ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සහ ගණකාධිකාරිවරු අතර සිදුවන ගණුදෙනු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් පසුගිය සමයේ නිර්මාණය කරමින් පසුවූ නව digital tax system හෙවත් ඩිජිටල් බදු ක්‍රමය පසුගිය සතියේ සිට අර්ධ වශයෙන් ක්‍රියාත්මක කර තිබේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඒ අනුව මෙම නව "online services" පෝර්ටලය හේතුවෙන් ඒක පුද්ගල බදු ගෙවන්නන් සහ ව්‍යාපාර බදු ගෙවන්නන් හට ගණකාධිකාරිවරුන් හරහා තම බදු කටයුතු පෙරට වඩා වේගයෙන් සිදුකරගත හැකි බව Sydney Morning Herald පුවත් පත පවසයි.

ATO tax portal system
බලයලත් සහ ලියාපදිංචි බදු ඒජන්තවරුන් මෙන්ම බදු ගණකාධිකාරිවරුන් විසින් තමන්ගේ සේවාදායකයින්ගේ වාර්ෂික බදු සැකසුම් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වෙත යොමු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය මීට පෙර ක්‍රියාත්මක කළ පද්ධතිය ඉතා පැරණි එකක් විය.
එහිදී බොහෝ කටයුතු Paper base හෙවත් කඩදාසි මූලික කරගෙන සිදුකළ යුතුව තිබුණු බව ප්‍රසිද්ධ ව්‍යාපාරික බදු සමාගමක ජ්‍යෙෂ්ඨ නිලධාරිනී Kathryn Harris පැවසුවාය.
නමුත් මෙම නව ඩිජිටල් පද්ධතිය නිසා ඒජන්තවරුන්ට විශාල කාලයක් ඉතිරිවන බවත් අනෙක් පසින් තමන්ගේ සේවා දායකයින්ට ඉතා වේගවත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකි වන බවත් ඇය පැහැදිලි කළාය.
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය මීට පෙර ක්‍රියාත්මක කළ පද්ධතිය වසර 18 ක් පමණ පැරණි එකක් බවද අනාවරණය විය.
කෙසේවෙතත්, මෙම නව පද්ධතිය යටතේ තම සේවා දායකයින්ගේ මීට පෙර සිදුකළ Tax returns, ඒවා සම්බන්ධ යම් ගැටළු ඇත්නම් එම ගැටළු ඇතුළු බදු ඉතිහාසය බලාගැනීමට අදාළ ඒජන්තවරුන්ට හෝ ගණකාධිකාරිවරුන්ට හැකියාව ලැබේ.
එනිසාම ඒ ඒ සේවා දායකයාට අදාළව පෙර පැවති ගැටළු විසඳීමට සහ ඉදිරියේදී සිදුවිය හැකි වැරදි අවම කරගැනීමට කාර්යක්ෂම ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ට හැකිවේ.

නව ඩිජිටල් පද්ධතිය
මෙම නව ඩිජිටල් බදු පෝර්ටලය නිර්මාණය කිරීම ඇරඹුණේ මීට වසර 18 කට පමණ පෙර සිට බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ වැඩබලන නියෝජ්‍ය කොමසාරිස් Andrew Watson පැවසීය.
මෙම නව පද්ධතිය හරහා තම සේවා යෝජකයින් විසින් ඒ ඒ සේවකයාට නියමිත පරිදි නියමිත ප්‍රමාණයට superannuation මුදල් ගෙවනවාද යන්න පවා දැනගැනීමට හැකි බව වාර්තා වේ.
එසේ නියමිත පරිදි superannuation සේවා යෝජකයින් විසින් සේවකයින්ට නොගෙවන්නේ නම් ඒ පිළිබඳව තම සේවා දයකයින්ව (බදු ගෙවන්නන්ව) වහාම දැනුවත් කිරීමට අදාළ ඒජන්තවරුන්ට හෝ ගණකාධිකාරිවරුන්ට හැකියාව ලැබේ.
පසුගිය මුල්‍ය වර්ෂයේදී කඩදාසි පෝරම හරහා යොමු කළ Tax returns 2.5% ක පමණ ප්‍රතිශතයක් තිබු බවත් සෙසු සියල්ලම ඩිජිටල් මාර්ගය ඔස්සේ යොමු කර ඇති බවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ වැඩබලන නියෝජ්‍ය කොමසාරිස්වරයා පැවසීය.
කෙසේනමුත්, තවමත් ඇතැම් පුද්ගලයින් ඩිජිටල් ක්‍රමයට වඩා කඩදාසි පෝරම සහ ෆැක්ස් පත් මූලිකවූ ක්‍රමයට වඩා ප්‍රිය කරන බව ද ඔහු පැවසීය.
මෙම නව ක්‍රමය හරහා පුද්ගලයින්ගේ Tax returns ඉතා කඩිනමින් අධීක්ෂණය කර ඒවායේ ප්‍රතිඵල ඉතා ඉක්මණින් අදාළ පුද්ගලයින්ට ලබා දීමට හැකියාව ලැබෙන අතරම සිදුවන අඩුපාඩු ද අවම කරගැනීමට හැකියාව ලැබෙන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ වැඩබලන නියෝජ්‍ය කොමසාරිස් Andrew Watson පැවසීය.
2019 මාර්තු මාසය වන විට මෙම නව ඩිජිටල් පොර්ටල් පද්ධතිය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

Annual Tax return එක සිදු කිරීම
ඔබ පසුගිය මුල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියාව තුළ සේවය කර ඩොලර් 18,200 කට වඩා ආදායමක් ලබා ඇතිනම් ඔබ විසින් Tax return ක් යොමු කළ යුතු වේ.
ඔබේ සේවායෝජකයා හෝ සේවායෝජකයින් විසින් ඔබට පෙර මුල්‍ය වර්ෂයට අදාළ ඔබගේ ගෙවීම් සාරාංශය හෙවත් 'group certificate' ඔබ වෙත ලබා දිය යුතු වෙයි.
පසුගිය මුල්‍ය වර්ෂය තුළ ඔබගේ ආදායම සහ ඔබ ගෙවා ඇති බදු මුදල් කොපමණද යන්න එහි සඳහන් වෙයි.
ඔබ ඔබේ වාර්ෂික බදු සැකැස්ම ඔබ විසින්ම සිදු කරනවානම් ඔබට ඔක්තෝබර් අවසානය දක්වා ඒ සඳහා කාලය ඇත.
ඔබ මේ සඳහා ගණකාධිකාරී වරයෙකුගේ සහය පතනවානම් ඔබට ඊළඟ වසරේ මැයි 15 දක්වා කාලය හිමිවනු ඇත.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

