ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි ACT රැකියා ලැයිස්තුවේ නවතම සංශෝධන මෙන්න. (SBS සිංහල/වාර්තා)

AAP

Source: Getty Images, AAP

ඔස්ට්‍රේලියාවේ Skilled nominated migration - 190 වීසා හරහා ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි Australian Capital Territory (ACT) රැකියා ලැයිස්තුවට අලුතින් වෘත්ත්තීන් කිහිපයක් එකතු කළ බව canberra your future නිල වෙබ් අඩවිය පවසයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


 

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඔස්ට්‍රේලියාවේ ජාතික සහ ප්‍රාදේශීය වෘත්තීන් ලැයිස්තුවල සිදු කළ සංශෝධන වලට අනුකූලව මෙම යාවත්කාලීන කිරීම සිදුකළ බව ඔවුන් පැහැදිලි කරයි.

ACT Occupation List
Source: www.canberrayourfuture.com.au

යාවත්කාලීන කළ ACT රැකියා ලැයිස්තුව

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා මධ්‍යම රජය විසින් සිදුකළ සංශෝධන පදනම් කරගනිමින් මෙලෙස ACT රැකියා ලැයිස්තුව යාවත්කාලීන කර ඇත.

මේ සියලු සංශෝධන 2019 මාර්තු 12 වන සිට ක්‍රියාත්මක වන බව Australian Capital Territory ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ වන විට Skilled nominated migration - 190 වීසා සඳහා අයදුම් කිරීමට ACT රැකියා ලැයිස්තුවේ වෘත්තීන් 85 ක් විවෘත කර තිබේ.

සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ, කෘෂිකාර්මික, මෝටර් රථ කාර්මික, වෘත්තීය පුහුණු, ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර වලට අදාළ වෘත්තීන් එම ලයිස්තුවට ඇතුළත් වෙයි.

ACT Occupation List
Source: Flickr

ACT ආරාධනා පත්‍ර වටය

Skilled nominated migration - 190 වීසා සඳහා සුදුසුකම් ලැබූ අයදුමකරුවන් සඳහා මසකට එක් වරක් හෝ දෙවරක් ආරාධනා පත්‍ර නිකුත් කිරීමක් ACT රජය සිදුකරයි.

ඒ අනුව පසුගිය මාර්තු 12 වන දින ACT නවතම ආරාධනා පත්‍ර වටය ක්‍රියාත්මක විය.

එහිදී ආරාධනා පත්‍ර 363 ක් නිකුත් කෙරුණු අතර ඒ සඳහා 2018 දෙසැම්බර් 31 දක්වා යොමුකර තිබු අයදුම්පත් සලකා බැලුණි.

ACT ආරාධනා පත්‍ර ලැබීමට සුදුසුකම් ලැබිය හැකි Canberra Matrix ලකුණු 60 ත් 110 ත් අතර ලකුණු මට්ටම් හිමි අයදුම්පත් සඳහා එහිදී ආරාධනා පත්‍ර නිකුත් කර තිබුණි.

මීලඟ ACT ආරාධනා පත්‍ර වටය  එළඹෙන මාර්තු 28 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ACT Occupation List
Source: AAP

Canberra Matrix

ACT රැකියා ලැයිස්තුව හරහා ඔස්ට්‍රේලියාවේ Skilled nominated migration - 190 වීසා වෙත අයදුම් කිරීමේ නව නීති ACT රජය පසුගිය වසරේ අග බාගයේදී හඳුන්වා දුන්නේය.

ඒ අනුව Canberra Matrix නමින් නවතම ලකුණු ක්‍රමයක් පදනම් කරගනිමින් ACT 190 වීසා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන ACT 190 වීසා හි නවතම ලකුණු ක්‍රමය වන Canberra Matrix පිළිබඳ පූර්ණ විස්තර මෙතනින්.

ACT Occupation List
Source: Getty Images

යාවත්කාලීන කළ ACT රැකියා ලැයිස්තුව

131112Sales & Marketing Manager
131113Advertising Manager
133111Construction Project Manager
225311Public Relations Professional
232111Architect
232112Landscape Architect
232411Graphic Designer
232412Illustrator
232414Web Designer
232511Interior Designer
233211Civil Engineer
233212Geotechnical Engineer
233213Quantity Surveyor
233214Structural Engineer
233911Aeronautical Engineer
233911Agricultural Engineer
233913Biomedical Engineer
233914Engineering Technologist
233915Environmental Engineer
233916Naval Architect
241111Early Childhood (Pre-Primary School) Teacher
241213Primary School Teacher
249311Teacher of English to speakers of other languages
251211Medical Diagnostic Radiographer
251212Medical Radiation Therapist
251213Nuclear Medicine Technologist
251214Sonographer
252411Occupational Therapist
252511Physiotherapist
252711Audiologist
252712Speech Pathologist
253111General Practitioner
253112Resident Medical Officer
254111Midwife
254311Nurse Manager
254411Nurse Practitioner
254412Registered Nurse (Aged Care)
254413Registered Nurse (Child & Family Health)
254414Registered Nurse (Community Health)
254415Registered Nurse (Critical Care & Emergency)
254416Registered Nurse (Developmental Disability)
254417Registered Nurse (Disability & Rehabilitation)
254418Registered Nurse (Medical)
254421Registered Nurse (Medical Practice)
254422Registered Nurse (Mental Health)
254423Registered Nurse (Perioperative)
254424Registered Nurse (Surgical)
254425Registered Nurse (Paediatrics)
254499Registered Nurses (nec)
261212Web Developer
271311Solicitor
272311Clinical Psychologist
272312Educational Psychologist
272313Organisational Psychologist
272314Psychotherapist
272399Psychologists (nec)
272511Social Worker
272612Recreation Officer
272613Welfare Worker
321211Motor Mechanic (General)
321212Diesel Motor Mechanic
321213Motorcycle Mechanic
321214Small Engine Mechanic
322311Metal Fabricator
322313Welder (First Class)
324111Panel beater
331111Bricklayer
331112Stonemason
332211Painting Trades Workers
333211Fibrous Plasterer
333212Solid Plasterer
334111Plumber (General)*
334112Aircon. & Mechanical Services Plumber *
334113Drainer *
334114Gasfitter *
334115Roof Plumber *
341111Electrician (General) *
341112Electrician (Special Class) *
341113Lift Mechanic *
342111Air-conditioning & Refrigeration Mechanic *
351311Chef
391111Hairdresser
394111Cabinetmaker
411411Enrolled Nurse

*  Registration or licencing is required

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


4 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now