ඔස්ට්‍රේලියාවේ වර්තමාන ජන සමාජය පෙරට වඩා අසමාන බවකින් යුක්ත වන බව බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන් සිතන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
මේ තත්ත්වය විසඳීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මැදිහත්විය යුතු බවද ඔවුන් සිතයි.

ඔස්ට්‍රේලියානු ජන සමාජය
ඔස්ට්‍රේලියාවේ ජන සමාජය පසුගිය දශකය තුළ බොහෝ සෙයින් අසමාන හා අසමතුලිත වී ඇති බව 63% ක ඔස්ට්‍රේලියානුවාසීන් පවසන බව මෙම සමීක්ෂණයේදී හෙළිවී ඇත.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
The Australia Institute විසින් සිදුකළ මෙම සමීක්ෂණයේදී වතමන් ඔස්ට්‍රේලියානු ජන සමාජය පිළිබඳ විමසා තිබේ.
මේ අතර එම පිරිසෙන් 32% ක් පවසා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ජන සමාජය අධික ලෙස අසමාන හා අසමතුලිත වී ඇති බවය.
මෙම ගැටළුව විසඳීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මීට වඩා උත්සාහයක් ගත යුතු බව 79% ක ඔස්ට්‍රේලියානුවාසීන් එම සමීක්ෂණයේදී කියා සිටි බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු සමාජයේ අසමතුලිතතා
සියලු ඔස්ට්‍රේලියානුවාසීන් ට සමාජ අසමතුලිතතාව යනු වර්ධනය වන ප්‍රශ්නයක් බව The Australia Institute හි විධායක අධ්‍යක්ෂ Ben Oquist පැවසීය.
ඉහළ සමාජ අසමතුලිතතා ප්‍රතිශතයක් යටතේ ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමත් අධික ලෙස බෙදුණු ප්‍රජාවන් බිහිවන බවත් සිය සමීක්ෂණ දත්ත පෙන්වා දෙන බව ඔහු පැවසීය.
මිනිසුන්ගේ ඵලදායීතාව තීරණය වන්නේ ඔවුන්ව පුහුණු කරන ආකාරය, ඔවුන්ට නායකත්වය දෙන ආකාරය සහ ඔවුන්ව සන්නද්ධ කරන ආකාරය මත බව ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික සභාවේ විධායක අධ්‍යක්ෂ Paul Barratt පැවසීය.
Living wage හෙවත් ජීවත් වීමට සරිලන වැටුප යන සංකල්පය ඔස්ට්‍රේලියාවට නැවත හඳුන්වා දිය යුතු බවද ඔහු පැවසීය.
කුමන හෝ ව්‍යාපාරයක් හෝ ආයතනයක් තමන්ගේ සේවකයින්ට ජීවත් වීමට සරිලන වැටුපට වඩා අඩුවෙන් වැටුප් ගෙවයි නම් ඔවුන් තිරසාර ව්‍යාපාරයකට හිමිකම් නොකියන බවත් ඒ හරහා සමාජයට දැඩි බලපෑමක් සිදුවන බවත් ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික සභාවේ විධායක අධ්‍යක්ෂ Paul Barratt පෙන්වා දුන්නේය.

අසමතුලිතතාවය දුරලීම
ඔස්ට්‍රේලියානු සමාජයෙන් අසමතුලිතතාවය දුරලීම සඳහා පහත සඳහන් ක්ෂේත්‍ර වල ආයෝජනයෙන් සමාජයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ නියම අවබෝධයක් ලබා ගත යුතු බව ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික සභාවේ විධායක අධ්‍යක්ෂ Paul Barratt පැහැදිලි කළේය.
- අධ්‍යාපනය
- වෘත්තීය පුහුණුව
- සෞඛ්‍ය රැකවරණ සඳහා පිවිසීමේ මාර්ග වැඩි දියුණු කිරීම
- රජයේ නිවාස ඉදි කිරීම
- විරැකියාවෙන් පෙළෙන අයට ශිෂ්ට ජීවන ප්‍රමිතියක් ස්ථාපිත කිරීම
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

