වැඩිහිටි කාන්තාවකගේ මරණයත් සමඟම, වික්ටෝරියානුවන් දහස් ගණනක් මාරාන්තික බැක්ටීරියා ආසාදනයකට නිරාවරණය වීමට ඉඩ ඇතයි වාර්තා වෙයි.
SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
රෝහල්, වැඩිහිටි නිවාස, නගර සභා කිහිපයකට සහ Meals on Wheels සේවා සඳහා ආහාර සැපයූ ආහාර සැපයුම් සමාගමක් තුළින් listeriosis බැක්ටීරියාව පැතිරීමට ඇති අවදානම නිසා මේ වන විට එම ආයතනය වසා දමා තිබෙයි.
මෙසේ සෞඛ්‍යය දෙපාර්තමේන්තුව විසින් පසුගිය සිකුරාදා වසා දමා ඇත්තේ Dandenong South හි පිහිටි I Cook Foods ආයතනයයි. මේ සඳහා තුඩු දෙනු ලැබුවේ I Cook Foods ආයතනය විසින් Melbourne's east හි පිහිටි පෞද්ගලික රෝහලකට ආසාදිත ආහාර සපයා ඇතයි යන සැකයයි.
මෙම මස මුලදී මියගිය අසූ හැවිරිදි කාන්තාවගේ මරණය සඳහා හේතු වී ඇති බවට සැක කරනුයේද මෙම බැක්ටීරියාවයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩ බලන ප්‍රධාන සෞඛ්‍යය නිලධාරි Brett Sutton වාර්තාකරුවන්ට පවසා සිටියේ, මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන අතරවාරයේ දීම සෞඛ්‍යය දෙපාර්තමේන්තුව විසින් බැක්ටීරියාව පැතිරීමට ඇති අවදානම හැකිතාක් අවම කිරීමේ බලාපොරොත්තුවෙන් I Cook Foods ආයතනය වසා දැමූ බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය Sutton පවසා සිටියේ ඔවුන් විසින් මියගිය වැඩිහිටි කාන්තාව අධි අවදානමක් සහිත ආහාර ගණනාවක් පරිභෝජනය කර ඇති බව තේරුම් ගෙන ඇති බවත් ප්‍රජාව තුළ සිදු කල විමර්ශන සියල්ල දැනට I Cook Foods වෙත යොමුවෙන බවයි.
තවමත් විමර්ශන කටයුතු මුල් අවධියේ පසු වුවද ආහාර නිෂ්පාදනයේ දී සිදු වූ වරදක් මෙම සිදුවීමට හේතුවී ඇති බවට වෛද්‍ය Sutton විශ්වාස කරයි.
දහස් ගණනක් ජනයා මෙම ආසාදනයට නිරාවරණය වීමට වැඩි ඉඩකඩක් ඇති බවද වෛද්‍ය Sutton පෙන්වා දෙයි.
ව්‍යාපාරික මුළුතැන්ගෙයෙහි තිබී listeriosis ධනාත්මක සාම්පල හයක් මේ වන විට හමුවී තිබෙයි.
නිෂ්පාදනය පහසුකම් යළි විවෘත කිරීමට පෙර සෞඛ්‍යය දෙපාර්තමේන්තුව විසින් මෙම ආයතනය සමාලෝචනයකට, නැවත පරීක්ෂණයකට හා පිරිසිදු කිරීමකට භාජනය වනු ඇත.
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese වෙබ් පිටුවෙන්
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live
සජීවීව ගුවන් විදුලියෙන්
(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /
93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************
