මිනිසාගේ ජීවත් වීමට අත්‍යශ්‍යම සාධක ලෙස ආහාර සහ ජලය හැඳින්වේ.
එහිදී උදෑසන ආහාරයට හිමිවන්නේ අති ප්‍රබල ස්ථානයකි.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
උදෑසන ආහාරය ප්‍රධාන ආහාර වේල් ත්‍රිත්වයෙන් අතිශය වැදගත්ම ආහාර වේල ලෙස සෞඛ්‍ය විශේෂඥයෝ මෙන්ම පෝෂණවේදියෝද සලකති.
නමුත් උදෑසන ආහාර වේල මගහැරීමෙන් ඔබට ශරීරයේ බර අඩුකරගත හැකි බව ආහාර පිළිබඳ විශේෂඥයින් දෙදෙනෙක් වන Tim Spector සහ Jeff Leach පවසයි.

උදෑසන ආහාර වේල මගහැරීමෙන් බර අඩුකරගැනීම.
තමන්ගේ ආහාර වේල් අතර උදෑසන ආහාර වේල ඉතා වැදගත් ලෙස සලකන ලෙස ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල පෝෂණවේදියෝ නිරතුරුවම ජනතාවට කියා සිටිති.
උදෑසන ආහාර වේලකින් සිරුරට ඇති වාසි සහ පරිවෘත්තීය ක්‍රියා වලට ලැබෙන දායකත්වය ඔවුන් නිරතුරුවම පැහැදිලි කරයි.
නමුත් ආහාර පිළිබඳ විශේෂඥයින් දෙදෙනෙක් වන Tim Spector සහ Jeff Leach ට අනුව උදෑසන ආහාර වේල මගහැරීමෙන් සිරුරේ බර අඩු කරගත හැකිවේ.
අත්හදා බැලීම් 11 ක නිගමන විශ්ලේෂණය කරමින් ඔවුන් පවසන්නේ උදෑසන ආහාර වේල මගහැරීම සිරුරේ බර සහ පරිවෘත්තීය ක්‍රියා වලට සාධනීය ලෙස බලපාන බවය.
උදෑසනම වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීමෙන් අනතුරුව එම ආහාර ජීර්ණය කරගැනීමට මිනිස් සිරුර වැඩි උත්සාහයක් දරමින් වැඩි පීඩනයක් එල්ල කරයි.
මේ අතර දවසේ අවසන් භාගයේදී ග්ලුකෝස් සහ ඉන්සියුලින් මට්ටම ඉහළ සීමාවක පවතින අතර සිරුරේ පරිවෘත්තීය වේගය පහත අගයක් ගනී
අනෙක් පසින් තරබාරු පුද්ගලයින්, සිහින් සිරුරක් ඇති පුද්ගලයින්ට වඩා ආහාර වේල් මගහරින බව විද්‍යාඥයින් පවසයි.
මෙම මතය පෝෂණ විද්‍යාවටද දැඩි ලෙස කාවැදී ඇත.
නමුත් එහි සහ සම්බන්ධයක් සාපේක්ෂව නොපෙනෙන බව ආහාර පිළිබඳ විශේෂඥයින් දෙදෙනෙක් වන Tim Spector සහ Jeff Leach පවසති.

උදෑසන ආහාර නොගන්නා මිනිසුන්
අතීතයේ විසූ ආදී වාසීන් සහ ඔවුන්ගේ ආහාර රටාවන් පිළිබඳ විමසා බැලීමේදී ඔවුන් ආහාර වේල් නිශ්චය කරගනිමින් ආහාර නොගත් බව පසක් වෙයි.
SBS පුවත් වාර්තා කරන ආකාරයට ඔවුන් උදෑසන ආහාර වේල දවසේ වැදගත්ම ආහාර වේල ලෙස සැලකීමට තරම් පෙළබී නැත.
නැගෙනහිර අප්‍රිකාවේ අවසන් දඩයක්කාර ගෝත්‍රය ලෙස Tanzania වෙසෙන Hadza ගෝත්‍රිකයින් හැඳින්වේ.
ඔවුන්ගේ ජීවන සහ ආහාර රටාව ආදී වාසීන්ගේ ආහාර රටාවට ඉතා සමාන බව වාර්තා වේ.
ඔවුන් සාමන්‍යයෙන් උදෑසනට ආහාර නොගන්නා සම්භාවිතාව ඉතා වැඩි බවත් උදෑසන ආහාරය නිත්‍ය අංගයක් ලෙසට ඔවුන්ගේ ජීවන රටාවේ සඳහන්ව නැති බවත් වාර්තා වේ.
උදෑසන අවදිවූ පසු මී පැණි කැඩීමට හෝ දඩයමේ යාමට ඔවුන් පිටත් වෙයි.
ඒ අතරතුරේ ඔවුන් ආහාර ලෙස කිසිවක් නොගනී.
ඇතැම්විට ගඩා ගෙඩි ස්වල්පයක් ආහාර වශයෙන් ගනී.

තමන්ගේ දඩයම හෝ මී පැණි හමුවූ පසු ඔවුන් නැවතත් තමන්ගේ වාසස්ථාන වෙත පැමිණ ඒවා අනුභව කරයි.
උදෑසනට ආහාර නොගැනීම, උදෑසන ආහාරය මග හැරීම හේතුවෙන් ඔවුන් තරබාරු වීමක් හෝ සෞඛ්‍ය සම්පන්න නොවන බවක් නොපෙනෙන බව SBS පුවත් වාර්තා කරයි.
එනිසාම මේ කරුණ පිළිබඳ අලුත් මානයකින් බැලිය යුතු බව ආහාර පිළිබඳ විශේෂඥයින් දෙදෙනෙක් වන Tim Spector සහ Jeff Leach පවසයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

