2008 න් පසුව ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ වාර්තාගත ලෙස තවත් පහළට. (SBS සිංහල/වාර්තා)

Housing Market

Source: AAP

 

පසුගිය 2018 වසරේදී ඔස්ට්‍රේලියාවේ අඩුවෙන්ම ක්‍රියාකාරී වූ දේපළ වෙළෙඳ පොළ ලෙස සිඩ්නි සහ මෙල්බර්න් හැඳින්වෙයි.

සිඩ්නි නිවාස වෙළෙඳ පොළෙහි මිල ගණන් බැස්ම 10% කින්ද මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළෙහි මිල ගණන් බැස්ම 10% කින්ද 9% කින්ද සිදුවූ බව The Age පුවත්පත වාර්තා කරයි.

Housing Market
Source: AAP

ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස වෙළෙඳ පොළ

සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළෙහි බැස්ම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස වෙළෙඳ පොළෙහි අගයද පහත බැස තිබේ.

එම බැස්ම 4.8% ක් ලෙස වාර්තා වන අතර 2008 වසරෙන් පසුව වාර්තාවූ පහළම  ජාතික නිවාස වෙළෙඳ පොළ මිල ලෙස 2018 වසර වාර්තාවූ බව CoreLogic ආයතනයේ පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

Housing Market
Source: AAP

සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ

සිඩ්නි නිවාස මිල පහත බසින්නට වීමත් සමග එය 2016 වසරේ අගෝස්තු මාසයේ අගයට සමාන අගයකට මේ වන විට පත්වී තිබේ.

මෙල්බර්න් නිවාස මිල ද පසුගිය සමයේ නොකඩවා පහත බසින්නට වූ අතර එය 2017 වසරේ පෙබරවාරි මාසයේ අගයට මේ වන විට සමාන වී තිබේ.

2018 වසරේදී සිඩ්නි නුවර අඩුවෙන්ම ක්‍රියාකාරී වූ උප නගර ලෙස Ryde, නිරිත දිග ඇතුළත උප නගර, Hills District, Hawkesbury, Parramatta සහ දකුණු කලාපයේ ඇතුළත නගර දැක්වේ.

ඒවායේ නිවාස මිල 10% කටත් වැඩි ප්‍රතිශතයකින් පහත බස තිබේ.

එමෙන්ම 2018 වසරේදී මෙල්බර්න් නුවර අඩුවෙන්ම ක්‍රියාකාරී වූ උප නගර ලෙස නැගෙනහිර කලාපයේ ඇතුළත උප නගර ද දකුණු කලාපයේ ඇතුළත නගර ද හැඳින්වේ.

ඒවායේ මිල බැස්ම පිළිවෙලින් 13.4% ක් සහ 10.5% ක් වේ.

The median house rent per week is 540$ which is a 1.8% decrease from last year
The median house rent per week is 540$ which is a 1.8% decrease from last year Source: AAP

2019 වසරේ නිවාස මිල

2018 වසරට සාපේක්ෂව 2019 වසරේද නිවාස වෙළෙඳ පොළේ සැලකිය යුතු නැග්මක් අපේක්ෂා කළ නොහැකි බව දේපළ වෙළෙඳාම් ප්‍රවීණයින් පවසයි.

විශේෂයෙන්ම ඉදිරියේදී සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ ඇතුළුව ජාතික නිවාස වෙළෙඳ පොළෙහි ටහ්වත් බැස්මක් නොකඩවා සිදුවීමේ සම්භාවිතාවක් ඇති බවද ඔවුන් පවසයි.

මේ තත්තයට 2019 වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයද සෘජුව බලපාන බව පැවසේ.

කිසිලෙසකින් හෝ ආණ්ඩු මාරුවක් සිදුවුවහොත් ප්‍රතිපත්ති වෙනස්වීම මත අනාගත නිවාස වෙළෙඳ පොළ පිළිබඳ නිශ්චිත අනාවැකි කීමට දැනට හැකියාවක් නොමැති බව සඳහන්.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now