ඔස්ට්‍රේලියාවේ temporary residents හෙවත් තාවකාලික පදිංචිකරුවන්ගෙන් අඩක් පමණ ජීවත් වන්නේ සිඩ්නි සහ මෙල්බර්න් නගර ආශ්‍රිතව බව හෙළිවෙයි.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම තොරතුරු විශ්ලේෂණයකට අනුව මෙම දත්ත අනාවරණය වී තිබේ.

සිඩ්නි සහ මෙල්බර්න් ස්ථාපනය
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට 2016 වසරේ සංගණන දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචිකරුවන් ගේ ප්‍රමාණය මිලියන 1.5 කි.
එයින් සිඩ්නි කලාපය ආශ්‍රිතව 27% ක්ද මෙල්බර්න් කලාපය ආශ්‍රිතව 24% ක්ද පදිංචිව ඇති බව එම දත්ත පෙන්වා දෙයි.
ඊට අමතරව බ්‍රිස්බන් නුවර ආශ්‍රිතව 14% ක තාවකාලික පදිංචිකරුවන් ස්ථාපනය වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචිකරුවන් පිළිබඳ සමාජ සහ ආර්ථික ලක්ෂණ අනාවරණය කරගැනීම සඳහා Temporary Entrants Integrated Dataset හෙවත් ACTEID දත්ත කටට්ටලයක් මෙලෙස එළිදැක්වූයේ ප්‍රථම වරට බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සංක්‍රමණ සංඛ්‍යාලේඛන පිළිබඳ අධ්‍යක්ෂ Myles Burleigh පවසයි.

ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචිකරුවන්
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති නමුත් ඔස්ට්‍රේලියාව තුළ මාස 12ක් හෝ ඊට වැඩි කාලයක් වාසය කිරීමට අපේක්ෂා කරන උදවිය ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචිකරුවන් ලෙස හැඳින්වෙයි.
සංචාරක වීසා මත පැමිණි පිරිස් හෝ ව්‍යාපාර කටයුතු සඳහා කෙටි කාලීනව ඔස්ට්‍රේලියාවට පැමිණි පිරිස් තාවකාලික පදිංචිකරුවන් ලෙස නොසලකයි.
2016 සංගණන දත්ත සහ ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එකට එක් කර විශ්ලේෂණය කිරීමෙන් ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචිකරුවන් පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබාගැනීමට හැකිවූ බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සංක්‍රමණ සංඛ්‍යාලේඛන පිළිබඳ අධ්‍යක්ෂ Myles Burleigh පවසයි.
ඔවුන් ඔස්ට්‍රේලියාව තුළ වාසය කරන ප්‍රදේශ, පැමිණි රටවල් මොනවාද, ඔවුන් නිරත වන රැකියා, ඔවුන් අධ්‍යාපනය ලබනවානම් ඔවුන්ගේ ආදායම් තත්ත්වය යන තොරතුරු එහිදී ලබාගත හැකි වූ බව ඔහු පෙන්වා දෙයි.

තාවකාලික පදිංචිකරුවන් පිළිබඳ ප්‍රධාන දත්ත
- ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචිකරුවන්ගෙන් 81% ක් ම ප්‍රධාන නගර වල වාසය කරයි.
- ප්‍රධාන නගර වලින් බැහැරව තාවකාලික පදිංචිකරුවන්ගේ ජනප්‍රියම වාසස්ථානය වී ඇත්තේ ක්වීන්ස්ලන්තයේ (10%) සහ නිව් සවුත් වේල්ස් (4%) ප්‍රාදේශීය කලාපයන්ය.
- ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචිකරුවන්ගෙන් විශාලතම පිරිස subclass 444 වීසා උප ඛාණ්ඩය යටතේ රැදී සිටින නවසීලන්ත ජාතිකයින්ය.
- ඔවුන්ගේ ප්‍රියතම වාසස්ථානය බ්‍රිස්බන් (20%) නුවර වන අතර මෙල්බර්න් සහ සිඩ්නි ඊළඟ ප්‍රියතම වාසස්ථාන වෙයි.
- මොවුන්ගෙන් 76% ක්ම රැකියාවල නිරත වෙයි.
- ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචිකරුවන්ගෙන් දෙවැනි විශාලතම පිරිස ලෙස ජාත්‍යන්තර සිසුන් හැඳින්වේ.
- ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචිකරුවන්ගෙන් එම ප්‍රතිශතය 30% කි.
- ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් (27%) චීනයේ උපත ලද උදවිය වන අතර දෙවැනි විශාලතම පිරිස (13%) ඉන්දියාවේ උපත ලද අය වෙති.
- ජාත්‍යන්තර සිසුන්ගෙන් බහුතරයක් සිඩ්නි (34%) සහ මෙල්බර්න් (31%) නගර ආශ්‍රිතව වාසය කරයි.
- එම සිසුන්ගෙන් 68% ක් විශ්ව විද්‍යාල වල හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතන වල තම අධ්‍යාපනය හදාරමින් සිටිති.
- ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචිකරුවන්ගෙන් තුන්වන විශාලතම පිරිස ලෙස නිපුණතා රැකියා වීසා ලාභීන් හැඳින්වෙයි.
- තාවකාලික පදිංචිකරුවන්ගෙන් සතියකදී උපයන ඉහළම මධ්‍ය ආදයාම සතුවන්නේ මෙම පිරිසටය. එය සතියකට $1,143 කි.
- ඔවුන්ගෙන් බහුතරයක් ඉන්දියාවේ (20%) සහ එංගලන්තයේ (12%) උපත ලබා තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

