ලෝක ප්‍රකට සංචාරක ප්‍රකාශන ආයතනයක් වන Lonely Planet විසින් 2019 වසරේ ලොව සංචාරය කිරීමට විශිෂ්ඨතම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කළ බව පසුගිය වසර අග භාගයේදී වාර්තා විය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඉන් අනතුරුව ලොව තවත් ජනප්‍රිය සහ ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිත ආයතනයක් සහ වෙබ් අඩවියක් වන TravelLemming විසින්ද 2019 වසරේ ආසියාවේ සංචාරය කිරීම සඳහා විශිෂ්ඨතම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

ආසියාවේ සුරපුරය - ශ්‍රී ලංකාව
TravelLemming විසින් වාර්ෂිකව ආසියාව, අප්‍රිකාව, යුරෝපය, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව සහ ඔස්ට්‍රේලියා හා පැසිෆික් කලාපය යන කලාප වල සංචාරය කිරීම සඳහා විශිෂ්ඨතම ගමනාන්ත ලැයිස්තු ප්‍රසිද්ධ කරනු ලබයි.
ඒ අනුව මෙවර ආසියාවේ විශිෂ්ඨතම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව කිරුළු පැළඳීමට සමත්වී ඇත.
මෙම සමීක්ෂණය සඳහා සමාජ මාධ්‍ය හරහා සංචාරකයින් 750,000 කගේ පමණ අදහස් සහ මත විමසුම් ලබා ගන්නා බව TravelLemming සඳහන් කරයි.
එමෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ travel bloggers වරුන් සහ සංචාරක ප්‍රවීණයින් 5 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයකින් එම සියලු තොරතුරු අධීක්ෂණයට ලක් කෙරේ.
සියලු වයස් වල උදවියට එකලෙස සංචාරක ප්‍රීතිය අත්විඳිය හැකි මායාකාරී ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකි බව එම විනිසුරු මඬුල්ලේ සිටි ලෝක ප්‍රකට සංචාරක ප්‍රවීණයකු වන Meg Jerrard පැවසුවාය.
මනරම් මුහුදු වෙරළවල්, හරිත වර්ණයෙන් පිරුණු වනාන්තර, විවිධත්වයෙන් යුත් වනජීවීන්, භූ විෂමතා, ඓතිහාසික නටඹුන්, විවිධ දේශගුණික කලාප එකම රටක පිහිටා තිබීම, ප්‍රණීත ආහාර පාන, සාපේක්ෂ අඩු මුදලකින් සංචාරය කිරීමට හැකිවීම මෙන්ම ශ්‍රී ලාංකේය ජනතාවගේ ඉහළ ආගන්තුක සත්කාරත්වය මෙලෙස ශ්‍රී ලංකාව 2019 වසරේ ආසියාවේ විශිෂ්ඨතම සංචාරක ගමනාන්තය ලෙස කිරුළු පැළඳීමට ප්‍රධාන හේතුවූ බව ඇය පැහැදිලි කළාය.

2019 වසරේ ආසියාවේ විශිෂ්ඨතම සංචාරක ගමනාන්ත
01. ශ්‍රී ලංකාව
02. ඕමානය
03. භූතානය
04. මොන්ගෝලියාව
05. ඉන්දියාවේ Hampi
06. ජපානයේ Niseko

කලාප අනුව 2019 වසරේ ලොව විශිෂ්ඨතම සංචාරක ගමනාන්ත
- ආසියාව - ශ්‍රී ලංකාව
- අප්‍රිකාව - මලාවි
- යුරෝපය - සර්බියාව
- උතුරු ඇමරිකාව - මෙක්සිකෝව
- දකුණු ඇමරිකාව - පේරු රාජ්‍යයේ Lima
- ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් - ඔස්ට්‍රේලියාවේ Orange

UNILAD Adventure හොඳම සංචාරක ගමනාන්ත අතරින්ද ලංකාව පළමු තැනට
සංචාරක කටයුතු පිළිබඳ Facebook හා YouTube සමාජ ජාල වල ලොව වඩාත් ජනප්‍රියම වීඩියෝ නාලිකාවක් වන UNILAD Adventure ද 2019 ලොව හොඳම සංචාරක ගමනාන්ත 5 නම් කර තිබේ.
එහිදීද ශ්‍රී ලංකාව අංක එක බවට පත්ව තිබේ.
UNILAD Adventure 2019 ලොව හොඳම සංචාරක ගමනාන්ත 5.
1. ශ්‍රී ලංකාව
2. ජපානය
3. පේරු රාජ්‍යය
4. කිරිගිස්තානය
5. සිංගප්පූරුව
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

