මෙල්බර්න් නුවර Metro දුම්රිය මැදිරි ආසන වල Seat Covers හෙවත් ආසන කවර වෙනස් කිරීමට වික්ටෝරියානු ප්‍රවාහන බලධාරීන් සූදානම් වන බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
මෙල්බර්න් Metro දුම්රිය මැදිරි ආසන වල මේ වන විට ඇති ආසන කවර වල නිර්මාණ සැලසුම (Design) යල් පැනගිය එකක් බවත් මගී ආසන වල අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා එයින් එතරම් සහයක් නොලැබෙන බවත් ඊට ප්‍රධාන හේතුව බව The Age පුවත්පත වාර්තා කරයි.

පැරණි ආසන කවර
මෙල්බර්න් Metro දුම්රිය මැදිරි ආසන වල මේ වන විට පවතින ආසන කවර නිල් පැහැති පසුබිමක දේදුනු වර්ණ වලින් යුක්ත විවිධ හැඩතල අඩංගු මෝස්තරයක් අඩංගුය.
නමුත් ඒවායින් අපේක්ෂිත අරමුණු කරා යාම එතරම් සාර්ථක නොවුණු බව වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා බලධාරීන් පවසයි.
සාමන්‍යයෙන් ආසන කවරයක ඇති සැලැස්ම (Design), වර්ණ සහ අඩංගු හැඩතල වලින් යම් යම් පණිවිඩ මගීන් හට ලබා දෙයි.
එනිසාම නූතන සමාජයට සරිලන ආකාරයෙන් මෙම ආසන කවර සඳහා නව වර්ණ සහ හැඩතල සහිත සැලස්මක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ වෙයි.
විශේෂයෙන්ම සාමන්‍ය දුම්රිය මගී ආසන වලට වඩා Priority Seats හෙවත් ප්‍රමුඛතා ආසන වල වර්ණය වෙනස් වර්ණයක් ගත යුතු බව ඔවුන් විශ්වාස කරයි.

නව ආසන කවර
මෙල්බර්න් Metro දුම්රිය මැදිරි වල ඇති ආසන සඳහා නව ආසන කවර නිර්මාණය කිරීමේ මූලික වගකීම පැවරී ඇත්තේ Public Transport Victoria හි පාරිභෝගික සේවා අංශයේ නිර්මාණශීලී කටයුතු ප්‍රධානී ලෙස සේවය කරන Dean Butler හටය.
ආසන වල කුරුටු ගෑම්, අසන කවර ඉරීම, තීන්ත හැලීම සහ අපවිත්‍ර කිරීම වැනි බොහෝ පොදු ප්‍රවාහන සේවා වල ආසන වලට සිදුකරන විවිධ අකටයුතුකම් වලට මනාව ඔරොත්තු දිය හැකි වර්ණ සංයෝජනයක් සහිත නව ආසන නිර්මාණ සැලැස්මක් ඉදිරිපත් කිරීම ඔහුගේ මූලික අරමුණ වෙයි.
ඉදිරි වසර 10 පුරාවට ගැලපෙන පරිදි මෙල්බර්න් නුවර සියලු දුම්රිය, ට්‍රෑම් සහ බස් රථ වල ආසන කවර අලුතින් නිර්මාණය කිරීම සඳහා පසුගිය මාස 18 ක කාලයක පටන් Butler කටයුතු කරමින් පසුවෙයි.
එම මගී ප්‍රවාහන මාදිලි අනුව ආසන කවර ප්‍රධාන වර්ණයන් 4 කට බෙදා ඇත්තේ පහත පරිදිය.
- Metro දුම්රිය - නිල් පැහැය
- V-line දුම්රිය - දම් පැහැය
- ට්‍රෑම් - කොළ පැහැය
- බස් රථ - අඳුරු පැහැයක් (තවම තීරණය කර නොමැත)
එමෙන්ම, සියලු මගී ප්‍රවාහන මාදිලි වල ප්‍රමුඛතා ආසන තැඹිලි පැහැයක් ගන්නා බවත් සඳහන්.

නව ආසන කවර නිර්මාණ ඉදිරිපත් කිරීමට මහජනයාටත් අවස්ථාවක්
මෙල්බර්න් මෙට්‍රෝ දුම්රිය මැදිරි වල නව ආසන කවර නිර්මාණය කිරීමේ කටයුත්තට ලෝක ප්‍රකට නිර්මාණ සැලසුම් සමාගමක් වන CityLab ආයතනයද සම්බන්ධව සිටියි.
ඔවුන් නව ආසන කවර නිර්මාණ ඉදිරිපත් කිරීමට මහජනයාටත් අවස්ථාවක් ලබා දී ඇති අතර යම් පුද්ගලයෙකුට යම් අදහසක් ඇත්නම් ඔවුන්ගේ ට්විටර් ගිණුම හරහා එය ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.
දුම්රිය මැදිරි ආසන කවර නිර්මාණය කිරීමේදී පහත සඳහන් කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ඔවුන් පවසයි.
01. ක්ෂණිකව අවධානය යොමු විය යුතුය.
02. කාලයත් සමග අවපැහැ නොගත යුතුය.
03. කුරුටු ගෑමට හෝ අපවිත්‍ර කිරීමට අඩු අවකාශ සැලසීම.
04. ඇස් නිලංකාර වන අන්දමේ වර්ණ සංයෝජනයන් රහිත විය යුතුය.

Metro දුම්රිය පද්ධතිය
මෙල්බර්න් Metro දුම්රිය පද්ධතියට ප්‍රධාන දුම්රිය මාර්ග 15 ක් අයත්වේ.
කිලෝ මීටර් 965 ක් පමණ පරාසයක විහිදුණු දුම්රිය එම මාර්ග වල දුම්රිය 220 ක් පමණ ධාවනය කෙරේ.
Metro දුම්රිය සඳහා දුම්රිය ස්ථාන 219 ක් පමණ අයත් වන අතර සේවය කරන මුළු සේවක සංඛ්‍යාව 3500 ක් පමණ වන සඳහන්.
ඔස්ට්‍රේලියාවේ විශාලතම උප නගරාන්තර දුම්රිය පද්ධතිය වන මෙමගින් සාමන්‍යයෙන් දිනකට මගීන් 660,000ක් පමණ ප්‍රවාහනය කරන බව වාර්තා වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

