ඔස්ට්‍රේලියාවේ ගොවිපොළ වල සේවය කිරීම සඳහා නිපුණතාව සහිත විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේදී පනවා තිබූ වීසා නීති ලිහිල් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සතියේදී තීරණය කළේය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල සිටින ගොවීන් තම කෘෂිකාර්මික කටයුතු සහ සත්ත්ව පාලන කටයුතු සිදු කරගැනීමේදී මුහුණ පාන සේවක ගැටළු මගහරවා ගැනීමට මෙයින් ඉඩ සැලසෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විශ්වාස කරයි.

ප්‍රාදේශීය වෘත්තීන් ලැයිස්තුවට නව වෘත්තීන් 18 ක්.
ගොවිපොළ ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය ව්‍යාපාර සඳහා සහය දැක්වීම පිණිස ප්‍රාදේශීය වෘත්තීන් ලැයිස්තුවට නව වෘත්තීන් 18 ක් ඇතුළත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කළ බව ආගමන කටයුතු අමාත්‍ය David Coleman නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එම වෘත්තීන් 18 ට livestock, beef, dairy, sheep, aquaculture සහ crop farmers යන කෘෂිකර්මයට සහ සත්ත්ව පාලනයට අදාළ වෘත්තීන් ඇතුළත් වන බව එහි වැඩි දුරටත් සඳහන්.
එමෙන්ම dentist සහ anaesthetist යන වෘත්තීන්ද ප්‍රාදේශීය වෘත්තීන් ලැයිස්තුවට නව වෘත්තීන් ලෙස ඇතුළත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
නිපුණතා සංක්‍රමණික වැඩසටහන හරහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලට යාමේ අඩු ප්‍රවනතාවත් එනිසාම කෘෂිකාර්මික සහ සත්ත්ව පාලන ක්ෂේත්‍ර සඳහා ශ්‍රම හිඟයක් පවතින බවත් ආගමන කටයුතු අමාත්‍යවරයා විශ්වාස කරයි.
මෙම පියවර හේතුවෙන් අදාළ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ විදේශයන්හි වෙසෙන නිපුණතා සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලට ආකර්ෂණය කරගැනීමට හැකියාව ලැබෙන බවද ඔහු පෙන්වා දෙයි.

කම්කරු පක්ෂයේ විරෝධය
ඔස්ට්‍රේලියාවේ වෙසන පුද්ගලයින්ට අදාළ වෘත්තීන් සඳහා අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා නොදී විදේශයන් ගෙන් පුහුණු ශ්‍රමිකයින් ගෙන්වීම පිළිබඳ කම්කරු පක්ෂය විරෝධය පළ කරන බව කම්කරු පක්ෂයේ ආගමන කටයුතු පිළිබද ඡායා අමාත්‍ය Shayne Neumann නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම තීරණය අහෝසි කළ 457 වීසා ඛාණ්ඩය වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක කිරීමක් බව ඔහුගේ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.
ඔස්ට්‍රේලියානු සේවකයින් දෙවැනි තැනට ඇද දමා විදෙස් ශ්‍රමිකයින් ට පළමු තැන ලබා දීම වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආර්ථික සැලැස්ම දැයි ඔහු ප්‍රශ්න කරයි.

අහෝසි කළ 457 වීසා
විදේශීය ශ්‍රමිකයින්ට ඔස්ට්‍රේලියාව තුල රැකියා අවස්ථා උදා කරදුන් 457 වීසා ඛාණ්ඩය 2018 වසරේ මාර්තු 18 වන දින සිට අහෝසි කිරීමට වතමන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.
1996 Howard රජය මගින් 457 වීසා ඛාණ්ඩය හදුන්වා දුන් අතර, එමගින් වසර 4ක කාලයක් සදහා ඔස්ට්‍රේලියාව තුළ කේෂ්ත්‍ර ගණනාවක රැකියා වල නිරත වීම සදහා විදේශීය ශ්‍රමිකයින්ට අවස්ථාව ලැබිණි.
මෙම වීසා කාණ්ඩය යටතේ රැකියා කේෂ්ත්‍ර 650 කට අධික සංඛ්‍යාවක් සදහා ශ්‍රමිකයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව ලැබුණු අතර, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ද ඔස්ට්‍රේලියාවට රැගෙන ඒමේ අවස්ථාව ඔවුන්ට හිමි විය.

නව Farmers වීසා
Farmers වීසා කෙරෙහි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අනුගමනය කරන ලිහිල් ප්‍රතිපත්ති හේතුවෙන් අදාළ විදෙස් සංක්‍රමණිකයින්ට වසර 4 ක රැකියා වීසාවක් හිමිවෙයි.
නමුත් ඔවුන් කෘෂිකාර්මික හෝ සත්ත්ව පාලන ක්ෂේත්‍රයක රැකියාවක නිරත විය යුතු අතර තම වීසාවලට නියම කරන ලද කලාපයේ රැකියා කරමින් වාසය කළ යුතු වෙයි.
මෙම ලිහිල් කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ Working Holiday Maker වීසා සහ Seasonal Worker යන වැඩසටහන් යටතේ ගොවිපොළ වලට සේවකයින් බඳවා ගැනීමේදී ඇති ශ්‍රම හිඟය වැනි අර්බුද සඳහා ප්‍රයෝගික විසඳුමක් ලැබෙනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විශ්වාස කරයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

