අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙකු පවසා සිටියේ දෙමාපියන් තම දරුවන් සමඟ අන්තර්ජාල ක්‍රීඩා (Online games) ක්‍රීඩා කළ යුතු බවයි. Fortnite වැනි අන්තර්ජාල ක්‍රීඩාවන් හි යෙදීම ළමයින්ට තහනම් කරනවා වෙනුවට තම දරුවන්ට කුඩා කල සිට අන්තර්ජාලයේ ඇති උවදුරු වලින් ආරක්ෂා වීම ගැන කියා දීමට ඒවා යොදාගැනීම වැදගත් බව විශේෂඥයන් පෙන්වා දෙයි.

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
ඊයේ දිනයේ දී (පෙබරවාරි 05) නිකුත් වුන නව දත්ත වලට අනුව, දෙමව්පියන්ගෙන් 70% ක් කනස්සල්ලට පත්ව සිටිනවා තම දරුවන් අන්තර්ජාලය තුල සැරිසරද්දී එහි ඇති භයානක තත්වයකට කෙසේ ප්‍රතිචාර දක්වයි ද යන්න පිළිබඳව. ඔස්ට්‍රේලියානු දෙමව්පියන් 1035 ක් යොදා ගෙන සිදු කල මෙම පරීක්ෂණයෙන් අනාවරණය වූ තවත් කරුණක් වන්නේ, දෙමව්පියන් තම දරුවන් අපයෝජනයන්ට (abuse) ගොදුරු වෙයිද යන්න පිළිබඳ ව කනස්සල්ලට පත්ව සිටින බවයි.
Norton ආරක්ෂක මෘදුකාංග සමාගමේ (Antivirus software company) මාධ්‍ය ප්‍රකාශක Mark Gorrie පවසා සිටියේ අන්තර්ජාලය තුල සැරිසරද්දී කල්පනාකාරී වෙන ලෙස අවවාද දීම පමණක් මදි බවයි. එම නිසා තම දරුවන් සමඟ අන්තර්ජාල ක්‍රීඩාවක් භාවිතා කිරීම වැනි සුළු දෙයකින් ද වටිනා අත්වැලක් දෙමව්පියන්ට ලබා දිය හැකි බව ඔහු පවසයි.
ඔස්ට්‍රේලියාවේ eSafety කොමසාරිස් Julie Inman Grant පවසා සිටියේ දෙමව්පියන් සහ ගුරුවරුන් විසින් දරුවන්ට ලබා දිය හැකි නිපුණතා, වටිනාකම් සහ හැසිරීම් ඔවුන් හැදී වැඩෙන අවධියේ ඉගෙන ගත් දෙයට වඩා වෙනස් නොවන බවයි.

ෆෙඩරල් රජය අරමුදල් සපයන eSafety කාර්යාලය විසින් ඔස්ට්‍රේලියානු තැපැල් සේවය හා තවත් ඔස්ට්‍රේලියානු ආයතන 500 ක් සමග එක්ව “සුරක්ෂිත අන්තර්ජාල දිනය” (Safer Internet Day) පෙබරවාරි 5 වෙනිදා සමරන ලදී.

ඔස්ට්‍රේලියානු තොරතුරු සන්නිවේදන අමාත්‍යා Mitch Fifield පවසා සිටියේ, ඔස්ට්‍රේලියාව ලෝකයේ සුරක්ෂිත අන්තර්ජාලයක් සඳහා ක්‍රියා කරන ප්‍රධාන රටක් බවයි. ඇමති Mitch Fifield ට අනුව මෙම ගෞරවය ඔස්ට්‍රේලියාවට ලැබීමට හේතු වී ඇත්තේ eSafety කොමසාරිස්වරයා සතුව පවතින සමාජ මාධ්‍යය ජාල වල ඇති child cyber-bullying material හෙවත් ළමුන්ට හානි විය හැකි ප්‍රචාරයන් ඉවත් කිරීමට නිර්දේශ නිකුත් කිරීමේ බලයයි.
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live
සජීවීව ගුවන් විදුලියෙන්
(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /
93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

