ඔස්ට්‍රේලියාවේ ඩ්‍රෝන යවනවානම් මේ නීති සහ දඬුවම් ගැනත් දැනගන්න. (SBS සිංහල/වාර්තා)

Drones

Source: AAP

Drones හෙවත් ඩ්‍රෝන ගුවන් ගත කිරීම අද ඔස්ට්‍රේලියාවේ මෙන්ම ලෝකයේ සෑම රටකම ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය විනෝදාංශයක් වී තිබේ.

නමුත් මෙම ඩ්‍රෝන ගුවන් ගත කිරීම හේතුවෙන් ඇතැම් විට බරපතල අනතුරු සහ අවදානම් සහිත අපට විටින් විට වාර්තා වී තිබේ.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඒ අනුව විවිධ රටවල් මෙම ඩ්‍රෝන ගුවන් ගත කිරීම සම්බන්ධ නීති හඳුන්වා දීමට කටයුතු යොදමින් පසුවෙයි.

ඔස්ට්‍රේලියාවේද ඩ්‍රෝන ගුවන් ගත කිරීම සම්බන්ධ නීති පවතින අතර එම නීති කඩකළහොත් ඒවාට ලැබෙන දඬුවම් සහ දඩ මුදල්ද ප්‍රකාශයට පත් කර තිබේ.

Drones
Source: AAP

ඩ්‍රෝන ගුවන් ගත කිරීම සම්බන්ධ ඔස්ට්‍රේලියාවේ පවතින නීති

ඩ්‍රෝන ගුවන් ගත කිරීම සම්බන්ධ ඔස්ට්‍රේලියාවේ පවතින නීති පිළිබඳ මූලිකවම කටයුතු කරනු ලබන්නේ CASA හෙවත් ඔස්ට්‍රේලියාවේ සිවිල් ගුවන් සේවා සහ ආරක්ෂණ අධිකාරිය විසිනි.

ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මෙම නිවාඩු හා උත්සව සමයේදී ඩ්‍රෝන යන්ත්‍ර ත්‍යාග ලෙස ලබාදීමේ වැඩි සම්භාවිතාවක් පවතියි.

එනිසාම එම ඩ්‍රෝන යන්ත්‍ර භාවිතා කරන පුද්ගලයින් මෙන්ම ඒවා ත්‍යාග ලෙස ලබාදෙන පුද්ගලයින්ද මේ සම්බන්ධව වගකීමෙන් කටයුතු කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ සිවිල් ගුවන් සේවා සහ ආරක්ෂණ අධිකාරියේ නියෝජිත Peter Gibson පවසයි.

Drones
Source: Press Association

ඩ්‍රෝන ගුවන් ගත කිරීම සම්බන්ධ ඔස්ට්‍රේලියාවේ පවතින ප්‍රධාන නීති පහත පරිදි වේ.

  • පොළොවේ සිට මීටර් 120 කට උඩින් ඩ්‍රෝන ගුවන් ගත කිරීම තහනම්ය.
  • මිනිසුන් ගැවසෙන පරිශ්‍රයේ මීටර් 30 ක් ඇතුළත ඩ්‍රෝන ගුවන් ගත කිරීම තහනම්ය.
  • රාත්‍රී කාලයේදී ඩ්‍රෝන ගුවන් ගත කිරීම තහනම්ය.
  • ග්‍රෑම් 100 ට වඩා වැඩි ඩ්‍රෝන, ගුවන් තොටුපළ පරිශ්‍ර වල සිට කිලෝ මීටර් 5.5ක් යනතුරු සීමාවේ ගුවන් ගත කිරීම තහනම්ය.
  • ඔබගේ ඇස් මානයේ ඔබේ ඩ්‍රෝන යන්ත්‍රය ගුවන් ගත කළ යුතුය.
  • ක්‍රීඩා උත්සව, සැණකෙළි,, මුහුදු වෙරළ, උද්‍යාන, කාර්ය බහුල මාර්ග වැනි මිනිසුන් සහභාගී වී සිටින පරිශ්‍ර වල මිනිසුන්ගේ හිසට උඩින් හෝ ඉහළ අහසේ ගුවන් ගත කිරීම තහනම්ය.
  • ඔබේ ඩ්‍රෝන යන්ත්‍රය ගුවන් ගත කිරීමෙන් තවත් පුද්ගලයෙකුගේ, ගුවන් යානයක හෝ දේපළකට හානිකර නොවිය යුතුය.
  • තහනම් හෝ සීමා කළ කලාප හෝ ප්‍රදේශ වල  ගුවන් ගත කිරීම තහනම්ය.
  • නගර සභා සහ ජාතික උද්‍යාන තම කලාප වල ඩ්‍රෝන ගුවන් ගත කිරීම තහනම් ලෙස නම් කර ඇති කලාප වල ඩ්‍රෝන ගුවන් ගත කිරීම තහනම්ය.
Drones
Source: Pixabay

දඬුවම් සහ දඩ මුදල්

ඉහත නීති කඩ කරන පුද්ගලයින් හට පහත සඳහන් දඬුවම් සහ දඩ මුදල් ගෙවීමට සිදුවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දන්වා සිටියි.

ඩොලර් 10,000 ක් දක්වා දඩ මුදලක් ගෙවීමට සිදුවේ.

ඔබ සිදුකළ හානිය බරපතල එකක් නම් ඔබව අධිකරණය හමුවට පමුණුවනු ඇත.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

ඔස්ට්‍රේලියාවේ ඩ්‍රෝන යවනවානම් මේ නීති සහ දඬුවම් ගැනත් දැනගන්න. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala