සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය එළඹෙන ජනවාරි 24 වන දින බ්‍රිස්බන් නුවර Gabba ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
අවසන් වරට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරගාවලියකදී මුණ ගැසුණේ 2016 වසරේ අගෝස්තු මාසයේදී වන අතර එහිදී ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව 3-0 ක් ලෙස සමස්ත ටෙස්ට් තරගාවලියම ජයගත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට ඔස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව සමස්ත ටෙස්ට් තරගාවලියක්ම ජයගැනීමේ වාර්තාවද තබමිනි.

ශ්‍රී ලංකා පිලේ මෙවර ඔස්ට්‍රේලියානු සංචාරය
ශ්‍රී ලංකා පිලේ මෙවර ඔස්ට්‍රේලියානු සංචාරය ටෙස්ට් තරග 2කින් සමන්විත වේ.
ඉන් පළමු තරගය එළඹෙන ජනවාරි 24 වන දින බ්‍රිස්බන් නුවර Gabba ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.
මෙය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වෙන අතර මේ සඳහා රෝස පැහැති පන්දුව යොදාග ගනී.
බ්‍රිස්බන් Gabba ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව මේ දක්වා ටෙස්ට් තරග දෙකක් සඳහා සහභාගී වී ඇති අතර ඉන් එක් තරගයක් පරාජයට පත්වී අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත්වී තිබේ.
දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 01 වන දින කැන්බරා නුවර Manuka Oval ක්‍රීඩාංගනයේදී ආරම්බැහැ වේ.
Manuka Oval ක්‍රීඩාංගනයේ මේ දක්වා පවත්වා ඇත්තේ එක් දින තරග පමණක් වන අතර මෙමෙ ටෙස්ට් තරගය එහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය වනු ඇත.
ශ්‍රී ලංකාව කැන්බරා Manuka Oval ක්‍රීඩාංගනයේදී එක් තරගයක් සඳහා පමණක් සහභාගී ඇත.
2008 වසරේ පෙබරවාරි 12 වන දින ඉන්දියාව සමග පැවැත්වුණු එම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 8 ක ජයක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් වංශ කතාව
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය මහනුවරදී 1983 වසරේ අප්‍රේල් 22 - 26 අතර පැවැත්වුණු අතර එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 38 කින් ජයගැනීමට සමත්විය.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මේ දක්වා ටෙස්ට් තරග 29 ක් පවත්වා ඇති අතර ඉන් තරග 4 ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.
එහිදී ශ්‍රී ලංකාව තරග 17 ක් පරාජයට පත්ව ඇති අතර තරග 8 ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අවසන් වරට ටෙස්ට් තරගාවලියකදී මුණ ගැසුණේ 2016 වසරේ අගෝස්තු මාසයේදී වන අතර එහිදී ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව 3-0 ක් ලෙස සමස්ත ටෙස්ට් තරගාවලියම ජයගැනීමට සමත්විය.
ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව සමස්ත ටෙස්ට් තරගාවලියක් ජයගත් ප්‍රථම අවස්තාව ලෙසද එය ඉතිහාසගත විය.

ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දිවා රාත්‍රී ටෙස්ට් තරග වාර්තාව
මේ දක්වා ශ්‍රී ලංකාව දිවා රාත්‍රී ටෙස්ට් තරග 2 කට සහභාගී ඇති අතර එම තරග 2කම ජයගැනීමට සමත්වී තිබීම විශේෂත්වයකි.
2017 වසරේ පාකිස්ථානයට එරෙහිවත් 2018 වසරේ බටහිර කොදෙව් දූපත් වලට එරෙහිවත් එම තරග පැවැත්විණි.
එමෙන්ම ඔස්ට්‍රේලියාවද දිවා රාත්‍රී ටෙස්ට් තරග 4 ක් සඳහා මේ දක්වා සහභාගී වී ඇති අතර එම තරග 4 ම ජයගෙන තිබේ.
ඔවුන් 2015 දී නවසීලන්තයට එරෙහිව, 2016 දී දකුණු අප්‍රිකාවට සහ පාකිස්ථානයට එරෙහිවද, 2017 දී එංගලන්තයට එරෙහිවද එම තරග පැවැත්විණි.

ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
- දිනේෂ් චන්දිමාල් (නායක)
- දිමුත් කරුණාරත්න
- ලහිරු තිරිමාන්න
- කුසල් මෙන්ඩිස්
- සධීර සමරවික්‍රම
- ධනංජය ද සිල්වා
- රොෂේන් සිල්වා
- නිරෝෂන් දික්වැල්ල
- කුසල් ජනිත් පෙරේරා
- දිල්රුවන් පෙරේරා
- ලක්ෂාන් සඳකැන්
- සුරංග ලක්මාල්
- නුවන් ප්‍රදීප්
- ලහිරු කුමාර
- දුෂ්මන්ත චමීර
- කසුන් රජිත
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

