ඔස්ට්‍රේලියාවේ බැංකු ණය, වාහන ණය, සහ ක්‍රෙඩිට් කාඩ් ගැනීම අනාගතයේදී එතරම් පහසු නොවන ලකුණු. (SBS සිංහල/වාර්තා)

Credit cards

Source: AAP

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට නුදුරේදීම බැංකු වලින් වාහන ණය, ක්‍රෙඩිට් කාඩ් සහ පුද්ගලික ණය ලබා ගැනීම එතරම් පහසු නොවනු ඇත.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


 

ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ අක්‍රමිකතා සෙවීමට පත් කළ රාජකීය බැංකු කොමිසමේ අවසන් වාර්තාවත් සමග මධ්‍යම රජයට ලබාදුන් නිර්දේශ සමග මේ තත්ත්වය උද්ගතවී ඇති බව Sydney Morning Herald පුවත් පත වාර්තා කරයි.

Bank loans
Source: Getty Images

වාහන ණය, ක්‍රෙඩිට් කාඩ් සහ පුද්ගලික ණය

බැංකු සහ මුල්‍ය ආයතන වලින් පාරිභෝගිකයින්ගේ ආදායම් මට්ටම සහ නැවත ගෙවීමේ මට්ටම නිසි පරිදි නොසලකා අසීමාන්තිකව ණය සහ ක්‍රෙඩිට් කාඩ් ලබා දීමේ ක්‍රමවේදය රාජකීය බැංකු කොමිසමේ විමර්ශන වලදී හසුවූ ප්‍රධාන ක්‍රියාවකි.

මේ හේතුවෙන් බොහෝ පාරිභෝගිකයින් ණය උගුල් වල සිරවී ඇති බවත් ණය ලබාගෙන තිබියදී තව තවත් ණය ලබා දීමට ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මුල්‍ය ආයතන කටයුතු කිරීමත් පසුගිය සමයේ බහුලව සිදුව ඇති අක්‍රමිකතාවකි.

එනිසාම බොහෝ පාරිභෝගිකයින් ආර්ථික වශයෙන් බරපතල මුල්‍ය ගැටළු වලට මුහුණ පා සිටියි.

එමෙන්ම එක් ක්‍රෙඩිට් කාඩ් පතක් ලබාගෙන තිබියදී එහි ණය සීමාව වැඩි කිරීමට අදාළ බැංකු සහ මුල්‍ය ආයතන පාරිභෝගිකයින්ට දිගින් දිගටම ආරාධනා කිරීම තවත් කැපී පෙනෙන සිදුවීමක් විය.

ඇතැම් විට එක් ක්‍රෙඩිට් කාඩ් පතක් තිබියදී තවත් ක්‍රෙඩිට් කාඩ් පතක් හඳුන්වා දීමටද ඔවුන් කටයුතු කර තිබේ.

පාරිභෝගිකයාගේ නැවත ගෙවීමේ ධාරිතාව නොසලකා දිගින් දිගටම ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් පතේ ණය සීමාව ඉහළ දැමීමට අවස්ථාව සැලසීමත් අලුත් ක්‍රෙඩිට් කාඩ් පතක් ගැනීමට අවස්ථාව සලසා දීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට බරපතල ප්‍රශ්නයක් මතුව ඇති බවද රාජකීය බැංකු කොමිසම පෙන්වා දෙයි.

විශේෂයෙන්ම තම අතේ ඇති මුදල් ප්‍රමාණය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව බොහෝ පාරිභෝගිකයින් තම ක්‍රෙඩිට් කාඩ් පත් භාවිත කිරීම නිසා ඔවුන්ගේ ජීවිත බැංකු සහ මුල්‍ය ආයතන වලට සින්න වෙමින් පවතී.

Bank loans
Source: AAP

බැංකු වලට සහ මුල්‍ය ආයතන වලට නිසි බලධාරීන්ගෙන් බලපෑම්

රාජකීය බැංකු කොමිසමේ අවසන් වාර්තාවත් සමග ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මුල්‍ය ආයතන වල මුදල් සහ ණය හැසිවරවීමේ පටිපාටි සඳහා දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතී.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු මුල්‍ය ක්ෂේත්‍රයේ නිසි බලධාරියෙකු ලෙස කටයුතු කරන Australian Securities and Investments Commission පසුගිය සතියේදී මෙම කටයුතු නියාමනය කරනු පිණිස උපදේශන පත්‍රිකාවක් ද නිකුත් කළේය.

ණයක් හෝ ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගැනීමේදී පාරිභෝගිකයින්ගේ ජීවන වියදම බැංකු මැන බලන්නේ කෙසේද යන්න එහිදී ප්‍රශ්න කෙරෙනු ඇත.

මෙම උපදේශන පත්‍රිකාව නිකුත් කිරීම හේතුවෙන්ම ඔස්ට්‍රේලියාවේ බොහෝ බැංකු සහ මුල්‍ය ආයතන විසින් අනාගතයේදී පාරිභෝගිකයින් සඳහා ණය සහ ක්‍රෙඩිට් කාඩ් පත් නිකුත් කිරීමේදී ඉතා තද ප්‍රතිපත්ති අනුගමනය කිරීමට විශාල වශයෙන් හැකියාව තිබේ.

එහිදී නිවාස ණය, පුද්ගලික ණය, වාහන ණය මෙන්ම ක්‍රෙඩිට් කාඩ් ලබා ගැනීමේදී පාරිභෝගිකයින් හට ඉතා දැඩි ක්‍රමවේදයකට සහ තොරතුරු පරීක්ෂාවකට ලක් කෙරෙනු ඇත.

ඊට අමතරව 2018 ජූලි 01 වන දින සිට ඔස්ට්‍රේලියාවේ සියලුම බැංකු සහ ප්‍රධාන මුල්‍ය ආයතන විසින් Comprehensive Credit Reporting ක්‍රමවේදය අනුගමනය කිරීම ආරම්භ කිරීමත් සමග කිසිදු පාරිභෝගිකයෙකුට තමන්ගේ ණය තොරතුරු සැඟවිය නොහැකි තත්ත්වයක් උද්ගතව පවතී.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------


3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now