දියුණු යයි සැලකෙන ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට ඇති තැන මෙන්න : ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්. (SBS සිංහල/වාර්තා)

Women's day

Source: AAP

ජාත්‍යන්තර කාන්තා දිනය හෙටට (08/03) යෙදී තිබේ.

කාන්තා දිනය පදනම් කරගනිමින් කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සමානාත්මකතාව සඳහා සටන් කිරීම, ඔවුන්ගේ සමාජ දායකත්වය පිළිබඳ ලොව පුරා සාකච්ඡාවට බඳුන් වෙයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


 

ඔස්ට්‍රේලියානු සමාජය පිරික්සීමේදී ද ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් හට තවමත් සමාජයේ නිසි සැලකීම් නොලැබෙන බවක් පෙනෙන්නට ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.

විශේෂයෙන්ම සේවා ස්ථාන වල, විශ්ව විද්‍යාල ඇතුළු අධ්‍යාපනික ස්ථාන වල, රජයේ ආයතන වල, නිවෙස් වල මෙන්ම පොදු ස්ථාන වලදී කාන්තාවන්ට වෙනස් කොට සැලකීම සහ හිංසන සිදු කිරීම අදටත් අඩු වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාව තුළ සිදුවන බව වාර්තා වේ.

Women's day
Source: Pixabay

ඔස්ට්‍රේලියානු කාන්තාවන් අතීතයට වඩා පෙරට පැමිණෙයි.

තත්ත්වය එසේ පැවතුණද පසුගිය දශක කිහිපය තුළදී ඔස්ට්‍රේලියානු කාන්තාව සමාජයේ පිරිමින් සිටින ස්ථානය දක්වා කැපී පෙනෙන දුරක් ගමන් කර ඇති බව ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම පවසයි.

විශේෂයෙන්ම සේවා ස්ථාන වල, රජයේ ආයතන වල මෙන්ම විශ්ව විද්‍යාල වල කාන්තාවන් ඉහළ තනතුරු වලට පැමිණීම සහ තීරණ ගැනීමේ කණ්ඩායම් වලට එකතුවීම එහිදී කැපී පෙනෙන කරුණක් බව ඔවුන් පෙන්වා දෙයි.

1984 දී සම්මත කරගත් Sex Discrimination Act හෙවත් ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් කොට සැලකීම සම්බන්ධ පනත නිසා කාන්තාවන්ට ඔස්ට්‍රේලියානු සමාජයේ සිදුවන විවිධවූ ලිංගික හිංසන, වෙනස්කම් කිරීම් සහ අඩන්තේට්ටන් සැලකිය යුතු ප්‍රමාණයකින් අවම වන්නට විය.

මානව හිමිකම් සුරැකීම සම්බන්ධව ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තරට වගකීමේදී මෙම පනත විශාල රුකුලක් වන බවද ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම පවසයි.

ඔස්ට්‍රේලියාවේ Sex Discrimination පනත හරහා පහත සඳහන් අරමුණු ඉටුවන බව ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම අනාවරණය කරයි.

  • ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ප්‍රවර්ධනය කිරීම.
  • ස්ත්‍රී - පුරුෂ භාවය, විවාහක - අවිවාහක භාවය, ගර්භනීය භාවය මත වෙනස් කොට සැලකීම හෙළාදැකීම සහ වැලැක්වීම.
  • සේවා ස්ථාන වල, අධ්‍යාපනික ස්ථාන වල ඇතුළු සමාජයේදී ලිංගික හිංසනයන්ට ගොදුරු වීම වැලැක්වීම.
Mother's day
Mother's day Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්

ඔස්ට්‍රේලියානු මුළු ජනගහනයෙන් කාන්තා නියෝජනය 50.7% කි.

ඔස්ට්‍රේලියාවේ රැකියා වල නියුතු පිරිසෙන් කාන්තාවන් 47% කි.

සාමන්‍යයෙන් සතියකදී ඔවුන් ලබන වැටුප පිරිමින්ට වඩා ඩොලර් 251.20 ක අඩුය.

එම හිඟය පියවාගැනීමට  ඔස්ට්‍රේලියානු කාන්තාවක් වසරකට දින 56 ක් අමතරව සේවය කළ යුතු වේ.

ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව 15.3% කි.

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයින් රැකබලා ගැනීමේදී ඔස්ට්‍රේලියාවේ කාන්තන්වන්ගේ දායකත්වය 68% කි.

ළමුන් රැකබලා ගැනීමේදී කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව දිනකට තුන්ගුනයක කාලයක් මිඩංගු කරයි.

ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව මනිනු ලබන ගෝලීය දර්ශකයේ ඔස්ට්‍රේලියාව 2017 වසරේදී 35 වන ස්ථානයට පත්විය.

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ඔස්ට්‍රේලියානු ආර්ථිකයට 2015-16 කාලයේදී ඩොලර් බිලියන 22 ක පිරිවැයක් දැරීමට සිදුවිය.

Women's day
Source: Getty Images

ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව ඇති කිරීමට ඇති බාධක

කාන්තාවන් වැඩිපුර දායකත්වයක් සපයන ළමා සුරැකුම්, වැඩිහිටි සුරැකුම් සහ ප්‍රජා  - සෞඛ්‍ය සේවාවන් වලට තවමත් නිසි වටිනාකමක් නොලැබීම.

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් වැඩි ප්‍රමාණයක් අර්ධ කාලීන රැකියා කරන්නන් බවට පත්වීම.

වයස අවුරදු 18 හෝ ඊට වැඩි සෑම කාන්තාවන්ගෙන් හරි අඩකටත් වඩා තම දිවියේදී ලිංගික හිංසනයන්ට මුහණ දීම.

තමන්ගේ වැඩ කරන සතියක කාලයෙන් 64% ක් ගෙවීම් රහිත නිවසේ සහ රැකබලා ගැනීම් කටයුතු වල කාන්තාවන් නිරත වෙයි.

2015-16 කාලයේදී කාන්තාවක් විශ්‍රාම යන විට ලැබෙන superannuation මුදල පිරිමියෙකුට වඩා සාමන්‍යයෙන් $113,660 කින් අඩුය.

එනිසාම පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් විශ්‍රාම දිවියේදී දුගී බවින් පෙලීමේ වැඩි සම්භාවිතාවක් පවතී.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now