Key Points
- 2023 වසරේදී ආසන්න වශයෙන් සුදුසුකම් ලත් ළමුන් 140,000 කට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබා දීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 270ක් ආයෝජනය කරයි.
- එය සෑම වසරකම එක් දරුවෙකු සඳහා ඩොලර් 2,500 දක්වා එක් පවුලකට ඉතිරි කර දෙයි
- මෙහිදී සතියකට පැය 15 ක පෙර පාසල් වැඩසටහනක් අවුරුදු හතරක දරුවන්ට ලබා ගත හැකිය.
- තුන් හැවිරිදි දරුවන්ට සතියකට පැය 5 සිට 15 දක්වා පෙර පාසල් වැඩසටහනක් ලබා ගත හැකිය.
2023 වසරේ සිට පෙර පාසල් වියෙහි සිටින සෑම දරුවෙකුම නොමිලේ ලබාදෙන නව පෙර පාසල් වැඩසටහන සඳහා ලියා පදිංචි කරන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත රජය සෑම වික්ටෝරියා ප්‍රාන්ත පවුලකින්ම ඉල්ලයි.
වික්ටෝරිය ප්‍රාන්ත රජයේ මුල් ළමාවිය සහ Pre-Prep පිළිබඳ ඇමතිනි Ingrid Stitt අගෝස්තු 11 වන දින නොමිලේ ලබාදෙන පෙර පාසල් වැඩසටහනේ අරමුදල් ප්‍රකාශයට පත් කළාය.
ගුණාත්මක ළමා අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රවේශයක් ලබා ගැනීම තුළින් දරුවන්ට වඩා පුළුල් අනාගතයක් දැකීමට සහ වික්ටෝරියානු පවුල්වල ජීවන වියදම අඩු කිරීමට මෙය උපකාරී වනු ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ නොමිලේ පෙර පාසල් වැඩසටහන
2023 වසරේදී ආසන්න වශයෙන් සුදුසුකම් ලත් ළමුන් 140,000 කට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබා දීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 270ක් ආයෝජනය කරයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ අරමුදල් සහිත ළදරු පාසල් වැඩසටහනක් ලබා දෙන සියලුම early childhood education and care providers හෙවත් මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණය සපයන්නන් වසර 2023 සිට නොමිලේ පෙර පාසල් වැඩසටහනේ අරමුදල් ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
එය සෑම වසරකම එක් දරුවෙකු සඳහා ඩොලර් 2,500 දක්වා එක් පවුලකට ඉතිරි කර දෙයි.
අරමුදල් සහිත ළදරු පාසල් වැඩසටහනකට ඇතුළත් වූ ළමුන් සඳහා ස්වාධීන ළදරු පාසලේ සහ long day care හෙවත් දිගු දිවා සුරැකුම් මධ්‍යස්ථාන දෙකෙහිම මෙම නොමිලේ දෙන පෙර පාසල් අරමුදල් ලබා ගත හැකිය.
මෙහිදී සතියකට පැය 15 ක පෙර පාසල් වැඩසටහනක් අවුරුදු හතරක දරුවන්ට ලබා ගත හැකිය.
එමෙන්ම තුන් හැවිරිදි දරුවන්ට සතියකට පැය 5 සිට 15 දක්වා පෙර පාසල් වැඩසටහනක් ලබා ගත හැකිය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
බහුතර ළමුන්ට අවස්ථාවක් සහ කාන්තාවන්ට වැඩි රැකියා අවස්ථා
වසර 2032 වන විට පැය 30ක ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් මත පදනම් වූ ඉගෙනීම සමඟින් Four-Year-Old Kindergarten සිට Pre-Prep මාරු කිරීම සඳහා කම්කරු රජය ඉදිරි දශකය තුළ ඩොලර් බිලියන 9ක් ආයෝජනය කරනු ලබයි.
රජය සතු childcare මධ්‍යස්ථාන 50ක් ඉදි කර වැඩිපුර ළමුන්ට අවස්ථාවක් ලබාදෙන අතරේ කාන්තාවන්ටද වැඩි රැකියා අවස්ථා සැපයීමට එය අරමුණු කරගනී.
මෙම සැලකිය යුතු ප්‍රතිසංස්කරණයට සහාය වීම සඳහා ඉදිරි දශකය තුළ අමතර ගුරුවරුන් සහ අධ්‍යාපනඥයින් 5,000ක් අවශ්‍ය වන බව ඇස්තමේන්තු කර ඇත.
Free Kinder යනු සෑම දරුවෙකුටම හොඳම ජීවිතයක් සඳහා හොඳම ආරම්භය ලබා ගැනීමට සහාය වීම පිණිස වික්ටෝරියා ප්‍රාන්තයේ මුල් වසරවල අධ්‍යාපනය සඳහා කම්කරු රජය විසින් සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණයේ කොටසකි.
2023 Free Kinder වැඩසටහන සඳහා බඳවා ගැනීම් දැන් විවෘතව පවතී.
ඒ පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබාගත හැකිය.

