ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතියේ සිදුවන අල්ලස් සහ දූෂණ විමර්ශනය කිරීමට ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
පසුගිය සතියේ සෙනට් විමර්ශන කමිටුව හමුවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් Michael Pezzullo එසේ පැවසු බව Sydney Morning Herald පුවත්පත වාර්තා කරයි.

ඔස්ට්‍රේලියානු වීසා ගන්න අල්ලස්
ඔස්ට්‍රේලියාවේ ආගමන රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි රැඳවියෙකු මෙලෙස අල්ලස් ලබා දී තම වීසා ලබාගෙන ඇති බවට Sydney Morning Herald සහ The Age පුවත්පත් කළ හෙලිදර්ව්වකින් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය චෝදනා වලට වැරදිකරුවෙකු වූ පුද්ගලයෙකු තම අවලංගු කළ වීසා නැවත ලබාගැනීම සඳහා ඩොලර් 80,000 ක මුදලක් ලබා දී ඇති බවත් ඔහු මේ වන විට Gold Coast ප්‍රදේශයේ සුවසේ වාසය කරන බවත් අදාළ පුවත්පත් අනාවරණය කර තිබේ.
ඔස්ට්‍රේලියාව තුළ අපාරාධ සිදුකළ සිය ගණනකගේ වීසා අහෝසි කිරීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ නමුදු මෙවැනි අක්‍රමිකතා හේතුවෙන් එවැනි අපාරාධකරුවන්ට නැවතත් ඔස්ට්‍රේලියානු වීසා හිමිවීමේ අවදානමක් මතුව පවතී.

ඔස්ට්‍රේලියානු වීසා අහෝසි කිරීම
ඔස්ට්‍රේලියානු සංක්‍රමණික පනතේ 501 වන වගන්තිය යටතේ චරිතයේ පසුබිම අනුව නවසීලන්ත ජාතිකයින්ගේ ඔස්ට්‍රේලියානු වීසා ස්වයංක්‍රීයව අහෝසි වෙයි.
මේ අතර ඉහත සඳහන් කළ වැරදිකරු 2017 දී රැදවුම් මධ්‍යස්ථානයෙන් නිදහස් කර ඔහුගේ වීසා ඔහුට නැවත ලබා දී තිබේ.
ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Nick McKim මේ පිළිබඳ කළ විමසීමකදී ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් Michael Pezzullo පැවසීය.
නමුත් අදාළ පුද්ගලයා ඔස්ට්‍රේලියානු වීසා ලබා ගැනීමට කිසිදු මුදලක් ලබා නොදුන් බව ඔහුගේ නීතිඥවරිය පවසා තිබේ.
ඔහුව පුනරුත්ථාපනය කර ඇති බවත් ඔහුගෙන් නැවත වැරදි සිදුවීමේ අවදානම ඉතා පවතින බවත් ඔහුගේ දියණිය ක්වීන්ස්ලන්තයේ වාසය කරන බවත් පවසා අදාළ පුද්ගලයාගේ වීසා සඳහා තමන් අයදුම් කළ බව එම නීතිඥවරිය වැඩි දුරටත් පැවසුවාය.
මේ අතර ඔහුගේ වීසා අහෝසි කිරීම සහ ඔහුව රටින් පිටුවහල් කිරීම සම්බන්ධව ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Nick McKim , ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ කොමසාරිස්වරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු පවසා ඇත්තේ ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ නිලධාරීන් හට පුද්ගලයින්ගේ වීසා අහෝසි කිරීමේ බලතල නොමැති බවය.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------

