අගමැති Scott Morrison පොරොන්දු වන ආකාරයට වසර 5 ක් තුලදී මිලියන 1.25 ක රැකියා බිහි කිරීමට නම් සංක්‍රමණිකයන් සංඛ්‍යාව අඩු නොකල යුතු බවට විශේෂඥයන් අනතුරු ඇඟවයි.
පසුගිය වසරේ දී අගමැති Morrison ස්ථිර සංක්‍රමණිකයන් ප්‍රමාණය 30,000 කින් පමන අඩු කිරීමට අදහස් ඉදිරිපත් කළේය. මෙයට ප්‍රධාන ලෙස හේතුවූයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව තදබදය වැඩිවීමත් සමග මහජන මතය සංක්‍රමණිකයන් ප්‍රමාණය අඩු කිරීමට යොමු වීමයි. නමුත් මේ සතිය තුල දී පූර්ව මැතිවරණ පොරොන්දු ලබාදෙමින් අගමැති Morrison පවසා සිටියේ තමන් මිලියනයකට අධික රැකියා ප්‍රමාණයක් වසර 5 ක් තුල දී බිහි කරනා බවයි.

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ජන විකාශන විද්‍යාව පිළිබඳ මහාචාර්ය Peter McDonald පැවසූයේ සංක්‍රමණිකයන් අඩු කිරීම හා මිලියනයකට අධික රැකියා ප්‍රමාණයක් බිහි කිරීම යන කාර්යයන් දෙකම එකවර කල නොහැකි බවයි. තවදුරටත් ඔහු SBS වෙත පැවසූයේ අගමැතිගේ පූර්ව මැතිවරණ පොරොන්දු ඉෂ්ඨ කිරීමට නම් මෙරටට පැමිණෙන සංක්‍රමණිකයින් රැකියාවන් හි යෙදිය හැකි තරුණයන් විය යුතු බවයි.
ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනගහනය වැඩි වීමත් සමග ඉදිකිරීම් කර්මාන්ත අංශයේ තාවකාලිකව වැටීමක් දැකිය හැකි බව මහාචාර්ය Peter McDonald ගේ අදහසයි. එසේම ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනගහනය ශ්‍රම බලකායෙන් ඉවත් වීමත් සමඟම ඇති වෙන රැකියා පුරප්පාඩු පිරවීම සඳහා තරුණ සංක්‍රමණිකයන් අත්‍යාවශ්‍ය බව මහාචාර්යවරයා අවධාරණය කරයි.
2012-2013 වසර වලදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන ස්ථිර සංක්‍රමණිකයින් ප්‍රමාණය 190,000කට සීමා කර තිබුනද බොහෝ වසරවල් වලදී එතරම් ප්‍රමාණයක් පැමිණියේ නැත. 2017-2018 වසර වලදී ඔස්ට්‍රේලියාවට පැමිණි 163,000 ක ස්ථිර සංක්‍රමණිකයින් ප්‍රමාණය දශකයක් තුල වාර්තා වුන අඩුම අගය ද විය. මේ අගය සෑදී තිබුනේ නිපුණතා හා පවුල් වීසා (skilled and family visas) යටතේ පැමිණි ස්ථිර සංක්‍රමණිකයන්ගෙනි.
මීට පෙර අවස්ථාවකදී අගමැති Morrison, ඔස්ට්‍රේලියාවට පැමිණෙන ස්ථිර සංක්‍රමණිකයින් ප්‍රමාණය තීරණය කිරීමට ප්‍රාන්තවලට බලය දීමට අදහස් කළේය. මෙසේ ප්‍රාන්ත විසින්ම පැමිණෙන ස්ථිර සංක්‍රමණිකයින් ප්‍රමාණය තීරණය කළහොත් ලබන වසරේ දී ඔස්ට්‍රේලියාවට මීට වඩා අඩුවෙන් ස්ථිර සංක්‍රමණිකයින් පැමිණෙනු ඇති බවට අගමැති Morrison විශ්වාස කරයි.
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live
සජීවීව ගුවන් විදුලියෙන්
(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /
93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

