ඔස්ට්‍රේලියානුවන් තමන්ගේ බැංකු ගිණුම් විස්තර යාවත්කාලීන කර නොමැති නිසා ඩොලර් මිලියන 110 කට වඩා වැඩි නොගෙවූ Medicare rebates තිබෙන බව වාර්තා වෙයි.
SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

මානව සේවා (Human Services) අමාත්‍ය Michael Keenan පවසනුයේ, රජය කෙතරම් නැවත මතක් කලද ඔස්ට්‍රේලියානුවන් 670,000 ක් පමන බැංකු ගීනුම් විස්තර යාවත්කාලීන නොකිරීම නිසා ඩොලර් මිලියන 110 කට වඩා වැඩි ගෙවිය යුතු මුදල් ප්‍රමාණයක් රජය සතු බවයි.
තමන්ගේ බැංකු ගීනුම් විස්තර වෙනස් කිරීමට ගත වන්නේ මිනිත්තු කිහිපයක් බව හා ඒ තුලින් දහස් ගනනක් පුද්ගලයින්ට මුදල් ලබා ගැනීමට අවස්තාවක් ඇති බව ඔහු නැවතත් අවධාරණය කළේය.
ඇමතිවරයා තවදුරටත් පවසා සිටියේ සන්ධාන රජය විසින් මුදල් තමන්ගේ සාකුකුවෙහි තිබෙනවා දකිනු වෙනුවට එය ජනතාවගේ සාක්කුවට වැටෙනවා දැකීමට කැමති බවයි.

විපක්ෂයේ මානව සේවා කටයුතු සම්බන්ධ ප්‍රකාශක Ed Husic පැවසුවේ, රජය විසින් Medicare rebates ගෙවීමට නොහැකි වීම ඔස්ට්‍රේලියානු ජනතාව මත පැටවීම වැරදි බවයි. එසේම මෙය මොරිසන් රජය විසින් සියළුම ඔස්ට්‍රේලියානුවන්ට ප්‍රයෝජනවත් වන පද්ධතියක් නිර්මාණය කිරීමට අසමත් වූ අවස්තාවක් ද බවයි. මෙසේ තමන්ගේ දුර්වලතා එලියට පැමිණි විට ඔවුන් ජනතාව මත වැරදි පටවන බවට ද ඔහු චෝදනා කළේය.
එක් එක් පුද්ගලයාට ගෙවිය යුතු සාමාන්‍ය මුදල ලෙස වාර්තා වන්නේ ඩොලර් 150 කි. නමුත් තමන් නිතරම වෛද්‍යවරු හමුවෙනවානම් හෝ බරපතල රෝගී තත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටිනවා නම් ඩොලර් 150 කට වඩා වැඩි මුදලකට හිමිකම් තිබිය හැකියි.
මෙම ඩොලර් මිලියන 110 ක මුදල එක් එක් වසර වලදී ගෙවන ලද මෙඩිකෙයාර් ප්‍රතිලාභවලින් 0.5% කට වඩා අඩු බව වාර්තා වෙයි.
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live
සජීවීව ගුවන් විදුලියෙන්
(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /
93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

