ඔස්ට්‍රේලියාවට පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයින් සහ සරණාගතයින් පිළිබඳ නව පනතක් අද (12/02) ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා සිටින වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට නිර්දේශ කර ඇති සරණාගතයින් ප්‍රධාන භූමියට ගෙන්වා ගැනීමට මෙම පනත හරහා නීත්‍යානුකූල අවසරය ලැබේ.

නව පනත
ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා සිටින නීති විරෝධී සංක්‍රමණිකයින්ගෙන් සහ සරණාගතයින්ගෙන් බහුතරයකට වෛද්‍ය සේවාවන් අවශ්‍ය බවත් ඒ සඳහා ඔවුන් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමිය වෙත ගෙන ආ යුතු බවටත් බොහෝ කලක පටන් සාකච්ඡාවට බඳුන්වූ කරුණක් විය.
විශේෂයෙන්ම එම රැඳවියන් මානසික රෝග වලින් පීඩා විඳින බව ඔවුන් පිළිබඳ සිදුකෙරුණු විමර්ශන වල වාර්තාවලින් හෙළි විය.
ඒ අනුව ඔවුන්ව ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ගෙන්වා වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවට නව පනතක් ගෙන ඒමට ස්වාධීන මන්ත්‍රිනී වෛද්‍ය Kerryn Phelps පියවර ගත්තාය.
මෙය ඇය විසින් පසුගිය වසරේ අග භාගයේදී ගෙන ආ නමුත් 2018 වසර සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව රැස්වීම අවසන් වීම හේතුවෙන් එය විවාදයට ගැනීම මේ වසර දක්වා කල් තැබිණි.
2019 නව වසරේ ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව මුල් වරට ඊයේ (11/02) රැස්විය.
ඒ අනුව අද දිනයේදී නීති විරෝධී සංක්‍රමණිකයින් සහ සරණාගතයින් පිළිබඳ මෙම පනත පාර්ලිමේන්තුව තුළ විවාදයට ගත්තේය.

නව පනත සම්මත වීම
ස්වාධීන මන්ත්‍රිනී වෛද්‍ය Kerryn Phelps විසින් ගෙන ආ මෙම යෝජනාව පසුගිය දෙසැම්බර් මාසයේදී සෙනට් සභාවේදී සංශෝධනයට ලක් විය.
නමුත් එම සංශෝධිත කෙටුම්පතට තවත් සංශෝධන එක් නොකළහොත් තමන් මෙය සම්මත කරගැනීමට සහය නොදෙන බව කම්කරු පක්ෂය අවධාරණය කළේය.
ඒ අනුව පහත සඳහන් සංශෝධන කම්කරු පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අතර ඒවාට අනුමැතිය හිමිවිය.
- යම් නීති විරෝධී සංක්‍රමණිකයෙකු හෝ සරණාගතයෙකු මේ හරහා ඔස්ට්‍රේලියාවට පිවිසීමට යාමේදී ඔහුගේ හෝ ඇයගේ චරිත සහතිකය මත එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ස්වදේශ කටයුතු ඇමතිවරයාට බලතල ලබා දිය යුතුය.
- මෙම නීතිය බලාත්මක වන්නේ ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා සිටින වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට නිර්දේශ කර ඇති සරණාගතයින්ට සහ නීති විරෝධී සංක්‍රමණිකයින්ට පමණි.
- යම් නීති විරෝධී සංක්‍රමණිකයෙකුට හෝ සරණාගතයෙකුට හෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට අදාළ වෛද්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීන්දුව ගනීඅට පැය 72ක් ස්වදේශ කටයුතු ඇමතිවරයාට ලැබිය යුතුය.

කතා නායකගෙන් හදිසි බෝම්බයක්
කම්කරු පක්ෂයේ එම සංශෝධන සඳහා ග්‍රීන්ස් පක්ෂය ඇතුළු විපක්ෂය අනුමැතිය ලබා දීමෙන් අනතුරුව පනත සම්මත වීමට මොහොතකට පෙර කතානායක Tony Smith පාර්ලිමේන්තුවම වික්ෂිප්ත කරවමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
එනම් මෙම සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බවට සොලිසිටර් ජනරාල් වරයා තමාට රහසිගතව උපදෙස් ලබා දුන් බව කතානායක Tony Smith එහිදී හෙළි කළේය.
එය හෙළිදරව් නොකරන ලෙසත් රහසිගතව තබාගන්නා ලෙසත් සොලිසිටර් ජනරාල් වරයා තමාට උපදෙස් දුන් නමුත් තමන් එය සභාගත කිරීමට තීරණය කළ බව ඔහු පැවසුවේය.
මෙය ව්‍යවස්ථානුකූල නොවන බව පැවසීමට මූලික හේතුව ලෙස අදාළ වෛද්‍ය මණ්ඩලයට මහජන මුදල් වලින් ගෙවීම් සිදු කිරීමට වීම නිසා බවද කතානායකවරයා පැවසුවේය.

ඒ සැණින් මෙහිදී තමන් ජයගත් බවට ලිබරල් සන්ධානය සිතා සිටින්නට විය.
නමුත් ලිබරල් සන්ධානයේ එම ජයග්‍රාහී සිහිනය ක්ෂණයෙන් බිඳ දමන්නට කම්කරු පක්ෂය සම්මත විය.
නීති විරෝධී සංක්‍රමණිකයින් සහ සරණාගතයින් ට ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට පිවිසීම සඳහා අනුමැතිය ලබා දෙන අදාළ වෛද්‍ය මණ්ඩලයට මුදල් ගෙවීමක් සිදු නොකළ යුතු බවට කම්කරු පක්ෂය යෝජනාවක් ගෙන ආවේය.
ඒ සමගම යෝජිත පනත් කෙටුම්පත 75-74 ක් ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේදී අද සම්මත විය.
Update (@ 18:30 AEDT)
සෙනට් සභාවේද අනුමැතිය
ඔස්ට්‍රේලියාවට පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයින් සහ සරණාගතයින් පිළිබඳ මෙම නව පනත අද (13/02) ඔස්ට්‍රේලියාවේ සෙනට් සභාවට ඉදිරිපත් කළ අතර එහිදී එය 36 ට 34 ක් ලෙස වැඩි ඡන්ද දෙකකින් සම්මත විය.
ස්වාධීන සෙනට් සභික Derryn Hinch මේ සඳහා සහය පළ කිරීමෙන් මෙම පනත සඳහා සෙනට් සභාවේ අනුමැතිය ලබා ගැනීමට ඉතා පහසුවෙන් හැකිවිය.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------

