ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන භාෂාව ඉංග්‍රීසිය.
නමුත් මෙහි ව්‍යවහාරික ඉංග්‍රීසි එක්සත් රාජධානියේ ඉංග්‍රීසි නොවේ, එය ඇමෙරිකාවේ ඉංග්‍රීසිද නොවේ.
ඇත්තෙන්ම ඔස්ට්‍රේලියානුවාසීන්ට ව්‍යවහාරයේ ඔවුන්ටම අවේණික වූ ඉංග්‍රීසි භාෂා විලාශයක් සහ පද යෙදුම් ඇත.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
එම ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි සහ පද යෙදුම්, ඉංග්‍රීසි කතා කරන වෙනත් රටවලින් පැමිණි පුද්ගලයන්ට වඩා ඉංග්‍රීසි කතා නොකරන පසුබිමක් සහිත සංක්‍රමණිකයින් වඩා ඉක්මණින් ග්‍රහණය කරගන්නා බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි
පෙර සඳහන් කළ පරිදි කතා බහේදී ඔස්ට්‍රේලියානුවන්ගේ ඉංග්‍රීසි සහ පද යෙදුම් යුරෝපීය හෝ ඇමෙරිකානු ජාතිකයින්ට පවා එකවර හසු නොවේ.
ඒ තරමට ඒවායේ හාස්‍ය, උපහාසය මෙන්ම ව්‍යංගාර්ථ ද ගැබ් වී ඇත.
සැවොම කතා කරන්නේ ඉංග්‍රීසි වුවද බොහෝ ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි පද යෙදුම් සෘජුව අවබෝධකරගැනීමට යාමේදී ඔබ උභතෝකෝටික ගැටළුවලට මුහුණ දෙනවා නොඅනුමානය.
ඔබ ඒවා ග්‍රහණය කරගත් පසු ඒවාට හුරු වෙයි.

ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි සහ සංක්‍රමණිකයින්
ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි සහ සංක්‍රමණිකයින් පිළිබඳ මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය, භාෂා සහ වාග් විද්‍යාව පිළිබඳ පාසල විසිනි.
තම දෙවැනි භාෂාව ලෙස ඔස්ට්‍රේලියාවේදී ඉංග්‍රීසි ඉගෙන ගන්නා සංක්‍රමණිකයින් මෙම ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි සහ පද යෙදුම් ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ පුද්ගලයින් ඉගෙන ගන්නා වේගයෙන්ම ඉගෙන ගන්නා බව එහිදී හමුවී තිබේ.
ඔස්ට්‍රේලියානු සහ ඇමෙරිකානු ඉංග්‍රීසි භාෂා වලින් වෙන් වෙන්ව හඳුන්වන වස්තූන් 50 ක් මේ සමීක්ෂණයට යොදාගත් බව එහි ප්‍රධාන කර්තෘ ආචාර්ය Ksenia Gnevsheva පැවසුවාය.
උදාහරණ ලෙස ice cooler එක. ඇමෙරිකානුවන් මෙය හඳුන්වන්නේ cooler යනුවෙන් වුවද ඔස්ට්‍රේලියානුවන් මෙය හඳුන්වන්නේ 'esky' නමිනි.

සමීක්ෂණය
මෙම සමීක්ෂණයට ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගල කණ්ඩායම් 4 ක් සහභාගී කරගෙන ඇත.
01. උපතින්ම රුසියානු කතා කරන පුද්ගලයින්. (මොවුන් පළමුවෙන්ම ඉංග්‍රීසි භාෂාවට මුහුණ දුන්නේ ඔස්ට්‍රේලියාවේදීය)
02. ඇමෙරිකානු සංක්‍රමණිකයින් (ඔවුන් මුහුණ දුන් දෙවැනි ඉංග්‍රීසි බස වුයේ ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසිය)
03 ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර ඇමෙරිකාවේ වාසය කළ උපතින්ම රුසියානු කතා කරන පුද්ගලයින්.
04. උපතින්ම ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි කතා කරන පුද්ගලයින්.
එහිදී පහත නිරීක්ෂණ දක්නට ලැබුණි.
01. ඇමෙරිකානු කණ්ඩායම් වලට වඩා උපතින්ම රුසියානු කතා කරන පුද්ගලයින් ඉක්මණින් ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි ග්‍රහණය කරගත්තේය.
02. ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි ආර ඇමෙරිකානු පුද්ගලයින්ට වඩා රුසියානු සංක්‍රමණිකයින් වඩා ඉක්මණින් හඳුනා ගැනීම.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------

