ඔස්ට්‍රේලියාවේ සේවායෝජකත්වය ක්‍රමයෙන් අඩුවෙන බවක් දක්නට ඇතැයි වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
බොහෝ විට සේවායෝජකත්වය හා සම්බන්ධව රැකියා පුරප්පාඩු සඳහා පළ කරන දැන්වීම් සෘජු සම්බන්ධයක් දක්වන බව ආර්ථික විශ්ලේෂකයින් විශ්වාස කරයි.

රැකියා පුරප්පාඩු සඳහා පළ කරන දැන්වීම් වල අඩුවීමක්
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙම කාලය තුළ රැකියා පුරප්පාඩු සඳහා පළ කරන දැන්වීම් වල සැලකිය යුතු අඩුවීමක් දක්නට ඇතැයි news.com.au වෙබ් අඩවිය පවසයි.
ANZ බැංකුව රැකියා පුරප්පාඩු සඳහා පළ කරන දැන්වීම් සම්බන්ධව සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව පෙන්වා දී තිබේ.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඔස්ට්‍රේලියාවේ රැකියා පුරප්පාඩු සඳහා පළ කරන දැන්වීම් වල 4.3% ක පහත යාමක් පෙන්නුම් කරන බව සඳහන්.
පසුගිය වසරේ අග භාගය වන තෙක් රැකියා පුරප්පාඩු සඳහා පළ කරන දැන්වීම් වල වැඩිවීමක් පෙන්වූ නමුත් එතැන් පටන් මේ දක්වා එහි අඩුවීමක් දක්නට ලැබෙන බව එම දත්ත පෙන්වා දෙයි.
පසුගිය වසර 15 ඇතුළත ඔස්ට්‍රේලියාවේ රැකියා පුරප්පාඩු සඳහා පළ කරන දැන්වීම් වල උච්ඡතම අවධිය වුයේ 2007 - 09 කාල වකවානුව බවද ANZ බැංකුවේ එම සමීක්ෂණය අනාවරණය කරයි.

ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ පසුබැස්ම
ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ ප්‍රධාන අංශ කිහිපයකම යම් පසුබැසීමක් පසුගිය සමයේදී දක්නට ලැබුණි.
පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාස තුළ සිල්ලර වෙළෙඳාමේ සැලකිය යුතු කඩා වැටීමක් දක්නට ලැබුණු බව වාර්තා වේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාව පුරාම නිවාස වෙළෙඳ පොළේ මිල ගණන් තවමත් කඩා වැටෙමින් පවතින අතර මේ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තයටද දැඩි පහරක් එල්ලවී තිබේ.

සේවයෝජකත්වය අඩුවීමක්
මේ සියලු සාධක සමග ඔස්ට්‍රේලියාවේ සේවයෝජක්ත්වය ද කෙමෙන් පහළ බසින සෙයක් පෙනෙන්නට ඇත.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 5% මට්ටමේ පවතියි.
2018 මැද භාගයේ පටන් එය 5% මට්ටමේ පවතින නමුත් සේවායෝජකත්වයේ යම් අඩුවක් පෙන්නුම් කරන බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.
පසුගිය ජනවාරි මාසය වන විට ඔස්ට්‍රේලියාවේ වාර්තාගත විරැකියාවෙන් පෙළෙන සංඛ්‍යාව 673,500 කි.
පූර්ණ කාලීන රැකියාවක් සොයන පිරිස 2,700 සිට 461,600 දක්වාත් අර්ධ කාලීන රැකියාවක් සොයන පිරිස 3,900 සිට 211,900 දක්වාත් ඉහළ නැග ඇති බව tradingeconomics වෙබ් අඩවිය පවසයි.
පසුගිය ජනවාරි මාසයේ පිරිමි පාර්ශවයේ විරැකියා ප්‍රමාණය 3,100 කින් පමණ අඩුවී ඇති අතර කාන්තාවන්ගේ විරැකියා ප්‍රමාණය 9,700 කින් ඉහළ නැග තිබේ.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------

