වැඩිහිටි සංක්‍රමණික ඉංග්‍රීසි වැඩසටහන ඔස්ට්‍රේලියාව තුල සමාජ සහජීවනය ඉහල නැංවීම සඳහා රජය මගින් ගනු ලබන එක් පියවරක් වේ.
ඕස්ට්‍රේලියා ඩොලර් බිලියනයක පමණ වන Adult Migrant English Program (AMEP) ලෙස හැඳින්වෙන මෙම වැඩසටහන මගින් ඔස්ට්‍රේලියාවට පැමිනෙන වැඩිහිටි සංක්‍රමණික ප්‍රජාව හට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට සහ තම ඉංග්‍රීසි දැනුම ඉහල නංවා ගැනීමට හැකියාව හිමි වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙම වැඩසටහනෙහි නව සංක්‍රමණිකයන් සඳහා වැඩි නම්‍යශීලීත්වයක් සහ වැඩි පැය ගණනක් හිමිවන පරිදි වෙනස්කම් සිදුකර ඇති අතර මෙමගින් නව සංක්‍රමණික ප්‍රජාව හට රැකියා ලබාගැනීමේ වැඩි ඉඩ ප්‍රස්තාවක් හිමිවන බව සංක්‍රමණ, පුරවැසිභාවය, සංක්‍රමණ සේවා සහ බහු සංස්කෘතික කටයුතු අමාත්‍ය Alan Tudge නිවේදනය කොට තිබේ.
මේ වනවිට මෙම වැඩසටහන පැය 510ක් කාලයක් පැවැත්වෙන නමුත් ඒ සඳහා සහභාගී වන්නන් පැය 300 කාලයක් පමණක් සම්පුර්ණ කරන අතර එමගින්ද 21% පිරිසක් මුලික ඉංග්‍රීසි අධ්‍යාපනයක් නොලබන බවද අමාත්‍යවරයා සඳහන් කොට තිබේ.

වාර්තාවන්ට අනුව මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල ප්‍රවීණ ඉංග්‍රීසි දැනුමක් නොමැති පුද්ගලයින් සිටින අතර මෙය සංක්‍රමණික පිරිස සඳහා රැකියා ලබ ගැනීමේදී දැඩි බාධාවක් බවට හඳුනාගෙන තිබේ.
අමාත්‍ය Alan Tudge පෙන්වා දේ ඇත්තේ වාර්තාවන්ට අනුව 2006 වසරේදී ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට නොහැකි පුද්ගලයින් 560,000ක් සිට ඇති අතර එය 2016 වසරේදී 820,000ක් ලෙස වාර්තා වේ ඇති බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් කම්කරු පක්ෂය සඳහන් කොට ඇත්තේ තම පක්ෂය මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය සම්බන්ධයෙන් රජය සහ විවිධ සංස්කෘතික කණ්ඩායම් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
විපක්ෂයේ බහු සංස්කෘතික කටයුතු ප්‍රකාශක Andrew Giles සඳහන් කොට ඇත්තේ සංක්‍රමණිකයන් හට සිය ඕස්ට්‍රේලියානු ජීවිතයට පුර්ණ සහභාගීත්වයක් ලබාදීම සඳහා ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්වය ඉතා වැදගත් වන බවයි.
මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු සමාජය තුල සහජීවනය ඉහල නැංවීමේ කාර්යය සඳහා රජය සිදු ගනු ලබන ප්‍රයත්නයන්හි එක ප්‍රධාන අංගයක් වේ.
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය
ඕස්ට්‍රේලියානු රජය පුරවැසිභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර "ඕස්ට්‍රේලියානු සාරධර්ම" පිලිබඳ නව ප්‍රශ්න ඇතුලත්කරමින් පුරවැසි පරීක්ෂණය යාවත්කාලීන කිරීමට නියමිතයි.
2019-20 මුල්‍ය වසරේදී පුද්ගලයින් 200,000කට වැඩ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගෙන තිබේ.
අමාත්‍ය Alan Tudge සඳහන් කොට ඇත්තේ සමාජය තුල ද්විත්ව භාෂා කුසලතා ඇති නිලධාරීන් බිහි කිරීම් සඳහාද රජය මගින් වැඩපිළිවෙල සකසන අතර ඔස්ට්‍රේලියාව තුල සාරධර්ම ශක්තිමත් කිරීම සහ පොදු භාෂාව ශක්තිමත් කිරීම මගින් රට තවදුරටත් එක්සත් වන බවයි.
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

