මෙල්බර්න් ගුවන්තොටුපොළ වෙත ඉදි කිරීමට අපේක්ෂිත Melbourne Airport rail link හෙවත් මෙල්බර්න් ගුවන්තොටුපොළ දුම්රිය මාර්ගය සඳහා වූ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison සහ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පසුගිය දා අත්සන් තැබීය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 10 ක මුල්‍ය ප්‍රතිපාදන පිරි නැමීමට දෙපාර්ශවයම පොරොන්දු වී ඇත.

Melbourne Airport rail link ව්‍යාපෘතිය
ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලතම ගුවන් තොටුපොළ වලින් ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන මෙල්බර්න් ගුවන් තොටුපොළ වෙත ගමන් ගන්නා ගුවන් මගීන්ගේ පහසුව උදෙසා මෙලෙස මෙල්බන් ගුවන්තොටුපොළ දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අදහස් කළේය.
ඒ හරහා මෙල්බන් ගුවන්තොටුපොළ වෙතට සහ ඉන් පිටතට නිර්මාණය වන මාර්ග තදබදයද අවම කිරීමට හැකිවෙතැයි ඔවුන් අපේක්ෂා කරයි.
වසර 9 ක ඉදිකිරීම් ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත මෙම ව්‍යාපෘතිය 2022 වසරේදී ආරම්භ කිරීමට සූදානම් බව සඳහන්.
මේ සඳහා ඇස්තමේන්තු ගත පිරිවැය ඩොලර් බිලියන 8 -13 ත් අතර වෙයි.
මෙල්බර්න් නගරයේ දුම්රිය පද්ධතිය සමග මෙල්බන් ගුවන්තොටුපොළ සම්බන්ධ කරමින් මෙම මෙල්බන් ගුවන්තොටුපොළ දුම්රිය මාර්ගය ඉදිවනු ඇත.
එමෙන්ම මේ දිනවල ඉදිවෙමින් පවතින Metro Tunnel දුම්රිය මාර්ගය මෙන්ම නුදුරේදී මෙල්බර්න් උප නගර යා කරමින් ඉදිකිරීමට නියමිත suburban rail loop දුම්රිය මාර්ගයද මීට සමබන්ධ කිරීමට ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

ව්‍යාපෘතියේ මූලික අපේක්ෂාවන්
- මෙල්බර්න් ගුවන් තොටුපොළ වෙත මිනිත්තු 30 කින් ළඟා වීමට ගුවන් මගීන්ට හැකිවීම.
- සෑම මිනිත්තු 10 කට වරක්ම දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම.
- මෙල්බර්න් ගුවන් තොටුපොළේ පැය 24 මෙහෙයුම් වලට සමගාමීව දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීම.
- අඩු ප්‍රවාහන වියදම.
- මෙල්බර්න් ගුවන් තොටුපොළ ආශ්‍රිත මහා මාර්ග වල වාහන තදබදය අවම කිරීම.
- අනෙක් ප්‍රවාහන සේවාවන් සමග සම්බන්ධ වෙමින් මෙල්බන් ගුවන් තොටුපොළ වෙත සෘජු ගමන් ක්‍රියාත්මක කිරීමට සැමවිටම උත්සහ කිරීම. මෙමගින් transfers හෙවත් අතරමග මාරුවීම් හැකි තරම් අවම කිරීම.
- ගුවන් මගීන්ගේ ගමන් මළු (අතේ ගෙන යන සහ විශාල ප්‍රමාණයේ ගමන් මළු) සඳහා පහසුකම් සැලසීම.
- අනෙකුත් දුම්රිය සේවා සහ මාර්ග පද්ධති වලින් එල්ල වන බලපෑම් අවම කිරීම.

මෙල්බර්න් ගුවන් තොටුපොළ
මෙල්බර්න් ගුවන්තොටුපොළ වසරකට ගුවන් මගීන්ගේ ගුවන් ගමන් මිලියන 30 කට පමණ සේවා සපයන අතර ඉදිරි වසර 20 තුළ එම ප්‍රමාණය දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
SBS පුවත් සේවය වාර්තා කරන අන්දමට 2016/17 වසරේදී මෙල්බර්න් ගුවන්තොටුපොළ ගුවන් මගීන්ගේ ගුවන් ගමන් මිලිඅන 35 ක් මෙහෙයවා ඇති අතර වසර 2038 වන විට එම ප්‍රමාණය මිලියන 67 ක් අනු ඇතැයි අපේක්ෂා කරයි.
සාමාන්‍ය සතියේ දිනක මෙල්බර්න් ගුවන් තොටුපොළ මගී ගුවන් ගමන් 107,000 කට සේවා සපයන බවද වාර්තා වේ.
මීට අමතරව මෙල්බර්න් ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටව යන වාහන වලින් 75%ක් පමණ භාවිත කරනුයේ Tullamarine Freeway මාර්ගය බවද සඳහන්.
මෙල්බර්න් ගුවන් තොටුපොළ වෙත පුද්ගලික වාහන වලින් තොරව Skybus, hotel bus, tour bus හෝ කාලසටහන් ගත කරන ලද බස් රථ සේවා වලින් පැමිණෙන ප්‍රතිශතය 20% ක් පමණක් බවත් ගණන් බලා තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

