ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට මං සැලසෙන Northern Territory හි DAMA වැඩසටහනේ රැකියා ලැයිස්තුව මෙන්න. (SBS සිංහල/වාර්තා)

Designated Area Migration Agreement

Source: Flickr

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ව ප්‍රාදේශීය ප්‍රදේශ වල ස්ථාපිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන  Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහනේ Northern Territory වලට අදාළ රැකියා ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

www.business.nt.gov.au වෙබ් අඩවියට අනුව එම ලැයිස්තුවේ වෘත්තීන් 117 ක් අඩංගුව පවතී.

Australian visas
Source: SBS

Designated Area Migration Agreement (DAMA)

ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් යම් නියමිත කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේදී අවධානය යොමු කළේය.

ඒ අනුව Designated Area Migration Agreement හෙවත් DAMA නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානම් වෙයි.

මේ වන විටත් ශ්‍රම හිඟය අත්දකින ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතී.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් මෙල්බර්න්, සිඩ්නි හා බ්‍රිස්බන් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කිරීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අරමුණ සාක්ෂාත් කරගැනීමට මෙය ඉවහල් වනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයට නිපුණතා ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීමට DAMA වැඩසටහනේ ප්‍රථම අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Designated Area Migration Agreement
Source: SBS

Northern Territory DAMA වැඩසටහන

Northern Territory හි පවතින ශ්‍රම හිඟය පුරවා එම කලාපය සංවර්ධනය කිරීමේ අරමුණින් Northern Territory DAMA වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

DAMA වැඩසටහන් මාලාවේ දෙවැනි කලාපය ලෙස Northern Territory වාර්තා වෙයි.

ඒ අනුව DAMA වැඩසටහන හරහා Northern Territory වෙත පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබා දීමටද අවසනයේ කටයුතු යොදා ඇති බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පසුගිය වසර අග බාගයේදී නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මේ වන විට Northern Territory හි ශ්‍රම හිඟය පවතින නිපුණතා (skilled) සහ අර්ධ නිපුණතා (semi-skilled) වෘත්තීන් 117 ක් පමණ හඳුනාගෙන ඇති බව Northern Territory රජයේ ශ්‍රම බලකා සහ පුහුණු කටයුතු පිළිබඳ අමාත්‍ය Selena Uibo පැවසුවාය.

එම වෘත්තීන් 117 පුරප්පාඩු ඔස්ට්‍රේලියානුවාසීන් ගෙන් පුරවා ගැනීමට නොහැකි බව පෙන්වීමෙන් පසුව විදෙස් නිපුණතා සංක්‍රමණිකයින්ට එම අවස්ථා ලබා දීමට කටයුතු යොදන බවද ඇය පැවසුවාය.

කෙසේවෙතත්, මෙය independent වීසා එකක් නොවන අතර employer-sponsored  වීසා එකක් බව www.business.nt.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.

එනිසාම යම් පුද්ගලයෙකු හට තමන්ට අදාළ වෘත්තීය අදාළ රැකියා ලැයිස්තුවේ තිබූ පමණින්ම ඒ සඳහා සෘජුව අයදුම් කිරීමට නොහැකිය.

ඔබගේ රැකියාවට අදාළ Northern Territory හි පිහිටි සමාගමක් හෝ ආයතනයක් ඔබට රැකියාව සඳහා අනුග්‍රහය සැපයීම මත මේ සඳහා අයදුම් කළ හැකිය.

Designated Area Migration Agreement
Source: Northern Territory Govnt

Northern Territory DAMA රැකියා ලැයිස්තුව

ANZSCO codeOccupation
221111Accountant - general
551111Accounts clerk
423111Aged or disabled carer
721111Agricultural and horticultural mobile plant operator
231111Aeroplane pilot^
342111Airconditioning and refrigeration mechanic^
323111Aircraft maintenance engineer - avionics^
323112Aircraft maintenance engineer - mechanical^
121111Aquaculture farmer
362212Arborist
321111Automotive electrician
351111Baker
070499#Bar attendant - supervisor^
431112Barista
451111Beauty therapist
121312Beef cattle farmer
551211Bookkeeper
731211Bus driver^
351211Butcher or smallgoods maker
394111Cabinetmaker
342411Cabler - data and telecommunications
141111Café or restaurant manager
331212Carpenter
351311Chef
111111Chief executive or managing director
421111Childcare worker^
134111Childcare centre manager^
312212Civil engineering technician
411711Community worker
149311Conference and event organiser
351411Cook
070499#Cook - specialist ethnic cuisine
149212Customer service manager
442213Crowd controller^
899211Deckhand^
423211Dental assistant
321212Diesel motor mechanic
411712Disabilities services officer
399911Diver
241111Early childhood (pre-primary school) teacher^
721211Earthmoving plant operator - general
311412Earth science technician
342211Electrical linesworker^
342314Electronic instrument trades worker - general
721214Excavator operator
149913Facilities manager
421112Family day care worker^
411713Family support worker
323211Fitter - general
323212Fitter and turner
323213Fitter-welder
332111Floor finisher
231113Flying instructor^
721311Forklift driver
121213Fruit or nut grower
431311Gaming worker
142114Hair or beauty salon manager
391111Hairdresser
313111Hardware technician
141311Hotel or motel manager
542113Hotel or motel receptionist
431411Hotel service manager
313112ICT customer support officer
313199ICT support technicians nec
272412Interpreter^
362213Landscape gardener
141411Licensed club manager
721912Linemarker
221112Management accountant
225113Marketing specialist
322311Metal fabricator
121411Mixed crop and livestock farmer
121216Mixed crop farmer
121317Mixed livestock farmer
321211Motor mechanic - general
899411Motor vehicle parts and accessories fitter - general
621311Motor vehicle or caravan salesperson
621312Motor vehicle parts interpreter
321213Motorcycle mechanic
423312Nursing support worker
512111Office manager
421114Out of school hours care worker^
324111Panelbeater
423313Personal care assistant
311215Pharmacy technician
334111Plumber - general^
322312Pressure welder
511112Program or project administrator
612112Property manager
272612Recreation officer
411715Residential care worker
142111Retail manager - general
621511Retail supervisor
131112Sales and marketing manager
322211Sheetmetal trades worker
231212Ship’s engineer
231213Ship’s master^
321214Small engine mechanic
399516Sound technician
133611Supply and distribution manager
221113Taxation accountant
342412Telecommunications cable jointer
342413Telecommunications linesworker
342414Telecommunications technician
423314Therapy aide
451412Tour guide
733111Truck driver - general^
121221Vegetable grower
324311Vehicle painter
361311Veterinary nurse
070499#Waiter supervisor
712921Waste water or water plant operator
313113Web administrator
232414Web designer
322313Welder - first class
272613Welfare worker
411716Youth worker

# occupations not listed in ANZSCO

^ applicants must meet occupational licensing or registration requirements.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

5 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now