රජය විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරෙහි හා මූල්‍ය ආයතන වල අයතා මුල්‍ය කටයුතු පිළිබඳ ව ලැබුණු පැමිණිලි විමර්ශනයට කිරීමට රාජකීය කොමිසමක් පත් කළේ ය. මාස 12 ක විමර්ශන කටයුතු වලින් පසු රාජකීය කොමිසමේ සොයා ගැනීම් වාර්තාවක් ලෙස ඔස්ට්‍රේලියාවේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg වෙත ඊයේ දිනයේ දී (පෙබරවාරි 04) ලබා දුන්නේය.

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මෙම රාජකීය කොමිසම විසින්,
- බැංකු සේවා
- මූල්‍ය උපදෙස් සේවා
- superannuation හෙවත් විශ්‍රාම පාරිතෝෂිකයක සේවා
- රක්ෂණ සේවා
යන අංශ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන ලදී.
මෙම වාර්තාව තුල නිර්දේශ 76ක් තිබෙන අතර භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පවසනුයේ රජය විසින් මේ සියල්ල ක්‍රියාත්මක කිරීමට කැපවෙන බවයි. මේ තුළින් මූල්‍ය අංශය කෙරෙහි ප්‍රජා විශ්වාසය නැවත ස්ථාපිත කල හැකි බව ඔහු විශ්වාස කරයි.

විපක්ෂයේ මූල්‍ය කටයුතු සම්බන්ධ ප්‍රකාශක Chris Bowen පවසා සිටියේ කම්කරු රජයක් පත්වුවහොත් මේ නිර්දේශ 76 ම ක්‍රියාත්මක කරනවාට අමතරව අනෙකුත් අමතර නිර්දේශයන්ද ක්‍රියාත්මක කිරීමට ඔවුන් විවෘත බවයි. එසේම ඔහු වර්ථමාන අගමැති හා හිටපු භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison විසින් මීට පෙර 26 වතාවක් රාජකීය කොමිසම් වාර්තා ප්‍රතික්ශේප කල ආකාරයද මතක් කළේ ය.

රාජකීය කොමිසම් වාර්තාවේ සොයා ගැනීම් ඔබට බලපාන්නේ කෙසේ ද?
මෙම වාර්තාව මඟින් අපරාධ චෝදනා මත පරීක්ෂණ කටයුතු කිරීමට Australian Securities and Investments Commission (ASIC) හෙවත් ඔස්ට්‍රේලියානු ආයතනික නියාමකයකු ලෙස කටයුතු කරන ස්වාධීන ආයතනය වෙත මූල්‍ය ආයතන 24 ක විස්තර ලබා දී තිබේ. මෙම මූල්‍ය ආයතන අතරට ප්‍රධාන බැංකු හතරින් Westpac හැර අනෙකුත් ප්‍රධාන බැංකු සියල්ල අයත් වෙයි.
මධ්‍යම රජය විසින් මූල්‍ය ආයතන මඟින් සිදු කල වංචනික ක්‍රියාවන්ට හසුවූවන්ට වන්දි මුදල් ලබා දෙන වැඩසටහනක් හඳුන්වා දීමට බලාපොරොත්තුවෙන අතර මේ සඳහා අවශ්‍ය අරමුදල් වංචනික ක්‍රියාවල යෙදුනු මූල්‍ය ආයතනවලින් ලබා ගැනීමට කටයුතු කරයි. මෙම වැඩසටහන තුළින් මීට පෙර හිමිකම් පෑ පාරිභෝගිකයන් 300 කට ඩොලර් මිලියන 30 ක් ලබා දීමට ද බලාපොරොත්තු වෙයි.
රජය විසින් තවදුරටත් පවසා සිටියේ, නිවාස ණය සම්බන්ධ තැරැව්කරුවන් (Mortgage brokers) හා මූල්‍ය උපදේශකයන්ට බැංකු තුළින් කොමිෂන් මුදල් ලබාගැනීම 2020 වසරේ ජූලි එක සිට තහනම් කරනා බවයි.
රාජකීය කොමිසම් වාර්තාවේ සොයා ගැනීම් මූල්‍ය ආයතන අංශයට බලපාන්නේ කෙසේ ද?
The Finance Brokers Association of Australia අනතුරු අඟවනුයේ නිවාස ණය සම්බන්ධ තැරැව්කරුවන්ට (Mortgage brokers) බැංකු තුළින් කොමිෂන් මුදල් ලබාගැනීම තහනම් කිරීම නිසා එය ජනතාවට නිවාස මිල දරා ගැනීමේ හැකියාව අවසානයේ දී දුෂ්කර කරනු ඇති බවයි.
The Finance Brokers Association of Australia හි කළමනාකාර අධ්‍යක්ෂ, Peter White පවසා සිටියේ නිවාස ණය සම්බන්ධ තැරැව්කරුවන්ට (Mortgage brokers) බැංකු මඟින් ලැබුණු කොමිෂන් ආදායම් නැති වීම නිසා එය සපුරා ගැනීමට නිවාස ණය සම්බන්ධ තැරැව්කරුවන් (Mortgage brokers) තමන්ගේ සේවා ගාස්තු වැඩි කරනු ඇති බවයි. මේ හේතුවෙන් ජනතාවට ඇති නිවාස මිල දරා ගැනීමේ හැකියාව අඩුවෙන බව ඔහු පෙන්වා දෙයි.
Australian Banking Association හි අධිපති හා හිටපු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අගමැතිනිය වන Anna Bligh පවසා සිටියේ රාජකීය කොමිසම් වාර්තාවේ නිර්දේශයන් බැංකු පිළිගන්නා බවයි. තවදුරටත් ඇය පවසා සිටියේ බැංකු විසින් වාර්තාවේ පෙන්වා දී ඇති අකටයුතුකම් නිවැරදි කිරීමට සියළුම පියවරවල් ගන්නා බවයි

*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live
සජීවීව ගුවන් විදුලියෙන්
(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /
93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

