2019 වසර ආරම්භ වීමත් සමග ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් මෙන්ම ප්‍රාන්ත හා ටෙරටරි මට්ටමින්ද නීති, ගාස්තු සහ දීමනා වල සංශෝධන සිදුවෙයි.
ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේද 2019 ජනවාරි 01 වන දින සිට සංශෝධන කිහිපයක් තම ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
විශේෂයෙන්ම මෙම සංශෝධන වලින් බහුතරයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙසෙන පවුල් සඳහා සහන සලසන බව ප්‍රාන්ත භාණ්ඩාගාරික අමාත්‍ය Dominic Perrottet, The Sydney Morning Herald පුවත්පතට පවසා තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයද එළඹෙන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත.
පහත සඳහන්වන්නේ එලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ 2019 ජනවාරි 01 සිට බලපැවැත්වෙන ප්‍රධාන සංශෝධන කිහිපයකි.

පෙරපාසල් සහනාධාර
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම තුන් හැවිරිදි දරුවන්ට සතියකට දින 2ක් පෙර පාසල් අධ්‍යාපනය සඳහා සහන හිමිවේ.
මේ හරහා පවුලකට වාර්ෂිකව ඩොලර් 800 ක් පමණ ඉතිරිවන බව ප්‍රාන්ත රජය පවසයි.

Baby Bundle
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අලුත උපදින බිළිඳුන් සිටින පවුල් වලට Baby Bundle හෙවත් ළමා උපකරණ කට්ටලයක් නොමිලයේ ලබා දීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
ප්‍රථමාධාර කට්ටලයක්, sleeping bag, breast pads, Wipes ඇතුළු අත්‍යවශ්‍ය ළමා උපකරණ වලින් සම්න්විත වන මෙම කට්ටලයේ වටිනාකම ඩොලර් 300 ක් පමණ වන බව සඳහන්.

Toll ගාස්තු
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ M4 මාර්ගයේ Toll ගාස්තු 4% කින් ඉහළ දැමේ.
ඊට අමතරව ප්‍රාන්තයේ අනෙකුත් Toll මාර්ග වල Toll ගාස්තු 0.3% ත් 1.1% ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමේ.

Creative Kids rebate
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පෙර පාසල් දරුවන් ගේ සංගීතය, නාට්‍ය ඇතුළු සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා දිරි දීමක් වශයෙන් ඩොලර් 100 ක මුදල් වවුචරයක් ලබා දෙයි.
ඒ අනුව ළමුන් සිව් දෙනෙකු සිටින පවුලකට මේ හරහා වසරකට ඩොලර් 800 ක පමණ ඉතිරියක් හිමිවෙයි.

ගෘහස්ථ හිංසනයට ගොදුරු වන රාජ්‍ය සේවකයින්ට නිවාඩු
2019 ජනවාරි 01 වන දින සිට ගෘහස්ථ හිංසනයට ගොදුරු වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ සේවකයින්ට ගෙවීම් සහිත නිවාඩු හිමිවෙයි.
Paid domestic violence leave නමින් හැඳින්වෙන මෙම නිවාඩු සංඛ්‍යාව වසරකට දින 10 ක් බවද සඳහන්.
Image
Caravan ලියාපදිංචි සඳහා වට්ටම්
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ caravan ලියාපදිංචි සඳහා වට්ටම් ලබා දීමට 2019 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව වාර්ෂික ගාස්තුවලින් 40% ක පමණ ප්‍රතිලාභයක් caravan හිමියන්ට අත්වන බව සඳහන්.

රථ වාහන නැවැත්වීම
එළඹෙන ජනවාරි 31 සිට වාහන් නැවැත්වීමේදී ලබා ගන්නා ටිකට් පතේ සටහන් කාලය අවසන් වී තවත් මිනිත්තු 10 ක කාලයක් සහන කාලයක් ලෙස රියදුරන්ට ලබා දීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
නමුත් මෙම සහන කාලය අදාළ වන්නේ මිනිත්තු 60 කට හෝ ඊට වඩා වැඩි කාලයක ටිකට් පත් සඳහා පමණි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

