ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීමට වත්මන් ඔස්ට්‍රේලියාවේ ලිබරල් සන්ධාන රජය සූදානම් වෙමින් සිටියි. කැබිනට් මණ්ඩලය දැනටමත් සාකච්චා ආරම්භ කොට ඇති බවත් ඒ අනුව මේ වෙනවිට වාර්ෂිකව ඔස්ට්‍රේලියාවට ලබාගන්නා එක ලක්ෂ 90 දහසක් වන සංක්‍රමණිකයින් ප්‍රමාණය එක්ලක්ෂ 60 දහස දක්වා කප්පාදු කෙරෙනු ඇති බවත් සඳහන්. තවදුරටත් වාර්තාවන පරිදි "regional settlement policy" හෙවත් 'ප්‍රාදේශීය සංක්‍රමණික ස්ථාපන' ප්‍රතිපත්තියක් හඳුන්වාදීම සහ ඒ යටතේ මෙරටට පැමිණෙන නිපුණත සංක්‍රමණිකයින් අවම වශයෙන් වසර 5 ක කාලයක් ප්‍රාදේශීය නගරාශ්‍රිත ප්‍රදේශ වලට යොමු කෙරෙනු ඇත. එසේම හඳුන්වාදීමට යන මෙම නව ප්‍රතිපත්තිය යටතේ මෙරටට පැමිණෙන අන්තර්ජාතික ශිෂ්‍යයන් සිඩ්නි සහ මෙල්බෙන් යන ප්‍රධාන නගර වලින් පරිබාහිරව වෙනත් ප්‍රාන්තවල විශ්වවිද්‍යාල වලට අයදුම් කරන්නේ නම් ඔවුනට ඒ වෙනුවෙන් වන දිරිදීමනාවක් ලබාදීමටද මධ්‍යම රජය සැලසුම් කරමින් සිටී.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
මේ පිළිබඳ පසුගිය කාලයේ පටන්ම අගමැති Scott Morrison විවිධ ඉඟි පළ කළ අතර එළඹෙන අප්‍රේල් මාසයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයත් සමග මේ පිළිබඳ සියලු සැලසුම් ඉදිරිපත් කිරීමට ඔවුන් සූදානම් වෙයි.

ඔස්ට්‍රේලියාවේ දැවැන්ත සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ විරෝධය
වතමන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ දැවැන්ත සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් තම විරෝධය පළ කර ඇති බව The Age පුවත්පත වාර්තා කරයි.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහනට ඔවුන් එක හෙළා සහය පළ කරන බවත් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය උදෙසා විදෙස් නිපුණතා සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බවත් ඔවුන් පවසයි.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධව Sydney Morning Herald සහ The Age පුවත්පත් ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ දැවැන්ත සමාගම් වල ප්‍රධානීන් ගෙන් විමසා සිටි අවස්ථාවකදී මේ බව අනාවරණය විය.
Telstra, Woodside, Qantas, Suncorp, GPT, Australia Post වැනි ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ දැවැන්ත සමාගම් ඒ අතර විය.

නිපුණතා සංක්‍රමණිකයින් ගේ වැදගත්කම
ඉහත සඳහන් සියලු සමාගම් වල ප්‍රධානීන් නිපුණතා සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු සමාජයට සහ ආර්ථිකයට කෙතරම් වැදගත්ද යන්න එහිදී පැහැදිලි කර තිබුණි.
පරිගණක මෘදුකාංග ඉංජිනේරුවන් ගේ සිට විද්‍යාඥයින් දක්වාත් වෛද්‍යවරුන්ගේ සිට වැල්ඩින් කාර්මික ශිල්පීන් දක්වාත් වූ නිපුණතා සංක්‍රමණිකයින් ගේ වැදගත්කම සහ ප්‍රයෝජනවත් බව එහිදී ඔවුන් පෙන්වා දුන්නේය.
ඔස්ට්‍රේලියාව යනු සංක්‍රමණික ප්‍රජාව මත පදනම් වූ සහ වර්ධනය වූ රටක් බවත් මෙහි ඉදිරි සංවර්ධනයට නිපුණතා සංක්‍රමණය අතිශය වැදගත් බවත් Woodside හි ප්‍රධාන විධායක Peter Coleman පැවසීය.
මේ අතර Telstra ප්‍රධාන විධායක Andy Penn ද ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා තම සහය පළ කළේ එහි ඇති වටිනාකම පෙන්වා දෙමිනි.
"අපගේ විදුලි සන්නිවේදන ක්ෂේත්‍රයට මෘදුකාංග ඉංජිනේරුවන් 1500 ක් පමණ අවශ්‍යයි. නමුත් පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවට බිහි කර දීමට හැකියාව ලැබුණේ මෘදුකාංග ඉංජිනේරුවන් 1200 ක් පමණයි. මෙය ඇත්තටම ගටලුදායී තත්ත්වයක්" යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව කප්පාදු කළහොත් හෙට දිනයේ සිට ආර්ථිකය පහත බසිනු ඇතැයි Harvey Norman සමාගමේ සභාපති Gerry Harvey පැවසීය.

සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීමේ අගමැතිගේ යෝජනාව
ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාර ගන්නා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය 30,000 කින් පමණ කප්පාදු කිරීමට තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පසුගිය වසරේ නොවැම්බර් මස පැවසීය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන තදබදය පාලනය කිරීම මෙහි මූලික අරමුණ බවද ඔහු එහිදී පැවසීය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ඉහළ යන ජනගහනයට සමගාමීව මාර්ග ඉදි නොවන බවත් එනිසාම ඒවායේ වාහන තදබදය ක්‍රමිකව වර්ධනය වී ඇති බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.
තවද, පොදු ප්‍රවාහන සේවාවන් වල මගී තදබදයද ජනගහන වර්ධනය හේතුවෙන් දිනෙන් දින ඉහළ යන බව ඔහු පැහැදිලි කළේය.
නමුත් වැඩිවන ජනගහනයට සාපේක්ෂව යටිතල පහසුකම් අලුතින් ඉදිකිරීම සහ සංවර්ධනය කිරීම මධ්‍යම රජයේ වගකීම බවත් සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීම ඊට පිලියමක් නොවන බවත් ඔස්ට්‍රේලියාවේ දැවැන්ත සමගම් වල ප්‍රධානීන් පවසයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

