ඔස්ට්‍රේලියාව යනු ලොව උසස් අධ්‍යාපනය සඳහා ප්‍රධාන කේන්ද්‍රස්ථාන අතරින් ප්‍රමුඛතම රටකි.
ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවලින් උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමේ ප්‍රවනතාව මේ වන විට ඉහළ යමින් පවතී.
තම උපාධිය හෝ පශ්චාත් උපාධිය නිමා කර ඔස්ට්‍රේලියාවේම ඉහළ වැටුපක් ලැබෙන රැකියාවක් සොයා ගැනීම එම පිරිසෙන් බහුතරයකගේ අපේක්ෂාව වෙයි.
උපාධි නොමැතිවද ඉහළ වැටුප් ගත හැකි රැකියා ඔස්ට්‍රේලියාවේ තිබෙන බව පැවසුවොත් ඔබ පුදුම වනවා නොඅනුමානය.
නමුත් එවැනි රැකියා කිහිපයක්ම දැනටත් ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳ පොළේ පවතින බව සඳහන්.

උපාධියක් නොමැතිවද ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ගත හැකි රැකියා
උපාධියක් නොමැතිවද ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ගත හැකි ප්‍රමුඛතම රැකියා 5 ක් පිළිබඳ The Age පුවත්පත වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
- Air traffic controller
- Train controller
- Miner
- Train driver
- Crane operator

01. Air traffic controller
The Age පුවත්පත වාර්තා කරන ආකාරයට Air traffic controller වරයෙකුගේ වාර්ෂික මධ්‍යන වැටුප ඔස්ට්‍රේලියානු ඩොලර් $143,471 කි.
Air traffic controller සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවක සාමාන්‍යයෙන් අයදුම්පත් දහස් ගණනක් පැමිණෙන බව වාර්තා වේ.
නමුත් සම්මුඛ පරීක්ෂණය සඳහා යොමු වීමට පෙර ඔබට පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවේ.
එහිදී ඔබේ තාර්කික සහ ගණිතමය හැකියාවන්, රටාවන් හඳුනාගැනීම, වේගය සහ ත්‍රිමාන දෘශ්‍යකරණය වැනි හැකියාවන් උරගා බලයි.
එම පරීක්ෂණයෙන් සමත් වන්නේ 3% ක ප්‍රතිශතයක් පමණි.
ඉන් අනතුරුව ගුවන් යානා පාලනය පිළිබඳව ඔබේ දැනුම අළලා සම්මුඛ පරීක්ෂණයකට යොමු කෙරෙනු ඇත.

02. Train controller
Train controller වරයෙකු ලෙස සති 5 ක පුහුණු කාලයක් ලබා දෙන අතර එහිදී කළ යුතු කාර්යයන් පිළිබඳ සියලු දැනුම සහ පුහුණුව ලබා දෙයි.
ඉන් අනතුරුව සති 12 ක කාලයක් ඔබට සේවය කිරීමට ඉඩ සලසා ඔබව අධීක්ෂණය කරනු ඇත.
උදෑසන හෝ සවස් කාලයේ දුම්රිය කාර්ය බහුල වේලාවලදී ප්‍රධාන මෙහෙයුම් පැනලය බාරගැනීමට පෙර ඔබට තවත් පැය 3 ක විභාගයකට මුහුණ දීමට සිදුවේ.
මන්ද සියලුම දුම්රිය මාර්ග වල ගමන් කරන දුම්රිය පාලනය වන්නේ ඔබේ අතෙන් වීම නිසාය.
Train controller වරයෙකුගේ වාර්ෂික මධ්‍යන වැටුප ඔස්ට්‍රේලියානු ඩොලර් $122,018 කි.

03. Miner
පතල් කර්මාන්තය යනු ඔස්ට්‍රේලියාවේ ඉහළ ආදායම් ලැබිය හැකි තවත් ක්ෂේත්‍රයකි.
Miner හෙවත් පතල් කරුවෙකුගේ වාර්ෂික මධ්‍යන වැටුප ඔස්ට්‍රේලියානු ඩොලර් $116,056 කි.

04. Train driver
Train controller මෙන්ම Train driver සඳහාද ඔස්ට්‍රේලියාව තුළ ඉතා ඉහළ වැටුපක් හිමිවෙයි.
දුම්රිය රියදුරෙකුගේ වාර්ෂික මධ්‍යන වැටුප ඔස්ට්‍රේලියානු ඩොලර් $114,125 කි.

05. Crane operator
ඔස්ට්‍රේලියාවේ උපාධියක් නොමැතිව ඉහළ වැටුපක් ලැබිය හැකි තවත් රැකියාවක් වන්නේ Crane operator ය.
The Age පුවත් පත වාර්තා කරන අයුරින් Crane operator වරයෙකුගේ වාර්ෂික මධ්‍යන වැටුප ඔස්ට්‍රේලියානු ඩොලර් $91,649 කි.

ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් හිමි ප්‍රමුඛතම රැකියා 10.

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉහළම වැටුප් හිමි ප්‍රමුඛතම රැකියා 10.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉහළම වැටුප් හිමි ප්‍රමුඛතම රැකියා 10.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

