ඔබේ අතෙහි මුදල් නොමැති වුවහොත් ඔබගේ දෙමාපියන්ගෙන් හෝ නිවසේ සිටින අයකුගෙන් ඔබ අතමාරුවක් කරගැනීම සාමාන්‍ය සිදුවීමකි.
අදාළ පුද්ගලයින්ගෙන් නොඅසා ඔවුන්ගේ මුදල් ගැනීම සාමන්‍යයෙන් සිදු නොකළ යුත්තකි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
නමුත් සමාජයේ ඇතැම් දෙනා එලෙස කිසි ලෙසකින් හෝ අසන්නේ බලන්නේ නැතිව ඔවුන්ගේ මුදල් ලබා ගන්නා බව වාර්තා වේ.

අනවසරයෙන් මුදල් ගැනීම
මෙලෙස තම පවුලේ උදවියගෙන් නොඅසා ඔවුන්ගේ මුදල් ගැනීම හෙවත් සොරකම් කිරීම ඔස්ට්‍රේලියාව තුළ සිදුවන්නේ කුමන අයුරින්ද කියා සමීක්ෂණයක් සිදුකර තිබේ.
Canstar ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඔස්ට්‍රේලියානු සමාජයේ වයස අවුරුදු 18 සිට 70 දක්වා පුද්ගලයින් ඒ සඳහා යොදාගෙන තිබේ.
එහිදී තරුණ වයස් ඛාණ්ඩ වල සිටින සැලකිය යුතු පිරිසක් තම සහකරුවාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරන බවක් හෙළිවී තිබේ.

සාරාංශය
වයස අවුරුදු 30 ට අඩු යුවළ වලින් 20% ක් පමණ තම සහකරුවාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරයි.
වයස අවුරුදු 30 ත් 39 ත් අතර වයසේ පසුවන යුවළ වලින් 18% ක් පමණ තම සහකරුවාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරයි.
වයස අවුරුදු 40 ත් 49 ත් අතර වයසේ පසුවන යුවළ වලින් 8% ක් පමණ තම සහකරුවාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරයි.
වයස අවුරුදු 50 ත් 59 ත් අතර වයසේ පසුවන යුවළ වලින් 7% ක් පමණ තම සහකරුවාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරයි.
වයස අවුරුදු 60 ත් 69 ත් අතර වයසේ පසුවන යුවළ වලින් 4% ක් පමණ තම සහකරුවාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරයි.
වයස අවුරුදු 70 හෝ ඊට වැඩි යුවළ වලින් 1% ක් පමණ තම සහකරුවාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරයි.
මේ අනුව තරුණ වයසේ පසුවන යුවළ අනෙකාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කිරීමේ වැඩි සම්භාවිතාවක් වියපත් පුද්ගලයින්ට වඩා ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------

