ඔස්ට්‍රේලියාවේ Uber, Airbnb, Airtasker සහDeliveroo මෙන්ම Uber Eats ඇතුළු ආහාර බෙදාහැරීම් ජාල සඳහා සේවය කරන පුද්ගලයින් අනිවාර්යෙන් වාර්ෂිකව ආදායම් බදු ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කර තිබේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
Sharing economy participants හෙවත් හවුල් ආර්ථිකයේ කොටස්කරුවන් ලෙස හැඳින්වෙන ඉහත සේවාවන් හි සේවා සපයන පුද්ගලයින් බහුතරයක් පසුගිය සමයේදී ආදායම් බදු නොගෙවා සිටීමේ වාතාවරණයක් පැවති බව වාර්තා වේ.

හවුල් ආර්ථිකයේ කොටස්කරුවන්
Sharing economy හෙවත් හවුල් ආර්ථිකය පසුගිය කාල වකවානුව තුළ ඔස්ට්‍රේලියාවේ අතිශය ජනප්‍රිය විය.
ඒ අනුව පැමිණි Uber, Airbnb, Airtasker සහDeliveroo මෙන්ම Uber Eats ඇතුළු ආහාර බෙදාහැරීමේ සේවාවන් ඔස්ට්‍රේලියානුවාසීන්ට ආදායම් ලබා දෙන නව මාර්ග බවට පත්විය.
බොහෝ දෙනෙකු එම සේවාවන් ට පූර්ණ කාලීනව සේවය කරන අතරේම තවත් බොහෝ පිරිසක් තම පූර්ණ කාලීන රැකියා වලට අමතරව අමතර ආදායම් මාර්ගයක් ලෙස ඒවායේ නිරත් වෙයි.
කෙසේවෙතත්, මෙම හවුල් ආර්ථිකයේ සේවාවලින් ලැබෙන ආදායම් සඳහා නියමිත ආදායම් බදු බොහෝ දෙනෙකු නියමිත පරිදි ගෙවා නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
එනිසාම ඉහත සඳහන් කළ සේවාවන් හි නිරත වන පුද්ගලයින් නියමාකාරයෙන් ආදායම් බදු ගෙවිය යුතු ආකාරයේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියාවේ භාණ්ඩාගාරයේ අවධානය යොමුව ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති Zed Seselja පවසයි.
එම සේවාවන් වල නිරතවන ඇතැම් පුද්ගලයින් පූර්ණ වශයෙන් ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බවත් තවත් පිරිසක් ආදායම් බදු අඩුවෙන් ගෙවා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

හවුල් ආර්ථිකයේ ආදායම සහ බදු
2017 වසරේ පෙබරවාරි මස වන විට ඔස්ට්‍රේලියාවේ හවුල් ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 15.1 ක් බව ABC පුවත් සේවය වාර්තා කරයි.
එමගින් ඔස්ට්‍රේලියානුවන් මිලියන 10.8 කට පමණ එනම් ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායෙන් 60% කට පමණ ආදායම් මාර්ග ඇතිවී තිබේ.
ඉන් අනතුරුව පසුගිය වසර දෙක තුළ එය තව තවත් වර්ධනය වී ඇති බවද සඳහන්.
කෙසේවෙතත්, මේ හරහා විශාල ආදායම් බදු මුදලක් ගෙවීමට නියමිතව තිබුණද එයින් වැඩි කොටසක් ගෙවා නොමැති බව මධ්‍යම රජය පවසයි.
එම මග හැරුණු ආදායම් බදු ප්‍රමාණය කොපමණදැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තවමත් ඇස්තමේන්තු ගත කර නොමැත.

Uber, Airbnb, Airtasker සහ Deliveroo මෙන්ම Uber Eats සේවා සපයන්නන් ගේ බදු වාර්තා කිරීම
ඉහත සඳහන් කළ බදු ගෙවීම් පහර හැරීම වළක්වා ගැනීමට Uber, Airbnb, Airtasker සහ Deliveroo මෙන්ම Uber Eats සේවා සපයන්නන් තම ආදායම් බදු නියමිත පරිදි නිවැරදිව වාර්තා කළ යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
ඒ සඳහා ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයත් සමග එක්ව වැඩපිළිවෙලක් දියත් කිරීමට සූදානම් වන බවත් ඒ හරහා බදු ගෙවීම් පැහැර හරින්නන් හසුකරගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන්.
කෙසේවෙතත්, මේ සම්බන්ධ අදහස් හා යෝජනා ලබාගැනීමට උපදේශන පත්‍රිකාවක් පිළියෙළ කර ඇති අතර එය ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාර නිල වෙබ් අඩවියේ පළ කර තිබේ.
ඒ සඳහා අදහස් හා යෝජනා ලබාගැනීම එළඹෙන පෙබරවාරි 22 දිනෙන් අවසන් වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

