ඔස්ට්‍රේලියාවේ parent visa සම්බන්ධ තම පක්ෂයේ නව ප්‍රතිපත්තිය නුදුරේදීම එළිදැක්වීමට අපේක්ෂා කරන බව කම්කරු පක්ෂයේ ආගමන කටයුතු පිළිබඳ ඡායා අමාත්‍ය Shayne Neumann, SBS ගුවන් විදුලියට පැවසීය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඒ අනුව ලිබරල් සන්ධාන රජය විසින් හඳුන්වා දුන් temporary sponsored parent visa කම්කරු පක්ෂයේ නව parent visa සම්බන්ධ ප්‍රතිපත්ති මගින් ප්‍රතිස්ථාපනය වීමක් සිදුවෙයි.

වත්මන් රජයේ parent visa ප්‍රතිපත්ති
ඔස්ට්‍රේලියාවේ වාසය කරන්නන්ට තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට හැකි නව වීසා වර්ගයක් මේ වසරේ මද භාගයේදී හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගන්නා බව පසුගිය දෙසැම්බර් මාසයේදී පැවසීය.
ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයින්ගේ පවුල් නැවත එක් කිරීමේ (Family reunite) අරමුණින් ඔස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගත් බව ආගමන කටයුතු අමාත්‍ය David Coleman එහිදී පැවසීය.
නමුත් මෙම නව parent visa වල විශාල වශයෙන් නිශේධනීය ලක්ෂණ ඇති බව කම්කරු පක්ෂයේ ආගමන කටයුතු පිළිබඳ ඡායා අමාත්‍ය Shayne Neumann පෙන්වා දී තිබේ.
මේ හරහා වතමන් ලිබරල් සන්ධාන රජය ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික සහ සංක්‍රමණික ප්‍රජාවට ලබා දුන් පොරොන්දු කඩ කර ඇති බවද ඔහු පැහැදිලි කළේය.

වත්මන් රජයේ නව දෙමාපිය වීසා
Temporary Sponsored Parent visa නමින් හැඳින්වෙන මෙම නව දෙමාපිය වීසා වර්ගය හරහා ඔස්ට්‍රේලියාවේ වාසය කරන්නන්ට තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට හැකිවේ.
Migration Amendment (Family Violence and Other Measures) Bill 2016 හෙවත් 2016 සංක්‍රමණික කටයුතු (පවුල් හිංසනය සහ වෙනත් ක්‍රියාමාර්ග) සංශෝධිත පනත පසුගිය නොවැම්බර් 28 වන දින සෙනට් සභාව තුළදී සම්මත වීමත් සමග මෙම නව වීසා වර්ගය හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට හැකියාව ලැබිණි.
මෙම නව දෙමාපිය වීසා වර්ගය හරහා තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් නොකඩවා වසර 5 ක් දක්වා ඔස්ට්‍රේලියාවට ගෙන්වා තබා ගැනීමට හැකිවනු ඇත.

Temporary Sponsored Parent visa (TSP) කොන්දේසි
- තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් නොකඩවා වසර 5 ක් දක්වා ඔස්ට්‍රේලියාවට ගෙන්වා තබා ගැනීමට හැකිවේ.
- TSP වීසා හරහා පැමිණෙන්නන්ගේ සෞඛ්‍ය වියදම් ඇතුළු සියළු වියදම් ඔස්ට්‍රේලියාවේ වෙසෙන අදාළ අනුග්‍රාහකයින් (දුව හෝ පුතා) විසින් දැරිය යුතුය.
- TSP වීසා හරහා පැමිණෙන්නන් හට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය රක්ෂණ සේවා සපයන්නෙකු හරහා සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබා ගත යුතුය.
- එය සම්පූර්ණ වීසා කාලයම ආවරණය වන පරිදි ලබා ගත යුතුය.
- TSP වසර 3 ක වීසා සඳහා $5,000 ක්ද වසර 5 ක වීසා සඳහා $10,000 ක්ද අය කෙරේ.
- වසරකට TSP වීසා නිකුත් කරනුයේ උපරිම 15,000 ක් පමණි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

