පුනර්ජනනීය විදුලිය 100% ක් භාවිත කරන ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රධාන නගර සභාව ලෙස City Of Melbourne ඉතිහාසගත වෙයි. (SBS සිංහල/ වාර්තා)

City Of Melbourne

Landmark and the main railway hub of Melbourne, Victoria, Australia Source: Getty Images

විදුලිය භාවිතයේදී 100% ක් පුනර්ජනනීය විදුලිය භාවිත කරන ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රධාන නගර සභාව ලෙස City Of Melbourne වාර්තා වේ.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඔස්ට්‍රේලියාවේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ බහුලව සාකච්ඡා වන මෙවන් අවධියක මෙම ජයග්‍රහණය ඉතා විශාල එකක් බවට City Of Melbourne නගර සභාව පවසයි.

city_of_melbourne_02_flickr.jpg
Source: Flickr

City Of Melbourne

City Of Melbourne නගර සභා කලාපයට පහත ප්‍රදේශ අයත්වේ.

මෙල්බර්න් නගරය

West Melbourne

South Yarra - west

Southbank

Port Melbourne

Parkville

North Melbourne

Kensington හා Flemington

East Melbourne

Docklands

Carlton

Prahran

City Of Melbourne
Melbourne ranked no. 2 on Time Out Index 2019 Source: Getty Images

City Of Melbourne සහ පුනර්ජනනීය විදුලිය

City Of Melbourne හි සියලු නගර සභා ගොඩනැගිලි වලට මෙන්ම සේවා වලට මේ අනුව පුනර්ජනනීය විදුලිය යොදාගැනේ.

City Of Melbourne නගර සභාව සහ තවත් සංවිධාන 13 ක් එක්ව ඉදිකිරීමට සහය දුන් Crowlands Wind Farm හෙවත් Crowlands සුළං බලාගාරයෙන් මෙම පුනර්ජනනීය විදුලිය ලබා ගැනෙයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නිරිතදිග කලාපයේ පිහිටා ඇති Crowlands සුළං බලාගාරයෙන් මෙගාවොට් 80 ක විදුලියක් නිපදවීමට මූලිකව තීරණය වී ඇත.

Melbourne Renewable Energy Project හෙවත් මෙල්බර්න් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය යටතේ වසරකට ගිගා වොට් 88 ක විදුලියක් මිලදී ගැනීමට එකඟතාව පළ වී තිබුණි.

මෙම උත්සාහය ඓතිහාසික ජයග්‍රහණයක් බව මෙල්බර්න් නියෝජ්‍ය නගරාධිපති Arron Wood පැවසීය.

මේ අනුව මෙල්බර්න් නගර සභාවට අයත් සෑම මාර්ගයකම විදුලි පහන්, සෑම නගර සභා උද්‍යානයකම ඇති විදුලි පහන් සහ BBQ වැනි දේ මෙම පුනර්ජනනීය විදුලියෙන් ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now