SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ shared house එකක ජීවත් වන විට ඔබ දැනගත යුතු කරුණු. (SBS සිංහල/වාර්තා)

shared house
Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ තමන්ටම කියා නිවෙසක් මිලට ගන්නා තුරු කුලී නිවෙසක ජීවත්වීමට සිදුවනු ඇත.

එහිදී තමන් ආර්ථික වශයෙන්  ශක්තිමත් නම් තමන්ට තනිව වාසය කිරීම සඳහා කුලී නිවෙසක් ලබා ගැනීමට හැකියාව පවතී.

නමුත් ආර්ථික ශක්තියක් එතරම් නොමැති හෝ ආර්ථිකය ශක්තිමත්වනතුරු ඇතැම් උදවිය shared house හෙවත් කුලී නිවෙසක් කිහිප දෙනෙකු සමග හවුලේ භුක්ති විඳිමින් ජීවත් වෙයි.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විවාහක පවුල් මෙන්ම ජාත්‍යන්තර සිසුන් අතරද මෙම  shared house බොහෝ සෙයින් ජනප්‍රිය වේ.

shared house
Source: AAP

shared house වල ඇති අවාසි

  • පුද්ගලික භාවය මද බව හා සීමාවන් පැවතීම.
  • නිදහස සීමා වීම.
  • නිවසේ වෙසෙන අනෙකුත් පුද්ගලයින් සමග ගැටුම් ඇතිවීමේ සම්භාවිතාව ඉහළ වීම.
  • පුද්ගලික භාණ්ඩ වල හෝ ආහාර පාන වල ආරක්ෂාව පිළිබඳ 100% ක් ම වගකීමට නොහැකිවීම.
  • තමන්ගේ මිතුරන් හෝ නෑදැයින් පැමිණි අවස්ථාවකදී ඇතිවන යම් යම් සීමා සහ ගැටළු.
shared house
Source: AAP

shared house එකක ජීවත් වීමේදී දැනගත යුතු කරුණු

  • තමන්ට ජීවත්වීමට පහසු පුද්ගලයන් හෝ පිරිසක් සමග වාසය කළ හැකි shared house එකක් තෝරාගැනීම ඉතා වැදගත් වේ.
  • නිවසේ වාසය කරන අන් අයගේ මානසික තත්ත්වය අවබෝධ කරගැනීම.
  • ඔවුන් අධ්‍යාපනය ලබනවාද රැකියා කරනවාද යන්න පිළිබඳ දැනගැනීම.
  • ජාත්‍යන්තර සිසුන් සිටීනම් ඔවුන්ගේ විභාග කාල සීමාවන් පිළිබඳ දැනගැනීමෙන් ඔවුන්ගේ අධ්‍යන කටයුතු වලට බාධාවක් නොවීමට ඔබට හැකිවේ.
  • සැමවිටම අනෙකාගේ නිදහසේ සීමාවට ගරු කිරීම.
  • මත ගැටුමක් ඇතිවූ විට එය පළමුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සාහ කිරීම.
  • එය සාර්ථක නොවුණහොත් ඔබගේ ගිවිසුමේ ඇති අයුරින් නීතිමය ආකාරයෙන් කටයුතු කිරීම.
  • සෑම බිල්පතක්ම නිවසේ සිටින සංඛ්‍යාවෙන් බෙදීම. මෙය නිවසේ වාසය කරන සියලු දෙනා ප්‍රථමව සාකච්ඡා කරගත යුතුය.
  • තමන්ගේ බිල්පත් මුදල් නිසි වේලාවට ගෙවීම.
  • නිවසේ කුලිය මෙන්ම බිලපත් වල ගෙවුම් සඳහා සැමවිටම ලිඛිත සාක්ෂි තබාගැනීම.
  • නිවසේ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සියලු පුද්ගලයින්ට සමානව බෙදී යන ආකාරයෙන් Roster එකක් සාදාගැනීම.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now