ඔස්ට්‍රේලියාවේ රිය ධාවනය කරන විට දුරකථන ඇමතුම් ලබා ගැනීම අවහිර කිරීම සඳහා නව තාක්ෂණික ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ RACV ආයතනය සූදානම් වෙයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
එහිදී යමෙකු රිය ධාවනය කරන විට ඔහුගේ දුරකතන ඇමතුම් සහ Wi-Fi සබඳතා අවහිර කිරීම මෙහිදී ඉලක්ක කෙරේ.

දුරකතන ඇමතුම් සහ Wi-Fi සබඳතා අවහිර කිරීම
රිය ධාවනයේදී තමන්ට දුරකථන ඇමතුම් නොලැබීමට සහ අනතර්ජාල ඇමතුම් නොලැබීමට ජංගම දුරකතනයේ ඇති ‘Do Not Disturb While Driving’හෝ 'Airplane Mode" යන මාදිලි ක්‍රියාත්මක කළ හැකිවෙයි.
නමුත් බොහෝ රියදුරන් මෙම අංග බොහෝ විට ක්‍රියාත්මක නොකරයි.
ඒ වෙනුවට බොහෝ රියදුරන් තම රිය ධාවනය අතරතුර නීති විරෝධී ලෙස තම ජංගම දුරකතනය භාවිත කරන බවත් එහිදී බොහෝ දෙනෙකු නීතියේ රැහැනට හසුවී දඩ ලබා ඇති බවත් The Age පුවත් පත වාර්තා කරයි.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මහා මාර්ග වල ඉතා බහුලව අනතුරු සිදුවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
එනිසාම රියදුරන්ට රිය ධාවනයේදී දුරකතනය භාවිත කිරීම අවහිර කිරීම පිණිස යම් තාක්ෂණික ක්‍රියාවලියක් සිදුකළ හැකිද යන්න සොයාබැලීමට Google සහ Apple ඇතුළු තාක්ෂණික ලෝකයේ දැවැන්තයින්ගෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉල්ලා සිටියි.
ඒ අනුව අදාළ රියදුරා යම් වේගයකින් තම රිය ධාවනය කරන විටදී ඔහුගේ දුරකතනය භාවිත කිරීම අවහිර කිරීමේ යම් ක්‍රමයක් ජංගම දුරකථනවල නිර්මාණය කිරීමට බොහෝ විට අවධානය යොමුවනු ඇත.
මේ අතර නව ආරක්‍ෂිත රිය ධාවන තාක්ෂණික ක්‍රමෝපායන් පිලිබද අවධානය යොමු කරන ලෙස Telstra, Apple, Google සහ Optus ආයතන වෙත ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Michael McCormack ලිඛිතව ඉල්ලා තිබේ.

ඔස්ට්‍රේලියාවේ මාර්ග ආරක්ෂණය
ඔස්ට්‍රේලියාවේ මහා මාර්ග වල සිදුවන අනතුරු හේතුවෙන් දැරීමට සිදුවන වාර්ෂික පිරිවැය අති විශාල බව ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම්, ප්‍රාදේශීය සංවර්ධන සහ නාගරික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් සඳහන් කරන ආකාරයට ඒ සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 27 ක් පමණ දැරීමට සිදුවන බව ඇස්තමේන්තු ගත කර තිබේ.
1925 වසරේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියානු මහා මාර්ග වල හටගත් අනතුරු වලින් 190,000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම්, ප්‍රාදේශීය සංවර්ධන සහ නාගරික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවෙතත්, මාර්ග ආරක්ෂණ නීති සහ දැනුවත් කිරීම් හේතුවෙන් පසුගිය දශක හතර තුළ මාර්ග අනතුරු හේතුවෙන් වසරකට සිදුවන මරණ සංඛ්‍යාව පහත බසින් තිබෙන බවද වාර්තා වේ.
එම ප්‍රමාණය 1970 දී 3,798 ක් ලෙස වාර්තා වූ අතර 2017 දී 1,227 ක් ලෙසට වාර්තා විය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

