ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ගමනා ගමන සේවාවන් භාවිතා කරන පුද්ගලයින්ට නුදුරේදීම Myki කාඩ් පත වෙනුවට තම ජංගම දුරකතනය භාවිත කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඒ අනුව මේ වන විට ගමනක ආරම්භයේදී තම Myki කාඩ් පත අදාළ Myki දොරටුවේ ස්පර්ශ කරනවා වෙනුවට තම ජංගම දුරකථනය ඒ සඳහා යොදාගැනීමට හැකියාව ලැබේ.

Virtual Myki කාඩ් පත්
දැනට භාවිත කරන භෞතික Myki කාඩ් පත් වෙනුවට ජංගම දුරකතන හරහා භාවිත කළ හැකි virtual Myki කාඩ් පත් හඳුන්වා දීමට පියවර ගන්නා බව පසුගිය වසරේදී වික්ටෝරියානු ප්‍රාන්ත රජය සහ Public Transport Victoria (PTV) ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔවුන් Myki කාඩ්පත Android ජංගම දුරකතන වලට ඇතුළු කර භාවිතා කිරීම සම්බන්ධව පරීක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කළේය.
එම පරීක්ෂණ ව්‍යාපෘතිය පසුගිය වසරේ ජූලි මාසයේ සිට මේ වසර මුල භාගය දක්වා සිදු කෙරුණි.
ඒ සඳහා සඳහා Android ජංගම දුරකතන භාවිතා කරනු ලබන 1,000 ක පිරිසක් සහභාගී කරගත් අතර ඔවුන්ට තම Myki කාඩ්පත තම දුරකතනය හරහා tap on සහ tap off කිරීමටද, Myki කාඩ්පතේ ශේෂය පිරික්සීමටද හැකියාව ලබා දුන්නේය.

පරීක්ෂණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර
Myki කාඩ් පත් ජංගම දුරකථන වලට ඇතුලත් කිරීමේ පරීක්ෂණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර මේ වන විට ආරම්භ වී තිබේ.
මේ සඳහා මගීන් 4,000 ක් තෝරාගෙන ඇති අතර ඔවුන්ගේ Android ජංගම දුරකතන වලට Myki කාඩ් පත් Virtual ලෙස ඇතුළත් කර තිබේ.
එම Virtual Myki කාඩ් පත් ඇතුළත් ජංගම දුරකතන මෙල්බර්න් නගරයේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ වල දැනට පවතින Myki කාඩ් පත් දොරටු සඳහා වලංගු වන බව Public Transport Victoria (PTV) ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේදී අලුතින් යටිතල පහසුකම් ඉදිකිරීමට අවශ්‍ය නැති බවද ඔවුන් පෙන්වා දෙයි.
පරීක්ෂණ ව්‍යාපෘතියේ මෙම දෙවැනි අදියර එළඹෙන මාර්තු මස අගදී අවසන් කිරීමට නියමිතය.
එහි සාර්ථකත්වය අනුව ඉදිරි මාස 12 ඇතුළත සමස්ත වික්ටෝරියානු ප්‍රාන්තයටම මෙම නව ක්‍රමය හඳුන්වා දීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.
එමෙන්ම Android ජංගම දුරකතන වලට අමතරව APPLE දුරකථන සඳහාද මෙම ක්‍රමය ඇතුළත් කිරීමට මේ වන විට කටයුතු යොදමින් පසුවන බව වාර්තා වේ.

දැනට භාවිත කරන Myki කාඩ්පත් වලට කුමක් සිදුවේද?
ජංගම දුරකතන හරහා Myki කාඩ්පත් භාවිතා කිරීම ඇරඹුන ද දැනට භෞතික වශයෙන් භාවිතා කරන Myki කාඩ්පත් (physical Myki card) පද්ධතිය එලෙසම පවතින බවද වික්ටෝරියානු ප්‍රාන්තයේ පොදු ගමනා ගමන සේවා ඇමතිනී Jacinta Allan පැවසුවාය.
සැවොම මෙම නවීන තාක්ෂණය භාවිතා නොකිරීම ඊට හේතුව ලෙස ඇය පෙන්වා දුන්නාය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

