නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජනතාවට වාහන නැවැත්වීමේදී විශේෂ සහනයක් සැපයීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඒ අනුව පසුගිය ජනවාරි 31 සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ වාහන නැවැත්වීමේදී ලබා ගන්නා ටිකට් පතේ සටහන් කාලය අවසන් වී තවත් මිනිත්තු 10 ක කාලයක් සහන කාලයක් ලෙස රියදුරන්ට ලබා දීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

නව සහන කාලය
සාමන්‍යයෙන් වාහන නවත්වා තැබීමේදී නියමිත කාලය අවසන් වීමෙන් මිනිත්තුවක් ගත වීමෙන් අනතුරුව පවා ඒ සඳහා දඩ මුදල් නියම කිරීම ඔස්ට්‍රේලියාව තුළ සිදුවේ.
නමුත් පසුගිය ජනවාරි 31 දින සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රියදුරන්ට විනාඩි 10 ක සහන කාලයක් ලබා දීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
මෙම සහන කාලය හිමිකරගැනීමට අවම වශයෙන් අදාළ වාහනය පැයක කාල සීමාවක් පවතින වාහන නවතා තැබීමේ ස්ථානයක නවතා තැබිය යුතුය.
පැයට අඩු කාලයක් සටහන්ව ඇති ස්ථාන වල නවතා තබන වාහන වලට මෙම සහනය නොලැබෙනු ඇතැයිද වාර්තා වේ.

සහන කාලය අදාළ නොවන අවස්ථා
- පැයට අඩු කාලයක් සටහන්ව ඇති ස්ථාන වල නවතා තැබීමේදී
- පුද්ගලික රථ ගාල් වල වාහන නවතා තැබීමේදී
- Parking ටිකට් නිකුත් නොකරන Parking meters සහිත රථ ගාල් වල වාහන නවතා තැබීමේදී
- Bus lanes, clearways, transit lanes, mail zones හෝ special event parking වල වාහන නවත්වා තැබීමේදී ලබා දෙන දඩමුදල් වලට.

සහන කාලය ලබා දීමට හේතු
මෙලෙස වාහන නවතා තැබීමේදී මිනිත්තු 10 ක සහන කාලයක් ලබා දීමට තීරණය කිරීම සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය කරුණු කිහිපයක් සලකා බැලූ බව සඳහන්.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාර අමාත්‍ය Dominic Perrottet අනුව වාහන නවතා තැබීමේදී ලබා දෙන දඩ, මාර්ග ආරක්ෂණයට බලපෑමක් එල්ල නොකරයි.
එමෙන්ම නියමිත කාලයට අමතරව තවත් මිනිත්තු කිහිපයක් තම වාහනයට පැමිණීමට ප්‍රමාද වීම නිසා අදාළ වාහන හිමියන්ගේ සම්පූර්ණ දිනයම අඳුරු නොකළ යුතු බවද ඔහුගේ අදහස වේ.

වාහන නැවැත්වීමේ දඩ
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ මේ වන විට ක්‍රියාත්මක වන වාහන නැවැත්වීමේ දඩ මුදල් අතර පහත සඳහන් දඩ ප්‍රධාන තැනක් ගනී.
- මංසන්ධියක වාහන නැවත්වීමේදී - $337
- Clearway එකක වාහන නැවත්වීමේදී - $263
- Loading zone එකක වාහන නැවත්වීමේදී - $187
- Taxi zone එකක වාහන නැවත්වීමේදී - $187
- Mail zone එකක වාහන නැවත්වීමේදී - $112
- Parking ටිකට් පත කල් ඉකුත්වූ විට - $112
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

