ලංකාවේ මත් කුඩු පාවිච්චිය වගේද ඔස්ට්‍රේලියාවේ ? අලුත්ම මත්ද්‍රව්‍ය වාර්තාව මෙන්න. (SBS සිංහල/වාර්තා)

Australians spend $9.3 billion on drugs a year.

Source: Getty Images

මත්ද්‍රව්‍ය පිළිබඳ ශ්‍රී ලංකාව තුළ මේ වන විට මතුව ඇත්තේ ඉතා උණුසුම් කතා බහකි.

පසුගිය දා මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස ඩුබායි හි හෝටලයකදී මත්ද්‍රව්‍ය සමග හසුවූ සිද්ධියත් සමග මත්ද්‍රව්‍ය භාවිතා කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින බවට රංජන් රාමනායක ඇමතිවරයා සිදුකළ ප්‍රකාශයත් සමග මත්ද්‍රව්‍ය පිළිබඳ සාකච්ඡාව ඉතා උණුසුම් වන්නට විය.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese



මේ අතර ඔස්ට්‍රේලියාව තුළ ද මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ නවතම තොරතුරු අනාවරණය වී ඇත.

Australians spend $9.3 billion on drugs a year.
Source: AAP

ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට

පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානු වාසීන් මත්ද්‍රව්‍ය සඳහා ඩොලර් බිලියන 9.3 ක් වැය කර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියානු අපාරාධ බුද්ධි අංශ කොමිසම විසින් එක් එක් ප්‍රාන්තය සම්බන්ධව සිදුකළ විමර්ශනය වලදී මේ තොරතුරු හෙළිවී ඇත.

ඒ අනුව ඔස්ට්‍රේලියානුවාසීන් මත්ද්‍රව්‍ය භාවිත කළ ප්‍රමාණය සහ ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය වෙළෙඳපොල පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවාගත හැකි බව ඔවුන් පවසයි.

Australians spend $9.3 billion on drugs a year.
Source: AAP

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය මත්ද්‍රව්‍ය

පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානු වාසීන් විසින් බහුලව භාවිත කළ මත්ද්‍රව්‍ය ලෙස cocaine, meth, MDMA සහ heroin වාර්තා වන බව ඔස්ට්‍රේලියානු අපාරාධ බුද්ධි අංශ කොමිසම  පවසයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයට අවසන් වූ වසරේදී methylamphetamine ටොන් මිලියන 9.6 ක් ඔස්ට්‍රේලියානුවාසීන් භාවිතා කර ඇති අතර කොකේන් ටොන් 4 ක්ද MDMA ටොන් 1.1 ක්ද හෙරොයින් කිලෝ ග්‍රෑම් 700 කට අධික ප්‍රමාණයක්ද භාවිතා කර ඇති බව වාර්තා වෙයි.

ඊට පෙර වසර වලට සාපේක්ෂව කොකේන් සහ methylamphetamine භාවිත කළ ප්‍රමාණය පසුගිය වසරේදී ඉහළ ගොස් ඇති බවද සඳහන්.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

මේ අතර සෙසු ප්‍රාන්ත වලට සාපේක්ෂව කොකේන් භාවිතය ඉහළම ප්‍රාන්තය ලෙසද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වාර්තාවන බව සඳහන්.

එමෙන්ම වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ වන fentanyl සහ oxycodone භාවිතය ටස්මේනියාවේ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

එම ඖෂධ අධික මාත්‍රා වලින් භාවිතා කිරීම හේතුවෙන් ඇමරිකාවේ මරණ පවා වාර්තා වී ඇති බව සඳහන්.

Australians spend $9.3 billion on drugs a year.
MDMA pills seized by police. Source: AAP

Party drugs, හෙරොයින් සහ කංසා

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය party drugs වර්ගයක් වන MDMA භාවිතය පසුගිය වසරේදී අඩුවී ඇති බව වාර්තා වේ.

මෙම MDMA භාවිතය නිසා පසුගියදා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැවති සංගීත සංදර්ශනයකදී තරුණයින් 5 දෙනෙකු මරණයට පත්විය.

මේ අතර හෙරොයින් භාවිතයද සාපේක්ෂව පහළ ගොස් ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි.

තවද, නාගරික ජනතාවට වඩා ප්‍රාන්ත වල ප්‍රාදේශීය කලාප වල වෙසෙන ඔස්ට්‍රේලියානුවාසීන් කංසා භාවිත කිරීම ඉතා ඉහළ අගයක් ගන්නා බවද එම වාර්තාව අනාවරණය කරයි.

Marijuana - Getty
Marijuana - Getty Source: Getty

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල බහුලව භාවිත වන මත්ද්‍රව්‍ය සහ අධි මාත්‍රික ඖෂධ

ACT

1- Methylamphetamine

2- Oxycodone

3- Fentanyl

4- Cocaine

5- Heroin

නිව් සවුත් වේල්ස්

1- Methylamphetamine

2- Fentanyl

3- Oxycodone

4- Cocaine

5- Heroin

Northern Territory

1- Methylamphetamine

2- MDMA

3- Cocaine

4- Oxycodone

5- Fentanyl

ක්වීන්ස්ලන්තය

1- Methylamphetamine

2- Fentanyl

3- Oxycodone

4- Cocaine

5- Heroin

දකුණු ඔස්ට්‍රේලියාව

1- Methylamphetamine

2- Fentanyl

3- Oxycodone

4- Cocaine

5- Heroin

ටස්මේනියාව

1- Methylamphetamine

2- Oxycodone

3- Fentanyl (

4- Heroin

5- MDMA

වික්ටෝරියා

1- Methylamphetamine

2- Oxycodone

3- Fentanyl

4- Heroin

5- Cocaine

බටහිර ඔස්ට්‍රේලියාව

1- Methylamphetamine

2- Fentanyl

3- Oxycodone

4- Heroin

5- MDMA

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now