පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයින් ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 113.4 ක ආදායමක් ලබා දී ඇති බව අනාවරණය වී තිබේ.
ජාත්‍යන්තර හා දේශීය සංචාරකයින් යන දෙපිරිසම මේ සඳහා දායකත්වයක් දැක්වූ බව සඳහන්.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

ඔස්ට්‍රේලියාවට පැමිණි ජාත්‍යන්තර සංචාරකයින්
පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණි ජාත්‍යන්තර සංචාරකයින්ගෙන් පමණක් ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 43.2 ක් හිමිව ඇති බව වාර්තා වේ.
එය ඊට පෙර වසරට වඩා 5% ක වර්ධනයක් බව ද සඳහන්.
පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණි මුළු ජාත්‍යන්තර සංචාරකයින් සංඛ්‍යාව මිලියන 8.4 ක් බවත් එයින් බහුතරය චීන සංචාරකයින් බවත් අනාවරණය වී තිබේ.
පසුගිය වසරේදී චීන සංචාරකයින් මිලියන 1.3 ක් ඔස්ට්‍රේලියාවට පැමිණි බවද සඳහන්.
මේ අතර ජපාන සංචාරකයින් 419,000 දක්වා 6% කින් ඉහළ ගොස් ඇති අතර ඉන්දීය සංචාරකයින් 324,000 දක්වා 20% කින් පසුගිය වසරේදී ඉහළ ගොස් තිබේ.
මෙම ජාත්‍යන්තර සංචාරකයින්ගෙන් මිලියන 2.84 ක් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් නොනැවතී වනාන්තර, මුහුදු තීර සහ පිටස්තර ප්‍රදේශ වලද සංචාරය කර ඇති බව වාර්තා වේ.

චීන සංචාරකයින් තරම් අන් අය වියදම් නොකරයි.
චීන සංචාරකයින් තරම් අනෙකුත් ජාත්‍යන්තර සංචාරකයින් එතරම් දීර්ග කාලයක් තම නිවාඩුව ගත නොකර ඇති බවත් වියදම් අඩුවෙන් සිදුකර ඇති බවත් එහිදී හෙළිවී තිබේ.
ඔස්ට්‍රේලියාව තුළ අඩුවෙන්ම කාලය ගත කර ඇත්තේ ඇමෙරිකානු සංචාරකයින් වන බවත් එය 13% ක් බවත් දැක්වෙයි.
ඒ අතර නවසීලන්ත හා බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයින් ඔස්ට්‍රේලියාවේ ගත කරන දින ගණන ඊට පෙර වසරට වඩා 7% කින් අඩුවී ඇති බවද වාර්තා වේ.

ප්‍රාදේශීය ප්‍රදේශ වල සංචාරක කර්මාන්තය
පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයින් බහුතරයක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල සංචාරය කිරීම ඉතා සුවිශේෂී සිදුවීමක් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක අමාත්‍ය Simon Birmingham පැවසීය.
ඔස්ට්‍රේලියානු ප්‍රාදේශීය ප්‍රදේශ වල සංචාරක කර්මාන්තය නැංවීම සඳහා පසුගිය වසර කිහිපය පුරාම විශාල වශයෙන් ප්‍රවර්ධන ව්‍යාපාර සිදු කිරීමද මීට පිටිවහලක් සපයන්නට ඇතැයි තමන් විශ්වාස කරන බව ඔහු පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වලදී සංචාරකයින් වියදම් කළ ප්‍රමාණය ඊට පෙර වසරට වඩා 10% කින් ඉහළ ගොස් ඇති බවත් එම මුළු අගය ඩොලර් බිලියන 36.2 ක් බවත් සඳහන්.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

