තම කාර්යමණ්ඩලයට Uber පහසුකම ලබාදෙන හාම්පුතුන්ට බදු සහන ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කරයි. (SBS සිංහල/ වාර්තා)

Uber

طبق قوانین کار آسترالیا، رانندگان شرکت‌های هم‌سفری و پیک‌های غذارسان آن‌ها پیمان‌کاران مستقل محسوب می‌شوند. Source: Pixabay

තම සේවා ස්ථානයේ සේවකයින් හට සාමාන්‍ය බලපත්‍රලාභී කුලී රථ සේවාව හෙවත් Licence Taxi වලට අමතරව Uber වැනි ride-sharing (ගමනක කුලිය පුද්ගලයින් කිහිප දෙනෙකු එකතුව බෙදා ගැනීම) සේවාව ලබා දෙන කුලී රථ සේවා ද ලබාගැනීමට ඉඩ ලබාදෙන සේවා යෝජකයින් (Employers) හට බදු සහන ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කොට තිබේ. මධ්‍යම රජය මගින් සම්මත කල පනතකට අනුව සේවා යෝජකයින් හට මෙම බදු සහන ලබාගත හැකි වේ.

Uber කුලී රථ රියදුරන්ද, සාමාන්‍ය කුලී රථ සේවා රියදුරන් මෙන් GST බදු ගෙවීම සිදුකලයුතු බව ඕස්ට්‍රේලියානු බදු කාර්යාංශය මීට පෙර සඳහන් කළේය. කෙසේ වෙතත් වසර ගණනක් තිස්සේ සිදුකල සාකච්චා වල ප්‍රතිපලයක් වශයෙන් පෙර පැවති 1986 Fringe Benefits බදු තක්සේරු පනතේ සංශෝධන සිදු කිරීමට මධ්‍යම රජය තීරණය කොට තිබේ. මෙහි ප්‍රතිපලයක් වශයෙන් බලපත්‍රලාභී කුලී රථ සේවාව හෙවත් Licence Taxi  සේවා භාවිත කිරීම මගින් ව්‍යාපාර වලට ලැබෙන බදු සහන Uber සේවාව භාවිත කිරීම මගින්ද මගින්ද ලබාගැනීමට ව්‍යාපාර  වලට අවස්ථාව හිමිවේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


මෙම නව නීතිය අනුව "Taxi" යන යෙදුම "a motor vehicle used for taxi travel" ලෙස ආදේශ වන අතර Ride Share පහසුකම පවතින සමාගම් (FBT) හෙවත් Fringe Benefits බද්දෙන් නිදහස් කොට තිබේ.

Taxi
Source: Pixabay

නව නීතින් පිළිබඳව සිය අදහස් පළකරමින් ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ Uber for Business ව්‍යාපාර කළමනාකාරිනී Georgia Foster පවසන්නේ ඕස්ට්‍රේලියානු ව්‍යාපාර ක්ෂේස්ත්‍රය සඳහා විශාල සහායක් ලබාදෙමින් මධ්‍යම රජය ගත් මෙම තීරණය අගය කරන බවයි. ඇය පෙන්වා දී ඇත්තේ මෙම වෙනස්වීම් මගින් සිය සේවකයින්ගේ ප්‍රවාහන සේවා වෙනුවෙන් ව්‍යාපාර වලට දැරීමට සිදුවන වියදම්, මාර්ග කිහිපයක් ඔස්සේ අඩු වන බවයි.

මේ වනවිටත් ඕස්ට්‍රේලියානු ව්‍යාපාර දහස් ගණනක් සිය ප්‍රවාහන සගයා වශයෙන් Uber සේවාව භාවිත කරන අතර සේවකයින් බොහෝ පිරිසක්ද Uber සේවාව ලබාගැනීමට විශාල නැඹුරුවක් පවතී. මෙම නව නීතීන් මගින් සේවකයින් හටද තම සේවා යෝජකයා මගින් ප්‍රවාහන වියදම් ලබාගැනීමට හැකියාව හිමි වේ.


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


(FBT) හෙවත් Fringe Benefits බදු ක්‍රමය මුල් වරට 1995 වසරේදී හදුන්වා දී ඇති අතර එවකට ride-sharing පහසුකම තිබී නොමැත. කෙසේ වුවද මේ වන විට එම පහසුකම ඔස්ට්‍රේලියාව තුල සෑම ප්‍රාන්තයකම සහ ටෙරටරියකම ව්‍යාප්තව පවතින අතර එය සුවිශේෂී පහසුකමක් වශයෙන් සැලකේ.

ඕස්ට්‍රේලියානුවන් මිලියන 3.8ක් Uber සේවාව ලබාගන්නා අතර රියදුරන් 74,000 ක් පමණ සේවයේ නිරතව සිටී.


2 min read

Published

Updated

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now