස දක්වා ගතවූ වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ විරැකියාවෙන් පෙළෙන පුද්ගලයින් ප්‍රමාණය  1,800 සිට 680,100 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

එමෙන්ම මේ වන විට ඔස්ට්‍රේලියාවේ විරැකියා ප්‍රතිශතය 5.1% මට්ටමේ පවතී.

මේ අතර පසුගිය වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන රැකියා ලාභීන්16,800  සිට 8,737,400 දක්වා වැඩිවී තිබේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ අර්ධ කාලීන රැකියා ලාභීන් 8,100 සිට 4,010,300 දක්වා පසුගිය වසර 5 තුළ වර්ධනයවී ඇත.

සියලුම රැකියා සැලකිල්ලට ගතහොත් මාසයකට සේවය කළ පැය ගණන පසුගිය වසර 5 තුළ මිලියන 1.6 සිට මිලියන 1763.2 දක්වා වර්ධනය වී තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now