වසර 2019 - 20 සඳහා වූ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය එළඹෙන අප්‍රේල් 02 වන දින ඉදිරිපත් කිරීමට නියමිතය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය සෑම වසරකම මැයි මාසයේ ඉදිරිපත් කෙරුණද මෙවර එය අප්‍රේල් මාසයට පත්ව ඇත්තේ එළඹෙන මැයි මාසයේදී ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන්ය.

ආදායම් බදු
ඔස්ට්‍රේලියාවේ සෑම අය වැයකම පාහේ ප්‍රධාන මාතෘකාවලින් එකක් වනුයේ ආදායම් බදුය.
පසුගිය අය වැයේදී ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ආදායම් බදු කප්පාදුවක් ගෙන ඒමට ඔස්ට්‍රේලියානු ලිබරල් සන්ධාන රජය තීරණය කළේය.
2018-19 අය වැයේ ආදායම් බදු
2018-19 අය වැයේ දී ආදායම් බදු සම්බන්ධයෙන් පහත සඳහන් තීරණ ගනු ලැබීය.
2018-19 මුදල් වර්ෂයේ සිට මිලියන 10 ක පමණ අඩු ආදායම් සහ මධ්‍යම ආදායම් ලබන සේවකයින් හට වසරකට ඩොලර් 530 ක නව බදු සහනයක් හිමිවිය.
2018 වසරේ ජූලි සිට වාර්ෂික ආදායම ඩොලර් 87,000 ත් 90,000 ත් අතර වන පුද්ගලයින්ට 37% ක බදු අනුපාතය වෙනුවට 32.5% ක බදු අනුපාතයකට යටත් වීම.
2022 – 2025 සිට බහුතරයක් ඔස්ට්‍රේලියානු වාසීන් 32.5% අඩු බදු ප්‍රතිශතයකට යටත් වීම නිසා ගෙවන ආදායම් බදු ප්‍රමාණය අඩු වීම.
වසර 2025 වන විට 95% ක් පමණ ඔස්ට්‍රේලියානුවාසීන් ගෙවන බදු ප්‍රතිශතය 32.5% ක් වීම.

අනාගතයේ ආදායම් බදු ගෙවීම
වසර 2021-22 වන විට ඔස්ට්‍රේලියාවේ සේවය කරන සේවකයින් උපයන සෑම ඩොලරයකටම ශත 20 ක් බදු ලෙස අහිමිවන බව Deloitte Access Economics හි විශ්ලේෂණ වාර්තාව අනාවරණය කරයි.
ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ඔස්ට්‍රේලියානුවාසීන් ආදායම් බදු ගෙවනු ලබන දෙවැනි ඉහළතම කාලවකවානුව ලෙස එය හැඳින්වේ.
1999-2000 මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ඉහළම බදු ගෙවීමට ඔස්ට්‍රේලියානුවාසීන් හට සිදුවූ අතර භාණ්ඩ මත එකතු කළ බද්ද හෙවත් GST බද්ද හඳුන්වා දීම එහිදේ සිදුවිය.
මෙවර ඔස්ට්‍රේලියානු අය වැයෙන් තවමත් ආදායම් බදු පිළිබඳ හෝ අනෙකුත් බදු පිළිබඳව එතරම් ප්‍රකාශයට පත් නොවී තිබීමද තවත් විශේෂත්වයකි.

2018-19 අය වැයේ ආදායම් බදු කප්පාදුව
2018-19 අය වැය අනුව 2018/19 මුදල් වර්ෂයේ සිට මිලියන 10 ක පමණ අඩු ආදායම් සහ මධ්‍යම ආදායම් ලබන සේවකයින් හට නව ආදායම් බදු සහනය හිමිවීම ආරම්භ විය.
ඒ අනුව වාර්ෂික ආදායම ඩොලර් 37,000 දක්වා උපයන පුද්ගලයින් හට 2018 ජූලි සිට ඩොලර් 200 කින් පමණ තමන්ගේ ආදායම් බදු කප්පාදුවක් දැකිය හැකි වෙයි.
මීට අමතරව වාර්ෂික ආදායම ඩොලර් 41,000 සිට 90,000 දක්වා උපයන පුද්ගලයින් හට පසුගිය ජූලි සිට ඩොලර් 530 ක උපරිම ආදායම් බදු සහනයක් හිමිවිය.
එමෙන්ම වාර්ෂික ආදායම ඩොලර් 87,000 ත් 90,000 ත් අතර වන පුද්ගලයින්ට මෙතෙක් කලක් බලපෑ 37% ක බදු අනුපාතය වෙනුවට 32.5% ක බදු අනුපාතයකට යටත් වීමද පසුගිය අය වැය යෝජනා යටතේ විය.
වාර්ෂික ආදායම ඩොලර් 20,000 කට වඩා අඩු පුද්ගලයින් හට ආදායම් බදු සහනයක් නොලැබෙන අතර ඩොලර් 100,000 ක් උපයන පුද්ගලයින් හට ඩොලර් 515 බදු සහනයක් හිමි වේ.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------

